ඉස්ලාම් රජය යනුවෙන් හඳුන්වමින් සිරියාවේ සහ ඉරාකයේ සටන්වැදී ඉන්නා පිරිසක් විසින් පසුගියදා ඇමෙරිකා මාධ්‍යවේදියෙකු වූ ජේම්ස් ෆොයිලි අමානුෂික අන්දමට ඝාතනයකරනු රූපගත කර ප්‍රසිද්ධියට පත්කර ඇති අන්දම පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය විදේශ ඇමති පිලිප් හැමන්ඩ් පවසන්නේ ඉස්ලාම් රජය හෙවත් අයිඑස්අයිඑස් කණ්ඩායම බටහිර ලෝකයේ සියලුම රටවලට අති විශාල තර්ජනයක් බවට පත්වී ඇති බවයි.
ඇමෙරිකා ජාතික තරුණ මාධ්‍ය වේදියාගේ ගෙළ සිඳදැමු තැනැත්තා පැහැදිලි ඉංග්‍රීසියෙන් කතාකල බවත් එම කටහඬට අනුව ඔහු ලන්ඩන් නුවර ජිවත්වුවෙකුලෙසට අනුමාන කළ හැකිබවත් හැමන්ඩ් පවසයි.
එම වීඩියෝ පටය පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇති ඇමෙරිකා රහස් ඔත්තු සේවය කියන්නේ එය "විශ්වාස කටයුතු" වීඩියෝ පටයක් බවයි.
මෙසිද්ධිය ප්‍රචාරය වීමත් සමඟම නිවාඩුවක් ගත කරමින් සිටි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වහාම ලන්ඩන් නුවරට පැමිණියේය.
සාමාන්‍ය පිළිවෙළ අනුව ඔහු එම ඝාතනය හෙළා දකින බව නිවේදනය කළේය. "මේක මහ තිරිසන් වැඩක්" බව කි ඔහු බ්‍රිතාන්‍ය හමුදා ඉක්මනින් ඉරාකය වෙත යැවීම සඳහා කටයුතු කිරීමට ඔහු සුදානම් බවද පැවසුවේය.
මැදපෙරදිග අන්තවාදී සටන් සඳහා සහායවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි මුස්ලිම් තරුණයක් ස්වේච්චාවෙන් සහභාගිවීම පිළිබඳව මේදිනවල බ්‍රිතාන්‍යය තුල විශාල සාකච්චාවක් ආරම්භ වී ඇත.
සරණාගතයින් ලෙස පැමිණෙන සියලුම දෙනාහට කිසිදු වග විභාගයකින් තොරව රටට ඇතුල්වීමට ඉඩදීමත් එවන් බොහෝ දෙනාහට නිවාස සහ වියපැහැදම් ඇතුළු අනෙකුත් සැප පහසුකම් රජය විසින් සැපයීමත් මේ ප්‍රශ්නය උඩුදිවීමේ මුලාරම්භය බව බොහෝදෙනා පවසති.
මෙලෙසින් පැමිණෙන විශාල පවුල්වල තරුණයින් අන්තවාදී කණ්ඩායම් විසින් ගොදුරුබවට පත්කරගන්නා බව දැන් දැන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමට පටන්ගෙන ඇත.
පසුගියදා ලන්ඩන් නුවරට ආසන්න ලුටන් නගර මධ්‍යයේදී සරණාගතයින් ලෙස ජිවත්වන පවුලකට අයත් 20 දෙනෙක් පවුල් ආරවුලක් නිසා මහ මඟ විශාල කෝලාහලයක් කල බව චායාරුප සහිතව ප්‍රචාරය විය.
එංගලන්තය "සරණාගතයින්ට සැපජිවිත ගතකල හැකි පාරාදීසියක්" ලෙසින් කවුරුත් විශ්වාස කරන අන්දමට එම රටේ සමාජ සත්කාර සේවය දැන් බාල්දුවී ඇත.
බ්‍රිතාන්‍ය රජයද එරට පුරවැසියන් විදේශයන්හි සටන් සඳහා සහභාගිවීම නවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව දැන් සාකච්චාකිරීමට පටන්ගෙන ඇත.
