(ලාල් එස් කුමාර)
ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය වැටහෙන බවත් ඒ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ෆොන්සේකා මහතා මේ බව පවසා සිටියේ කැලණියේදී අද (27 වැනිදා) පැවැති අවුරුදු උත්සවයකට සහභාගි වෙමිනි.
පසුගිය දිනක පැවති කැබිනට් සාකච්ඡාවකදී හමුදාපති හෝ ආරක්ෂක අංශ ප්‍රධානි තනතුර බාරගැනීමට සූදානම්දැයි ජනපතිවරයා තමන්ගෙන් විමසූ බවත් ඊට තමන් එම අවස්ථාවේදී ‘නැහැ‘ යැයි ප්‍රකාශ කළ බවත් ෆොන්සේකා මහතා කීවේය.
“වෘත්තීය සමිති ඇත්තේ ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් පියවර ගැනීමටයි. නමුත් ඔවුන් දේශපාලන හෙංචයියන් වී දේශපාලන අරමුණු සඳහා රජය කඩාකප්පල් කර රජය පෙරළීමට හදනවානම් එය වෘත්තිය සමිති අයිතිවාසිකමක් නොවේ“
“ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව ජනතාවට නිදහස දුන්නා. ඒ නිදහසෙන් අයුතු විදිහට ප්‍රයෝජන ගන්න හදනවා නම්, ජනතා ජීවිතය අඩපණ කරලා ජනතාවට හිරිහැර කරලා රාජ්‍ය තන්ත්රය අඩපණ කිරීමට හදනවානම් රජයක් විදියට ඒකට ඉඩදෙන්න බැහැ“
“ජනතාව වෙනුවෙන් ඒ අයට යම් යම් පියවර ගන්න වේවි“
“මේ දවස්වල වෘත්තීය සමිති වැඩ කරන හැටි මම දැක්කා. සල්ලි තියෙන දේශපාලනඥයින් මේ පිටුපස ඉන්නවා. එවැනි දේවලට ඉඩ දෙන්න බැහැ. රජය ආරක්ෂා කරන්න ඕනෑ“ යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබතුමා සමගයි.
ලංකාවේ පවතින්නේ වෘත්තිය සමිති වලට වඩා දේශපාලන පක්ෂ සමිති බව සමහර වෘත්තිය සමිතිවල නම්වලින් පේනවා
සරත් ෆොන්සේකා මැතිදුනි ඔබතුමා නිවැරදියි . ජනාධිපතිතුමාගේ ඉල්ලීම ඉටුකරන්න. ඔබතුමාට ජයවේවා .....!!!
සරත් ෆොන්සේකා මහත්තයාට ජයවේවා...
ජයවේවා
මෙතුමාට පොලිස්පතිකම දුන්නොත් තමා හොඳ. මොකද මේ රටට පිළිලයක් වෙලා තියෙන දේශපලුවන්වයි පාතලයයි නැති කරලා රටේ විනය හදයි නියම විදිහට ඒ වගේම ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ලෝකයේ විශිෂ්ට තත්වයකට ගෙනෙයි මෙතුමා.
ඉවසුවා හොඳටම ඇති නේද ?
වෘත්තීය සමිති විතරක් නෙමෙයි ඔය කවුරු කවුරුත් තම තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන එක හොදයි නේද ඇමතිතුමෝ.
මෙය මේ ජනතා ඡන්දෙන් පත්වෙච්ච කෙනෙක්ද?. අපි දන්නා විදියට මෙය ජනතා ඡන්දෙන් පැරදුන කෙනෙක්.
බොහොම හොද ප්‍රකාශයක්
ඉතා හොඳයි
රජයක් කියන්නේ ජනතාවගේ සල්ලි වලින් වැටුප් අරගෙන යානවාහන අරගෙන සුරසැප විඳින එකට නෙමෙයිනේ? මිනිස්සු කඩාකප්පල් කරන්න හදන්නේ ඒ නිසයි. ඔන්න රට සංවර්ධනය කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන ජාති හිතායිෂි ආණ්ඩුවක් පන්නන්න හදනවනම් උන්ව මර්ධනය කරන්න වෙනවා. ජපාන ආර්ථිකය වැටුණු වෙලේ ජපානය දියුණු කරන්න හදන වෙලාවෙත් රට පුර උද්ඝෝෂණ වැඩවර්ජන රැල්ලක් පැනනැගුන. එව්වා මර්ධනය කරලා වැඩට බැහැපු නිසා තමයි අද ජපානය මේවිදියට ඉන්නේ. ඔබතුම ඔය කට්ටිය මර්ධනය කරන අතරේම රටේ සල්ලි ගිලිමින් පරම්පරාවෙන් පරම්පරාවට මාරුවෙමින් වැජබෙන ඔය හොහපුටුවෝ රැලත් මර්ධනය කරන්න.
