(ඩයනා උදයංගනී)
වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදීම පැහැර හැරීම, එම ප‍්‍රකාශයේ අසත්‍ය තොරතුරු සඳහන් කිරීම සහ අවශ්‍ය අවස්ථාවන් හිදී අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අයකරනු ලබන දඩ මුදල රුපියල් ලක්‍ෂය දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මෙවැන්නක් සම්බන්ධයෙන් නීතියෙන් වැරදිකරු වන පුද්ගලයින්ට එරෙහිව වර්තමානයේදී පනවන දඩුවම වන්නේ රුපියල් දහසකට නොවැඩි දඩයක් හෝ වසරකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීම බව සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම දඩය රුපියල් ලක්‍ෂයක් දක්වා වැඩිකිරීම සහා අවශ්‍ය සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදනයට උපදෙස් දීමට අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද සම කැබිනට් ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳා හොඳා දියවන්නා ඔය "ලී මඩුවෙන්ම" පටන් ගමු, මොකද" දිරච්ච කැබිනෙට්ටුවත්" විකුණන්න තියෙනවා නොවැ. අනික ගමකට හොරෙන් කපපු අඹ ලී වලින් හදපු " .. පෙට්ටි" 200 වැඩිය තියනවා නොවැ. ඉතින් රටටම ආදර්ශයක් වෙන විදියට ඔතනින්ම ස්ටාර්ට් කළොත් යස අගේ.
ඔන්න විජේදාස ඇමතිතුමන්ට අවුරුදු දෙකක් තිස්සේ කරන්න බැරි වෙච්ච වැඩේ..
කැබිනෙට්ටුවෙ අයට ඕක අදාල වෙන්නෙ නැද්ද ?