එහි එක පියවරක් වශයෙන් විදේශ රටවල සටන් සඳහා සහභාගිවූ කෙනෙක් ආපසු බ්‍රිතාන්‍යයට පැමිණියහොත් අත්අඩංගුවට ගතයුතු බවට නීති රීති ගෙනඑම අදහස් කර ඇත.
බ්‍රිතාන්‍ය පොලිසිය ජේම්ස් ෆොයිලි ඝාතනයේ වීඩියෝ පටය නැරඹීම හෝ බෙදාහැරිම සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවට ප්‍රකාශ කර ඇත.
රට තුලට පැමිණෙන ය පිළිබඳව මුලින් පරික්ෂ නොකර පසුව මෙවැනි නීති රීති ගෙන ඒමට කතා කිරීම "වක්කඩය පිටතින් බන්දෙමට උත්සාහ කිරීමක් " බව බොහෝදෙනා පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටවලට කරන කරදර වලටයි මේවා වෙන්නේ. අනෙක එංගලන්තයේ එක්කෙනෙක් මැරුවහම තිරිසන් වැඩක්. ලංකාවේ බෝම්බ ගහලා දහස් ගණන් මැරුවා. ඒවාට කතා නැහැ (නි)
අපේ රටේ සමහර කට්ටියගේත් දැන් ඔළුව ගිනි අරගෙන ඇති, මේ අය කරන වැඩ දැකලා (නි)
ඉතිහාසය පුරාවටම තමුන් අතින් සිදු වූ වැරදි වලට අද තමුන්නැහේලාටම වන්දි ගෙවන්න වෙලා නේද? පමාවෙලා හරි ඒ වැරදුන තැන් හදාගන්න හොඳ උත්සාහයක් ගන්නවා. ඒත් අපි තාමත් අඳුරේ අතපත ගාමින් අගාධයටම ගමන් කරමින් ඉන්නවා , නහය ගාවටම වතුර ගලනකම් ඉන්න එක අපේ පුරුද්දනේ ඉතින්! (නි)
මේ හැමදෙයකටම වගකිවයුත්තේ කවුද?සියලුම රටවල ප්‍රශ්න ඇති කර දැන් දිට්ට ධම්මවේදනීය කර්මය පටිසන් දෙනවා! කෙසේ නමුත් මෙවැනි අන්තවාදී ක්‍රියා හෙළා දකිනවා (නි)
එතකොට ඇමරිකාව සහ යුරෝපය එකතුව ඇෆ්ගනිස්ථානයේ, පලස්තීනයේ සහ නොයෙකුත් රටවල අහිංසකයන් දහස් ගණනක් විනාශ කිරීම ගැන මොනවද කියන්නේ? (නි)
මම හිතුවේ එංගලන්තෙට මෙහෙම ඒවාට දුකක් කණගාටුවක් දැනෙන්නේ නැහැ කියලයි. අපේ රටේ අහිංසකයොයි, අත දරුවොයි ත්‍රස්තවාදයෙන් පෙතිගහලා මරනකොට කිසිම හෙළාදැකීමක්වත් කළේ නැහැනේ. තව කල් යනකොට ඔය කිරිපොවන ඒවාට හොඳ ප්‍රතිඵල ලැබෙයි (නි)
හරිම දරුණු විදියට මේ තරුණයාගේ බෙල්ල කපලා දැම්මේ. පව් ඒ වෙලාවේ මොනවා හිතෙන්න ඇද්ද? පව්. ඒ අය මරලා මේ මිනිසුන් මොනවා ලබාගන්නද යන්නේ කියලා තේරෙන්නේ නැහැ. (නි)
මේවා කළ අයට පල දේවි (නදී)
ලංකාවටත් සරණාගත මුවාවෙන් එන අය ගැන මීටවැඩිය සෙවිල්ලෙන් සිටියොත් හොඳයි (නි)
අපේ රටටත් දවසක ඔය ටික වෙන්න පුලුවන්. ගොඩක් අයට ඔය ටික තවම තේරෙන්නේ නැහැ (නි)
කාට කාටත් කළකම් වලට වන්දි ගෙවන්න වෙන දවසක් එනවා (නි)
කාට කාටත් වරදින කාලයක් එනවා (නි)
ලෝකය ගිනිතියන ලෝකයේ බටහිර බලවතුන්ට ආපහු කැරකිලා එනකොට පොලියත් එක්කම ලැබෙනවා. එතකොටවත් කල්පනා වෙනවා නම් ඔවුන්ගේ අනාගතයට හොඳ වෙයි. (නි)
