
(අංජුල මහික වීරරත්න)
වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් වැඩිවීමක් මෑතකදී රජය විසින් ප්‍රකාශයට පත් කළ ද ඇතැම් වතු සමාගම් විසින් එම වැඩි කරන ලද වැටුප ගෙවිය නොහැකි බවට රජය වෙත නියෝජනයන් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පියවර තුනක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් වර්තමාන ජීවන වියදම සහ මෑත දී ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම් සැලකිල්ලට ගනිමින් වතු කම්කරුවකු වෙත ගෙවිය යුතු අවම වැටුප ඇස්තමේන්තු කිරීම,
එලෙස ඇස්තමේන්තු ගත කරන ලද වැටුප ගෙවීම සම්බන්ධයෙන් එක් එක් වතු සමාගම සතුව පවතින හැකියාව පරීක්ෂා කර බැලීම පිණිස කමිටුවක් පත් කිරීම,
කිසියම් වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් වැටුප් ගෙවීමට අපොහොසත් වන්නේ නම් එවැනි වතු සමාගම් සමග එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකි වන පරිදි නීති හඳුන්වාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම එම යෝජනා තුනයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ එනකල් ඉදගෙන යන්න පුළුවන්
තාම හිතුනේ නැද්ද බදු දෙන්නෙ මොකටද, ඉන්දියාවට විකුණලම දාන්න අනිත් ඒවා දැන් දෙනවා වාගේ. එතකොට කිසිම ප්‍රශ්ණයක් නෑනෙ !!!
දේශපාලන වාසියට වතු ආර්ථිකය විනාශ කිරීමට ඉඩ දිය නොයුතුය.
ඡන්දයක් ළඟ එනකොට ආණ්ඩුවට වතුකරයේ පඩිවැඩිකිරීම මතක්වුණු වගයි. ඡන්දෙන් පස්සේ නැවත ඡන්දයක් එනතුරු මේවා අමතක වන රෝගයකුත් ආණ්ඩුවට ඇති බව අපි දනිමු...