(ඩයනා උදයංගනී /ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දියානු ආධාර යටතේ දැනට ඉදිකෙරෙමින් පවතින නිවාස 4000ට අමතරව තවත් නිවාස 10,000ක් එම ජනතාව වෙනුවෙන් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
එමෙන්ම ඉන්දියාව මගින් මෙරටට ලබාදී බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක කෙරෙන ගිලන් රථ සේවාව සෙසු පළාත්වලටද ලබාදීමට පියවර ගන්නා බවද ඉන්දීය අගමැතිවරයා සඳහන් කළේය.
මීට අමතරව වතුකරයේ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ තත්ත්වය ඉහළ නැංවීම සඳහාද ඉන්දීය රජයේ සහයෝගය ලබාදෙන බව නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ නෝර්වුඩ් මහජන ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවට එක්වෙමිනි.
ඒ සඳහා වතුකරයේ අතිවිශාල ජනතාවක් සහභාගී වී සිටි අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එම ජනතාවගෙන්ඉහළ පිළිගැනීමක් ද හිමිවිය.




(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨ ජනපතිවරයෙක්.. ඔබට ජය !!!
අපේ රටේ දේශපාලනය කරන අයට මිනිසුන් හූ කියන නිසා වෙන රටවල නායකයින් කැඳවලා අපේ රටේ ජනතාව අමතන පළමු රට වෙන්න ඇති...
අපේ රටේ ගෙවල් ප්‍රශ්න වලට වඩා ඔබේ රටේ වැසිකිළි ප්‍රශ්නේ විසඳුවා නම් තමයි නේද වැදගත්....
දැනටමත් ඉන්න ඉඩ නැති රටේ එම නිවාස තට්ටු නිවාස ලෙස ඉදිකරනවා නම් කොයිතරම් අපූරුද?
මේය තුල භයානක දේශපාලන අරමුණක් ඇති බව පෙනේ
තට්ටු ගෙවල් දෙන්ඩ අපේ. තට්ටු නිවාස හද දෙන්ඩ. තනි නිවාස හැදීමෙන් වතු විනාශ වෙනවා.
අපේ ගම්වල දිළිඳු පවුල්වල තරුණ රූමත් විවාහක කතුන්ට බැල්ම හෙලන නාකි මිනිසුන් කසාද මිනිසාගේ නිවට කම හෝ නොදැනුවත් කම දඩ මීමා කරගෙන ඒ ගෙදරට බරටම කෑම බීම හා තෑගි බෝග අරන් එන සිරිතක් තියෙනවා. උඩින් පරිප්පු දැම්මත් වතුකරයේ අයට ගෙවල් හදල දුන්නත් දෙපැත්තෙන්ම හුවමාරු වෙන්නේ එකම ආකල්පයයි. මට ඇති එකම වේදනාව අප නිවට බව ඔවුන් දැන ගැනීමයි.
ලංකාවේ කොඩියෙන්, ඉන්දියාවේ කොඩියේ පාට නැතිවෙන එක තව තවත් කල් යයි වගේ. කමක්නැහැ ගන්න දෙයක් සිහි බුද්ධියෙන් ගන්න. ජපානය, චීනයේ අකුරු භාවිත කරාට, වෙනම ශබ්ද මාලාවක්, වෙනම ව්‍යාකරණ පද්ධතියක්. පිටින් ගන්න දේ ලංකාවට සුදුසුද කියල බලල ගන්න. ලංකාවට ඉන්දියාව වෙන්න ඕනෙත් නැහැ, චිනේ වෙන්න ඕනෙත් නැහැ, යුරෝපේ වෙන්න ඕනෙත් නැහැ. බලාගෙන!!. මෙතන මිනිස්සු රැස්වෙලා ඉන්නේ ඒගොල්ලන්ගේ ගැලවුම් කාරය ඇවිල්ල වගේ. ලංකාවේ මිනිසුන්ට ඔයිට වඩා හොඳ නිදහස් මනසිකත්වයක් තියෙන රටක් වුනොත් හොඳයි වගේ.