මෙම වීඩියෝ දර්ශනය කාටත් බැලීමට හැකියි නේද? යු ටියුබ් එකේ දාලා නේද තියෙන්නේ? (නි)
අනුන්ට කලදේ එංගලන්තෙට පල දෙනවා. ත්‍රස්ත වාදීන් ඔලුව උඩ තියගත්තාට හොඳ වැඩේ.(නදී)
මා ඉන්න රටෙත් හමුදා සෙබළෙක්ගේ දෑත් පිටුපසට කර ගැටගසා බිම දමා බෙල්ල කපා පිටුපසට බැඳි දෑත උඩින් තියනවා වීඩියෝ එකකින් දැකලා මට සතියක් විතර නින්ද ගියෙත් නැහැ. මෙවැනි අපරාධ කරන්නේ කුමන හේතුවක් නිසාද ...? (නි)
කැමරන්ලා වැපිරූ ඒවායේ අස්වැන්න නෙළාගන්නා කාලය පැමිණ ඇත. තව වැඩිපුරත් නෙළාගන්න පුලුවන්වෙයි ඔහොම යනකොට. මොකද තව වපුරලා තියෙනවනේ රට රටවල, ඉන්දියාව, ලංකාව වගේ. (නි)
තව අයෙකුට විනාශයක් දී එය හොඳයි කියලා කියනවා නම් අපි ලැබූ වේදනා සඳහා එසේ පැතීම මොන විදියකින්වත් සාධරණ නැහැ නේද? ලෝකයේ කිසිම තැනක මෙවන් දේ සිදු නොවිය යුතුයි (නි)
දැන්වත් යථාර්ථය තේරුම් ගත්තොත් ඇති (නි)
එහෙම කොහොමද වීඩියෝවක් නොබලන්න තහංචි දාන‍්නේ? (නි)
එහෙමත් පුලුවන්ද නඩු දාන්න? (නි)
අන්තවාදයට ජාතියක් හෝ ආගමක් නැත. එම නිසා මනුෂත්වයේ නාමයෙන් කිසිම ජාතියක් පටලවාගෙන අදහස් නොදානමෙන් බුද්ධිමත් පාඨකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. (නදී)
බෙල්ල කපා අපරාධය කරපු ත්‍රස්තවාදියාට වැඩිය ම්ලේච්ඡ අදහස් තිබෙන අයත් මෙතන අදහස් ලියල තියෙනවා. (නදී)
ලංකාවේ ත්‍රරස්තවාදී යුද්ධ කාලේ ඒවත් තාම ඕනෑ කෙනෙකුට බලන්න පුළුවන්. ඕවා ලංකාවේ නතර කළොත් එංගලන්තය කියාවි, මාධ්‍ය නිදහස, මානව හිමිකම් නැති කරනවා කියලා (නි)
සරණාගතයින් විදියට එන ත්‍රස්තවාදීන්ට රැකවරණ දෙනකොට හොයලා බලන්න එපායැ. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනවෝ කනවෝ කියලා කෑගහනවා. හොදම වැඩේ (නදී)
සරුපයෝ ගෙවල්වල දාගෙන ඉන්න කොයි කටත් ඉස්සරහට හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වෙයි. ලෝකයේ හරි බාගයක් අඩ නින්දේ. ජපානය විතරයි පියවි සිහියෙන් ඉන්නේ. (නදී)
බටහිර රටවලට ඇස් ඇරෙන්න මේ වගේ සිදුවීම් තව දුරටත් වෙන්න ඕනෑ.ලෝකයේ ඉන්නම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් පවුල් පිටින් ගෙනවිත් මානව හිමිකම් නාමයෙන් දේශපාලන රැකවරණ සැළැස්වීමේ ප්‍රතිවිපාක තවම මොවුන් හරියට අත්වින්ඳේ නැහැ.රටේ ඉඳගෙන රටේ අයගෙම බෙලි කපන්න පටන්ගත් දවසට තමයි කට්ටිය මේ විසකුරු නයි ඔඩොක්කුවේ දාගෙන නළවන එකේ පලවිපාක හරියටම අත් විඳින්නේ. (නි)
මම ටිකක් බැලුවා. හිතක් පපුවක් තියෙන මිනිහෙකුට එය බලන්න බැහැ (නි)
