(විනීතා එම් ගමගේ)
වතු කම්කරුවන් දෛනිකව කරන වැඩ ප‍්‍රමාණය වෙනුවෙන් ගෙවනු ලබන නිෂ්පාදන දිරි දීමනාව ක‍්‍රමානුකූලව කපා හරින බවට වතු වෘත්තිය සමිති චෝදනා කරයි.
සේව්‍ය සේවක දෙපක්ෂය එක්ව මෙම නිෂ්පාදන දිරි දීමනා ගැන තීරණය කරන නමුත් පසුගිය සමයේ හාම්පුතුන් එකඟතාවකින් තොරව දීමනා කපා හරින බව වතු වෘත්තිය සමිති නායකයෝ පවසති.
ඔවුන් මේ ගැන කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න මහතා වෙත වාර්තා කළ බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
නිෂ්පාදන දිරි දීමනාව කපා හැරීමට හාම්පුතුන් කරන්නේ දෛනිකව වැඩ ප‍්‍රමාණය ක‍්‍රමානුකූලව වැඩි කිරීම බවත්, එවිට දෛනික වැඩ කොටස සම්පූර්ණ කර ගත නොහැකි වූ විට දිරි දීමනාව කපා හරින බවත් වෘත්තිය සමිති පෙන්වා දෙයි.
මෙම කටයුත්ත සම්බන්ධව සේව්‍ය සම්මේලනය දැනුවත් කර මාස තුනක් ගතවී ඇතත් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති වීම ගැන වෘත්තිය සමිති අප‍්‍රසාදය පළ කර ඇත. මේ චෝදනා ලබා ඇති සමාගම් ගැන මසක් ඇතුළත තමන් වෙත වාර්තාවක් ලබා දෙන්නැයි කම්කරු අමාත්‍යවරයා දෙපාර්තමේන්තු නිලධාරින්ට උපදෙස් දි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd