වත්මන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ඇත්තේ මහින්ද ගෝඨාභයලා විමල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ රට වෙනුවෙන් කථා කරන ජාතික නායකයින් සිරගත කර ප්රජාතන්ත්ර විරෝධි ඒකාධිපති වියරුවකින් යන ගමනක් යැයි මොනරාගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පැවසීය.
මේ ආණ්ඩුව එන්න හදන්නේ කලූ ජූලි හැදූ , ටයර් සෑ හැදූ යුගයකට නම් එය කිසිසේත්ම කරන්නට ප්රජාතන්ත්රවාදය ගරුකරන ජනතාව ඉඩ නොදෙනු ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද(31)පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට වගේ බලයක් මේ ආණ්ඩුවට තිබ්බනම් රටත් විකුණලා ඉවරයි (බ)
ඈ මහත්තයෝ, මහින්ද ඉන්නකොට ඔයා හිටියේ කොහෙද? (නි)
පහුගිය ආණ්ඩුව කාලේ, මේ වගේ උදවියගේ කටවල්වලට ලයිසන් නැහැ. වකුටුවෙලා නකුට ගහන් හිටියේ කකුල් දෙක අස්සේ. ඒ ආණ්ඩුව කාලේ කරපු දේවල්වලට, කිසි විරෝධයක් හෝ කරන්න තරම්වත් කොන්ද පණ නැතුව හිටපු ඔය සෙට් එකට දැන් වෙන දේවල් සම්බන්ධව කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. (බ)
කතා අහලා අපිට ඇතිවෙලා (නි)
අපි එහෙනම් සුදු වෑන් යුගය ගැන කතානොකරම ඉඳිමු නේද? (නි)
කලින් ආණ්ඩුව පරාජය වන්නට හේතුවූ කරුණු මෙම ආණ්ඩුව විසින්ද කරගෙන යන බව ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයක් (ම)
ඔන්න ඔහොම ඉඳහිට මොකුත් නොකිව්වොත් මේ කවුද කියලා අපට අමතක වෙන්න පුළුවන්. (නි)
අන්න එ්කට පසුගිය රජය..! නේද පද්ම උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමා..? (නි)
හීනෙන් බයවෙලා කියන කතාවලට අපි අනුකම්පා කරමු (ම)
ගුණසේකර වැනි දේශපාලුවෝ රටට විනයක් බව බුද්ධිමත් ජනතාව තේරැම් ගෙන අැත. (අ)
ඔබ තුමන්ලාගේ රංගනයේ දායකත්වයට උර දෙන්න දැන් ජනතාව පෙළගැසෙන්නේ නැහැ. (ම)
විමල්ට හොකම් කරන්න දුන්නොත් ආණ්ඩුව හොදයි. විමල් වාහන අව බාවිත නොකළ බව කියන්නන් බැරි කටේ පිට්ටුද හොරුන්ට සිල් මතක් වෙන්න නීතියට කොටුවුනාම තවත් කෙනෙක් ලගදීම කතරගම යන්න පේවෙනවලු අනේ දෙවියනේ ඔබ වහන්සේලා හොරුන්ට පිහිට වෙනවද ? (අ)
18 සංශෝධනය ගෙනැල්ලා, අග විනිසුරු ඉවත් කරලා පවුල්වාදය ස්ථාපිත කරලා මිනී මෝරු තටාක හදලා සුදු වෑන් වලින් යසට ප්රජාතන්ත්රවාදය ගෙනාවා නේද? (බ)
සම්පුර්ණ ඇත්ත. (බ)