ලෝකයේ එක එක සංවිධාන බිහිවෙන්න ඉඩහරිනවා. ඒවාට තව මුදලුත් බෙදලා දෙනවා. ඒවායේ ප්‍රතිඵල තමා මේ (නි)
අපේ ආගමික සහ ජීවනය ගැන කතා කරන කට්ටියට මේ දේ තේරෙන්නේ නැහැ නේ. තව ටික කලයි අපේ රටෙත් බෙලි කපනකොට තේරෙයි.(නදී)
අවි ගතෝ අවියෙන් නසිති. මේ අන්තවාදින්ගේ මැප් එක තුල ලංකාව ඉන්දියාව චීනය කොරියා වැනි රටවල් තියෙනවා. මොවුන්ගේ අරමුණ වී ඇත්තේ අන්තවාදී අාදීපත්‍යට හැම රටක්ම ගැනීමයි ඒ තුලින් ශරියා නිතිය ක්‍රියාත්මක කිරීමයි (නදී)
බොදු බල සේනාව ඔයදේ තමයි කියන්නේ. ලගදීම වෙන දේවල් බලාගන්න පලුවන් හැම රටකම බුද්ධි අංශ ශක්තිමත් කරන්න ඕවා. මේ දේවල් මැඩ පවත්වන්න. අන්තවාදය හැම රටකම හොල්මන් කරනවා.(නදී)
ජිනීවා සම්මුතිය අනුව එම රටවල් බැඳිලා ඉන්නවා සරණාගතයින් බාර ගන්න. එහෙම දෙයක් නොතිබුණා නම් අද අපේ රටේ කොහොම තත්වයක් තියේද? (නදී)
අපේ රටේ සමහර අයගේ මොළ තාම පෑදිලා නැහැ වගෙයි. තේරෙනකොට ප්‍රමාද වැඩිවෙයි (නි)
බොදු බල සේනාව මේවා ඉදිරියට අපේ රටෙත් වේවි කියල පෙන්වල දෙනකොට අපේ මෝඩ මිනිස්සු ඒවට අකුල් හෙලනවා (නදී)
දැන් ප්‍රමාද වැඩි නැද්ද? (නි)
මේ වීඩියෝව අපි බැලුවොත් අපිටත් නඩු දායිද? (නි)
මේ ලෝකේ තියෙන "සමහර ආගම්" තවමත් තියෙන්නේ "ගල්" යුගයටත් එහා. අර නියෙන්ද්‍රතාල්, හෝමෝ සාපියන් මනවයලගේ කාලෙටත් කලින්. මනුෂ්‍ය ජීවිතයක් ලබන්න කොච්චරක් අමාරුද? ඒ මනුෂ්‍ය ජීවිතය "ගල් වලින් ගහල විනාශ කරන එක", ගල් යුගය අවසන් වෙලා අවුරුදු දහස් ගණනක් වුණත් තවමත් තියෙනවා. හැම කෙනෙක්ම තමන්ගේ පවුලට, ඥාතීන්ට, මිත්‍රයන්ට, ආගමට, ජාතියට, තම රටට වශයෙන් ඒ ඒ පිලිවෙලින් ආදරෙයි. අපටත් ඕන සාමකාමීව ජීවත් වෙන්න වගේම, අපගේ දරුවන්ට, ඉදිරි පරම්පරාවන්ට සාමකාමීව ජීවත් වෙන්න ඉඩ ප්‍රස්ථාව සලසා දෙන එකයි. ඒ නිසාම තමයි අපේ හමුදාවේ තරුණ කොල්ලෝ විසි - තිස් දහස් ගණනක් ජීවිතය පුජා කරලා රට බෙර ගත්තේ. ඉතින් ඉදිරියේදී අපේ රටටත් නොයෙක් තර්ජන එන්න තියෙන ඉඩ කඩ වැඩියි. අපි ඉතා හොඳින් "ඇස් - කන් අරගෙන" ඉන්න ඕන කාලය ඇවිල්ල තියෙන්නේ. (අ)
ඕස්ට්‍රේලියාවෙත් මුස්ලිම් අන්තවාදී පියකු සහ ළමයින් දෙදෙනෙකු සටන් පවතින රටවලට ගොස් බෙල්ල කපපු මිනිසෙකුගේ ඔලුව කොන්ඩයෙන් උස්සන් සිටින ඡායාරුපයක් අන්තර් ජාලයේ සහ ඔස්ටේලියාවේ පත්තර වල පළ කරලා තිබුන. මෙය ලෝකයටම පිළිලයකි. (අ)
මේ වගේ පුවත් අහලවත් අපි හැදෙමුද?? අපේ දයාබර සහෝදරියන්ගෙන් ඉල්ලන්නේ අපෙන් පිට තරුණයින් හා විවාහ වන්න එපා. එය ඔබේ රටට ජාතියට කරන ලොකුම විනාශයක්.... (අ).