ඉස්සරහට වෙන්න යනදේනම් අපිට පැහැදිලියි.
තෙල් ටැංකි 75ක් අවුරුදු 70ක් ත්‍රිකුණාමලයේ තියෙනවා, මේකෙන් වැඩක් ගත්තෙත් නෑ, කාටවත් කුලියට දෙන්නෙත් නෑ, දවස් දෙකක් පෙට්‍රල් නැතුව රටම කෑවා
ඊට කලින් දේශපාලකයෝ තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරන්න මහත්තයෝ
කවුරුත් ආසාවට ස්ට්‍රයික් කරන්නේ නැ. මේකේ අදහස් දාල තියෙන අය පුදුම මිනිස්සු. රටේ ජනතාව අයිතිවාසිකම් දිනාගන්න හදනකොට එකට විරුද්ධ වෙලා පාලකයෝ සුර සැප විදින එක ගැන වචනයක් කතා නැහැ
තෙල් ටැංකි ගැන කියන කොට මතක් වෙන්නේ, බල්ලා පිදුරු කන්නෙත් නැහැ. කන ගොනාට දෙන්නෙත් නැහැ" කියන පැරණි පිරුලයි.
ඔබ යෝජනා කරනවා වුර්තීය සමිතිතමන්ගේ සීමාව දැනගෙන කටයුතු කලොත් හොද බව.එහි කිසි විවාදයක් නැහැ ඒවගේම .මම යෝජනා කරනවා ඔබට තමන්ගේ තරම [ ජනතා ප්‍රසාදය] දැනගෙන කටයුතු කලොත් හොද බව.මොකද නිකන් ආණ්ඩුවේ බිලි බෝයි කෙනෙක් වෙන්න එපා.
ජනතා චන්දෙන් පත්වූ ජනතාවට නිදහස දුන්න කිව්වට අද ජනතාවගේ ජන්ද බලය මැතිවරණ අයිතිය නැතිකරලා කියල ඔබට හැගෙන්නේ නැද්ද.
සමහර වෘත්තීය සමිති පසු ගියේ කාලේ කටේ ඇරියේ නැ.දැන් බඩේ අමාරුවත් වර්ජන මේවා නිසා ජනතාව තැලෙනවා පිඩාවට පත්වෙනවා. රජය මේවා ගැන අවදානය යොමු කල යුතුයි. වර්ජකයින් එලවා තරුණයින්ට රැකියා දෙන්ඩ සුදුසුයි.
ලංකාවේ වෘත්තීය සමිති ...දේසපාලන අතකොලුවෙලා ...මහජනයා පලිහක් කරගෙන . යනවිදියට සුදුවන් ගැලපේවි ඉදිරියේ ..!!
නිදහස පැත්තකින් තියල ...හොදින් බැරිනම් නරකින් විසදන්න ...මහජනයා අමාරුවේ ..
මේ විරෝධතා ...ඉදිරියේ බොරු සටන් පාට ... පසු පස දේසපාලනේ ඉක්මන් පියවරක් ගන්න ...!!!
ෆොන්සේකා මහතාට ජයවේවා .
ෆොන්සේකා මහතාට ජයවේවා! අපිට තනකොළ, පුන්නක්කු ලාබෙට තිබුණහම ඇති ....
වෘත්තීය සමිති... අරගල වලට දොස් කියන බොහෝදෙනා ...එම අරගල තුලින් ලබාගන්නා...සොච්චම් අයිතිවාසිකමක් හෝ භුක්ති විඳින්න පැකිලෙන්නේ නැත...ඔවුන්ට අරගල කිරීම... ලැබෙන දේ භුක්ති විඳීම හොඳය.
කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් කිව්වලු... අපි බලා හිඳිමු තිත්තය කොකාට කරන දේ ...
ෆොන්සේකා මහතාට යුද්ධෙත් එක්ක තිබුණු ගෞරවය, කරපු කතා නිසා ක්‍රමයෙන් අඩු උනා. දේශපාලනයට ඇවිල්ල එක තවත් අඩු කරගත්ත. කොටින්ම පක්ෂයක් හදාගෙන චන්දෙ ඉල්ලලා ලංකාවෙන්ම ගත්තේ ඡන්ද 28,000 නේ. එකෙන් පේනවනේ දැන් ඔහුට තියෙන ජනප්‍රියතාව.... මේ කරගන්න හදන්නේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර මේජර් වගේ තත්වෙකට බස්සලා නැතිම කරලා දමන්න. දැන්වත් බල ලෝභය අත හැරලා නියම සොල්දාදුවෙක් වගේ ඉන්නවා නම් පොඩ්ඩක්වත් ජාමේ බේරගන්න පුළුවන් ....
මෙයා සීමාවල් කියල දෙන්න හදනවා කොරල බලන්න නවතින්නේ කොහෙද කියල.