IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වෘත්තීය සමිතියක් කැබිනට් පත්‍රිකා පහක් යටකරගෙන

(රංජන් කස්තුරි)

පරිපාලන නිලධාරීන්ට විධායක ශ්‍රේණිය ලබාදීම සඳහා විටින් විට සකස් කළ සහ කැබිනට් මණ්ඩලය අනුමත කළ පත්‍රිකා 5 ක් එක්තරා ප්‍රබල වෘත්තීය සමිතියක බලපෑමෙන් ක්‍රියාත්මක කිරීම නතර වී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩු කිහිපයක් යටතේ සකස් කර තිබූ එම කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයෙන් අනුමතවී ඇතත් ක්‍රියාත්මක නොකිරීමට එම වෘත්ති සමිතියේ නායකයන් කටයුතු කරන කර තිබෙන බවද පැවසේ

පරිපාලන තනතුරු වන ප්‍රාදේශීය සභා ලේකම්, රෝහල් ලේකම් අධ්‍යාපන විද්‍යා පීඨ ලේකම්, කාර්මික විද්‍යා ලේඛකාධිකාරී අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල පරිපාලන නිලධාරීන් මේ නිසා වසර 20 කට අධික කාලයක් තිස්සේ දැඩි අසාධාරණයට පත්ව සිටින බවද පැවසේ

මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතාගෙන්   කළ විමසීමකදී මෙසේ සඳහන් කළේය.

ප්‍රාදේශීය සභා ලේකම් තනතුරු 276 ක තම සේවාවේ නිලධාරින් සිටියද ඔවුන්ට මීට පෙර හිමිව තිබූ විධායක ශ්‍රේණියේ උසස් වීම අහිමිකර තිබෙනවා.

ප්‍රාදේශීය සභාවල සහ රජයේ දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවල ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්, පරිපාලන නිලධාරීන් වැනි ඉහළ වගකීම් රැසක් පරිපාලන නිලධාරීන් හොඹවන නමුත් ඔවුන්ට අහිමි කළ විධායක ශ්‍රේණිය නැවත ලබා නොදීමට එක්තරා ප්‍රබල වෘත්තිය සමිතියක් කටයුතු කරමින් සිටින බවද ධර්මසේන මහතා පැවසීය.

 



අදහස් (4)

වෘත්තීය සමිතියක් කැබිනට් පත්‍රිකා පහක් යටකරගෙන

සමන් Thursday, 27 February 2025 06:23 PM

පරිපාලන කිව්වට ඔවුන්ගේ සේවය කලමනාකරණ සහකාර මූලික සුදුසුකම අ.පො.ස. උසස් පෙළ. විශේෂ ශ්‍රේණියේ තවත් සේවාවන් තියෙනවා... මූලික සුදුසුකම උපාධිය තියන... එතකොට මෙයාලාට විධායක දුන්නාම ඒඅයට දෙන්නේ මොකක්ද?

:       2       17

රුවන්Thursday, 27 February 2025 10:55 PM

සමන්ගේ දැනුම අසම්පූර්ණයි. ප්‍රස්තූත කාරණයට අදාලව කළමනාකරණ සහකාර නම් තනතුරක් නැත. රාජ්‍ය සේවය ආරම්භ වූ යුගයේ පටන් සිටි සේවවාන් අතරින් එකකි මෙම සේවාව. තනතුරට පත් වන්නේ පිනට නොව තරඟ විභාගයකින් බුද්ධි මට්ටමකින් යුතු අයයි. උපාධිය ඇත්තවුන් මෙන්ම උපාධිය නැතත් විෂයානුබද්ධ දැනුමකින් යුතු ප්‍රතිශතයක්ද බඳවාගැනීමට ප්‍රතිපාදන ඇති බැවින් බොහෝ විධායක ශ්‍රේණියකම වාගේ එවන් පිරිසක්ද සිටී... අනාධිමත් කාලයක සිට මෙම තනතුරට පැවැති තත්වය 6/2006 හි සේවා මට්ටම් 4 න් අහිමි කර ඇත. කේවල් කිරීමේ බලය මත අසමතුලිතතා මතුවිය. පරිපාලන නිලධාරින්ට වඩා අඩු මට්ටම් වල නිලධාරීන් විධායක තත්වයට පත්කළ අවස්ථා පෙන්වා දිය හැකිය. ඔබ නියෝජනය කරන්නේ පසුකාලීනව ඇති වූ පදනමක් නැති තනතුරක් විය හැකිය. එය තරග විභාග සමත්වීම හා විෂයානුබද්ධ දැනුම හා සැසඳිය නොහැකියි. පරිපාලන නිලධාරියකු වන මා වෘත්තීය වටිනාකමක් සහිත උපාධියක් මෙන්ම උපාධියකට සමාන වසර හතරක HNDA මෙන්ම තවත් නූතන තාක්ෂණික පාඨමාලාද හදාරා ඇත. අද වන විට බොහෝ කලමනාකරණ සේවා නිලධාරීන්ට උපාධි ඇත. පරිපාලන නිලධාරියකු සැහැල්ලුකොට සැලකීම හීනෝද්මාන ලක්ෂණයකි. මා තුළ වෙනත් තනතුරකට ගැරහීම අරමුණක් නැත...

:       0       2

.....................Friday, 28 February 2025 02:41 PM

උපාධිය කියන්නේ උසස් පෙළ සමත්වෙලා අවුරුදු තුනක් ගිරව් වගේ වනපොත් කරලා වරින්වර මාරුකරමින් දෙන ප්‍රශ්නපත්‍ර වලට උත්තර ලියා වැඩි ලකුණු අරගෙන ගන්න එකක්. කළමණාකරන සේවා නිලධාරින් කියන්නේ රජයේ විභාගයකින් සමත්වෙලා අවම වශයෙන් අවුරුදු දහයක්වත් රාජකාරි කරලා හොඳ පුහුණුවක් සහිත පිරිසක්... ඔය අතරේත් උපාධිධාරීන් ඉන්නවා. උපාධිධාරීන් සියල්ල දත්තෝ නම් ඔවුන් රජයේ තරග විභාගවලට බියක් වන්නේ ඇයි? උදාහරණයක් හැටියට ගුරු සේවයට ගන්නා විභාගයට බිය ඇයි?

:       0       2

රංජිත් Friday, 28 February 2025 08:11 AM

වගකීම විතරයි. විභාගයක් තියලා නේද ගන්නේ? එක්කෝ උපාධිය ඕනේ විභාගය ලියන්න. නැතිනම් උපාධිය බලලා අත්දැකීම් එක්ක 25ට වැඩි අයට දුන්නොත් මොකද වෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 292 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 148 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 314 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1256 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 750 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 792 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1429 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1620 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 425 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site