බොදු බල සේනාව කියන්නෙත් මේ දේ ම තමයි. (අ)
අපේ රටේ සමහර අයගේ මොළ තාම පෑදිලා නැහැ වගෙයි. බොදු බල සේනාව කියන්නෙත් මේ දේම තමයි. (අ)
පසුගිය වසර 10ක පමණ කාලයක සිට එංගලන්තයේ උතුරු කොනේ සිට දකුණු කොනදක්වාත් බටහිර වෙරළේ සිට නැගෙන හිර වෙරල දක්වාත් මුස්ලිම් ජන සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩිවී තියෙනවා. මේ අතරේ අන්තවාදීන් බොහොපිරිසක් ක්‍රියාත්මකයි. දැනට කාලයක සිට බ්‍රිතාන්‍ය පොලිසිය මේ අය පිළිබඳව සොදිසියෙනුන් ඉන්නේ. අන්තර්ජාලය භාවිතාකිරීමේදී පොලිසිය ලකුණුකර ඇති වෙබ් අඩවි හෝ වචන හෝ භාවිතාකරන අය පිළිබඳවත් පොලිසිය විමිසිලිමත් වෙනවා. මෙම වීඩියෝ පටය කොතනින් ලබාගත්තත්, ළඟ තබාගත්තොත් හෝ බැලුවොත් හෝ ඒ සියලුම දෙනා පිළිබඳව සොයාබලන්න පුළුවන් නවීන තාක්ෂණය පොලිසියට තියෙනවා.එක එතරම් අරුමයක් නෙවේ.
හරිම අප්‍රසන්නයි. මේ අය ඉගෙනගන්නේ කෲරත්වය විතරද? මගේ රට මෙවැනි දේවලින් බේරාගත යුතුයි (නි)
මේ වීඩියෝව වීඩියෝ බලන එක මනසට හොද නැහැ බැලීමත් පවක් (නදී)
අන්‍යජාතිකයන් ඉදිරියේ තමන්ගේ ජාතිය ආගම පාවා දෙන සිංහල ගෑනුන්ට මේවා හොද පාඩම්. (නදී)
වපුරපු දේවල් වල ප්‍රතිපල තම තමන්ටත් ලැබෙන බව බ්‍රිතාන්‍යය කවදා තේරුම් ගනීවිද? (නදී)
මේවා අපි කල දේවල් නොවෙයි. ඇමෙරිකාව,එංගලන්තය, සහ ඊට ගැති රටවල් කරනදේට සහ කළදේට අහිංසක අර තරුණයා මැරුම් කෑවා . අපිට දුකයි ඒ ගැන (නි)
චන්ද්‍ර ඔයාගේ කීම හරියටම හරි. ඉදිරියේදී තමයි මෙයාලට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් වෙන්නේ. මේ මෙයාලට පඩිසන් දෙන්නේ අපට කරපු අපරාධ. කොටින්වත් තව ටිකක් ඔයාලා හුරතල් කරන්නකෝ. ඔයාලටම නෙලා ගන්න පුළුවන් එකේ අස්වැන්නත් (අ)
අපි අමතක කරන්ඩ හොඳ නැති කාරණාවක් තියනවා! බුෂ් ඉරාකයට බොරු යුධ චෝදනාවක් කරලා ගහපු දවසේ ඉඳල අද වෙනකොට දාහතර ලක්ෂයක් සිවිල් ජනතාව මරල තියනවා! ඒ කියපු ආයුධ නම් හම්බුනේ නැහැ ! සදාම් හුසේන්ගේ අගමැති තරෙක් අසිස් ක්‍රිස්තියානි බැතිමතෙක්! බටහිර අය රටම විනාශ කළා! සුලං වපුරන අයට අස්වැන්න ලැබෙන්නේ සුළිසුලං වලින්! (අ)
