2012 වසරේ වත්කම් හෙළි නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ නඩු පවරා ඇත.

වත්කම් හා බැරකම් පනතේ 9 (01) යටතේ ඔහුට චෝදනා ඉදිරිපත් කර ඇත.

ලබන 31 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග තිබේ.