වත්මන් රජයේ දින සියයේ වැඩසටහන යටතේ පොරොන්දු වූ පරිදි වතුකම්කරුවකුට පර්චස් හතක 7 ඉඩම් කැබැල්ලක් සහිත තනි නිවාසයක් ලබාදීමට හැකි වූ බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. කම්කරු ජාතික සංගමයේ ස්වර්ණ ජයන්තිය අමතමින් තලවාකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවති උත්සවයකදී අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණයෙන් පසු වතුකරයේ අධ්‍යාපන තත්ත්වය හා යටිතල පහසුකම් නංවාලීමට පියවර ගන්නා බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ දින 100 කින් ඉඩම් කැබැල්ලක්. පරණ ආණ්ඩුවෙන් කරපුවා මේ අය කියනවා (නදී)
පරණ ආණ්ඩුවේ වැඩ අලුත් ලේබලයෙන් (නදී)
කියන දේ නිසි ලෙස ලැබෙන්නේ නැති එකනේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය.(හේ)
රෙදි අන්දන්න නෙමයෙි ඕනේ (බ)
ඡන්දය ගන්න රටම විකුණාපල්ලා ! (බ)
බොහොම හොඳ වැඩක් ඒ අය හරිම දුක් විඳින කොටසක්. කිහිප දෙනෙකුට හරි සතුටු ඇති. බොහොම හොඳ වැඩක්.(බ)
කලිනුත් කී දෙනකුට ඔය වගේ සළු ඇන්දුවද? අන්තිමට හැමෝගෙම රෙදි ගළවනවා. රට කරවන අයට මේවා වැටහෙන්නේ නැහැ. (නි)
සිංහල කෙනෙක් කොහොමද මේ වගේ ඉඩම් කැබැල්ලක් සහ ගෙයක් ලබාගන්නෙ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න. (නි)
අපි දන්නා දා පටන් අනේකවිධ බන්ධන දුක්ගැහැට ගැරහුම් අවමන් විඳිමින් ඔවුන් දුක්විඳින්නේ මේ සිංහල රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට බව සිතන්න!!එදා පටන් පොඩි කාමරයක මුළු පවුලක්ම අවම පහසුකම් විඳිද්දී මේ වගේ දෙයක් කළාට ඇති වරද මොකක්ක්ද?ඉදිරියටත් ඔවුන් උරදෙන්නේ අපේ රටේ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නොවේද? (නි)
ඉතින් හැම වත්තකම සේවකයන්ට වත්තෙන් පර්චස් හත හත දුන්නහම වතු ටික ඉබේටම නැතිවෙනවනේ. (නි)
රනිල් අගමැතිතුමනි, අපට ඔබ ආඩම්බරයකි. (නි)
වතුකරයේ මිනිසුන්ට ඉඩම් දෙන එක නම් හොඳයි. ඒත් වකුගඩු ලෙඩ නිසා, අලි කරදර නිසා ජීවිතය ගැට ගසාගන්න බැරුව අසරණ වූ සිංහල මිනිසුන් ගැනත් සිතන්න (නි)
එදා සුද්දා අල්ලාගත්තේ සිංහලයන්ගේ ඉඩම්. මේ වතු අසළ ජීවත්වෙන ඉඩම් නැති සිංහලයන්ට ඉඩම් ලැබෙනවාද? (නි)
දෙමළ වතු කම්කරුවන්ට තට්ටු නිවාස ඉදිකර දුන්නොත් හොඳයි. (නි)
අගමැතිතුමනි, ඔබ ගැන ඉතාමත් ආඩම්බරයි. ජාතීන් අතර සාමූහික බව ඇතිකළ හැක්කේ ඔබට පමණයි.(නදී)
වසර 2100 ලෝක ඉතිහාස පොත. එක් පරිච්චේදයක්. ''හෙළයන් නැති හෙළ බිම.'' (බ)
වතු කම්කරුවන් අපේ ආර්ථිකය ශක්තිමත් කරනවා. කරුණාකර සිංහල , දෙමළ, මුස්ලිම් වශයෙන් බෙදෙන්නේ නැතුව අපි ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ඉදිරියට සිතන්න පුරුදු වෙන්න. (නි)