බන්දුල පෙරේරා, නිකම් දන්නේ නැති දේවල් කතා කරන්නේ නැතුව ඉන්නවාද..? (නි)
අපිට කළදේවල් පලදෙන්න කාලය ඇවිල්ලා වගෙයි (නි)
මොවුන් දෙගොල්ලන්ගෙන්ම අපි අපේ රට ප්‍රවේශම් කරගනිමු (නි)
මේ කිසිවක් නොව මට ඕන ..? දෙමල ඊලාම් වාදීන් ..කැරලි වැදෙනවානම්..එංගලන්තයෙන් කෑල්ලක් ඉල්ලලා ..ඒ ඇති මට ...? මොකද ඒ පාර්ලිමේන්තුවේ ඉන්නේ කොටියට කිරිපොවන මන්ත්‍රීලා ...? කොටියාගෙන් ඡන්දෙ බලාගෙන රජකරන අය..? (ස)
හිතක් පපුවක් නැති අමනයෝ (නදී)
මේක ආගසමක වැරැද්ද නෙවි තීරිසන් මිනිස්සු විසින් උන්ගේ අමානුෂික වියරු ඉෂ්ට කරගැනීමේ ප්‍රතිඵල. (ස)
දැන් තමයි කැමරන් මහත්තයගේ පස්ස පත්තු වෙලා තියෙන්නේ. ඔයිට ගොඩ කාලෙක ඉදලා එංගලන්තය යනු අන්තවාදීන්ගේ රජදහනකි. කැමරන් මහත්තයත් අපි වගේම අන්තවාදීන්ට මුල්තැන දී ගෙන හිිටියා. ටික කාලයක් යද්දී උන්ට ෂරියා නීතියත් දුන්නා. ඔන්න දැන් තමයි කළ හොද පස්සෙන් එන්න පටන් ගත්තේ (නදී) ලෝකයේ සෑම මුස්ලිම් ත්‍රස්ත්‍රක්‍රියාවකට බ්‍රිතාන්‍ය ජාතිකයකු සම්බන්දයි කියන තරමටම කැමරන් මහත්තයා කෙල කර ගත්තා... ඒත් ප්‍රශ්නේ ඒක නෙවෙයි.. කැමරන් මහත්තයා තමන්ගේ වැරදි පස්සේ හරි හදා ගත්තා... ඒත් අපේ මහින්ද මාමාට ඔහෙම දෙයක් වුනොත්...
එංගලන්තේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. සංහිදියාව නාමයෙන් (ස)
බටහිර රටවලට ඔය තර්ජන වැඩිවෙන තරමට අපිට හොඳයි. (නි)
හොද වැඩේ ඔහොම වෙලා මදි. අැමෙරිකාවේ උද්ඝෝෂණයට කදුළු ගෑස්, මැදපෙරදිග අන්තවාදී සටන් සඳහා සහාය වීමට බ්‍රිතාන්‍යයේ පදිංචි මුස්ලිම් තරුණයක් ස්වේඡාවෙන් සහභාගිවීම. (නදී)
එදා යටත් විජිත් සමයේත් ,අදත් අපිට කරන දේවල් වලට මේවා හොඳ පාඩම්. නමුත් මේ අන්තවාදය නම් වහ විනාස කල යුතුයි (නදී)
ලංකාවේ අය මේවට විරුද්දව පාරට බහින්නේ නැද්ද ? මොකක්ද මේ ගොල්ලන්ගේ මතය? (නදී)
ජේම්ස් ෆොයිලිට නිවන් සැප ලැබේවා! සිංහලයා සාමය ගරු කරන්නෙක් නිසා කැලම් මැක්රේ වගේ අය බේරිලා ඉන්නවා. (නදී)
නයි ඔඩොක්කුවේ දාගෙන කනවෝ කනවෝ කියලා දැන් කෑගැහුවට වැඩක් නැහැ. ඊළඟ ප්‍රතිඵලය තව අවුරුදු කීපයකින් අපිට දැකගන්න පුළුවන් වෙයි (නි)
මේ වීඩියෝව කොහේද තියෙන්නේ? (නි)