( චමිල් රූපසිංහ )
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු නායකයින්ට මෙන්ම බලයට ඒමට සිටින නායකයින්ටද ආදර්ශයක් සපයා තිබෙන බව දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනුනායක හිමියෝ පවසති.
“මියන්මාරයෙන් පරිත්‍යාග කරන ලද අලියා දළඳා මාලිගාවටත් රුසියාවෙන් ලැබුණු අසිපත ජාතික කෞතුකාගාරයටත් පරිත්‍යාග කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට විදේශ රටවලින් ලැබෙන වටිනා ත්‍යාග පොදු ජන සුබසිද්ධිය පිණිස පූජා කරද්දී ඇතැම් දේශපාලනඥයින් තමන්ට ලැබුණු ත්‍යාග පෞද්ගලික කෞතුකාගාර ඉදි කරමින් තම සන්තකයේ තබා ගත්තා“යැයි ද ඒ හිමියෝ කියති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා අද (13) පෙරවරුවේ මල්වතු මහ විහාරයට ගොස් අනුනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ විමලධම්ම අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අනුවණ මිනිස්සු. මේ ලැබෙන්නේ රජ්ජුරුවන්ට මිස මෛත්‍රිපාල මහතාට නොවෙයි.
හාමුදුරුවනේ අසිපත කියන්නේ හිංසාවට ගන්න ආයුධයක්නේ.
ආණ්ඩුව වෙනස් වෙච්ච හැටියේ රන්ජන් රාමනායක අරලිය ගහ මන්දිරයට ගිහින් කඳු අරගෙන ඔළුව වටේ කරකවලා පෙන්නුව දකින්න නැතිව ඇති. ඒ රාජ්‍ය නායකයා හැටියට මහින්ද මහතාට විදෙස් රටවලින් තෑගි ලැබුණු ඒවා. ඒවා මැදමූලනට ගෙනිච්චේ නැහැ. පුද්ගලික කෞතුකාගාර හැදුවේ කොයි නායකයාද හාමුදුරුවනේ?
ගරුතර ස්වාමීන් වහන්ස, අදහස් ප්‍රකාශ කිරීමේදී පරිස්සම් වෙන්න.
කෝට්ටේ පන්සලේ තිබුණු සපුමල් කුමාරයාගේ කඩුවත් ඉවරයි හාමුදුරුවෝ මරලා තවත් මල් කුමාරයෙක්ට කඩුව හොරකම් කරලා වැලිකඩ බෝඩිමට ගිය මන්ජුශ්රීත් නම අඬගහලම ඉවරකලා. දැන් ඉතින් සාක්ෂිත් ඉවරයි..!