(සුමිත් පොතුපිටිය)
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
කළුතර නගරයේ සැරිසරමින් සිටි සංචාරක මඟ පෙන්වන්නෙකු විදේශිකයාට උදව් කරන මුවාවෙන් කළුතර නගරයේ පිහිටි අවන්හලකට රැගෙන ගොස් උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් මිලදී ගැනීමට සලස්වා තිබේ.
පසුව බෙල්ජියානුවා සංචාරක මඟ පෙන්වන්නා ගෙන් එහි මිල විමසා ඇති අතර , මිල රුපියල් දහසක් බව පළමුව ඔහු දැනුම් දී තිබේ.
මිල අදහා ගත නොහැකි බව විදේශිකයා සංචාරක මඟ පෙන්වන්නට දැනුම් දී ඇති අතර, පසුව එය රුපියල් 800 ක් දක්වා අඩුකර ඇති බව වාර්තා වේ.
පසුව විදේශිකයා රුපියල් දහසක මුදලක් ලබා දී ඉතිරි මුදල් ලබාගෙන වෙළඳ සැලෙන් පිටව ගොස් ඇති අතර, සියල්ල ජංගම දුරකථනයේ පටිගත කොට තිබේ.
ඔහු වෙළඳසැල ඉදිරිපිට රැඳී සිටිමින් මහමග ගමන් ගත් කාන්තාවන් දෙදෙනකුගෙන් උළුඳු වඩේ එකක මිල විමසා ඇති අතර, එහි සාමාන්‍ය මිල රුපියල් 150 ක් පමණ වන බව ඇය විසින් දැනුම් දී තිබේ.
බෙල්ජියම් ජාතිකයා එය ද සිය ජංගම දුරකථනයේ පටිගත කොට අන්තර්ජාලයට මුදා හැර ඇති අතර, එය නිරීක්ෂණය වීමෙන් පසු සංචාරක පොලිසිය සහ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සංචාරක මඟ පෙන්වන්නා අත්අඩංගුවට ගෙන අධික මිලකට අලෙවි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෙළඳසල් හිමියාටද නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
අවුරුදු තිහක විවාහකයකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තකු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරයකු හොර
යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්
ස්ප්‍රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ
රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගම කළමනාක
හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුව
ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු, දාර්ශනිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
nimal Thursday, 18 April 2024 10:18 PM
සංචාරක මඟ පෙන්වන්නා හෝ වෙළද ආයතන තුළ මෙවැනි සිදුවීම් සිදුවන්නේත් දුෂිතයන් බිහිවන්නේත් (ව්‍යාපාරිකයන් සහ මඟපෙන්වන පුද්ගලයන් ) රට තුළ නිසි ක්‍රමවේදයක් නොමැති නිසාවෙනි. වැරදි කරනාවූ පුද්ගලයනට දඩුවම් ලබදෙනසේම ක්‍රමවේදයක් ඇතිකළ යුතුවේ.
සමන් ජයසේකර Thursday, 18 April 2024 10:34 PM
මූටත් දේශපාලුවන්ට ගහන හෙණම ගහන්න ඕනේ.රට කන එවුන් .ජාතිය දහම විනාශ කරන එවුන්
nuwan Thursday, 18 April 2024 10:51 PM
අනේ මහත්තයෝ ..ඔය විදියට කොන්ද පණ තියෙනවා නම් එයාර්පෝර්ට් එකේ ඉන්න හොර ටැක්සි කාරයො ටිකයි ,ට්‍රොලි තල්ලු කරන්න ඉන්න හොර පෝටර්ල ටිකයි අල්ලන්නකො.මිනිහෙක් රටට පය තිබ්බ තැනින්ම හූරන් කන්න හදන්නෙ අන්න ඒ හොරු සෙට් එක.මිනිස්සුන්ට වදයක් වෙන විදියට හැසිරිල බලෙන් සල්ලි ගන්න ඒ අයව අල්ලන්න බයයිද නැත්තන් තමන්ගෙ පංගුව නැති වෙන නිසාද?
Prabha Thursday, 18 April 2024 11:29 PM
ඉතින් සංචාරකයෝ එයිද?
අසාධාරණ Friday, 19 April 2024 06:04 AM
අයකලා වගේ දස ගුණයක් සංචාරකයාට වන්දියක් හැටියට ගෙවීමට කටයුතු කළොත් ඔහොම දේවල් නොවෙයි කියලා හිතෙනවා. වාහන සඳහා දඩකොළ දෙන ආකාරයට මොවුන් සඳහා ක්ෂනික ක්‍රියාමාර්ග ගැනීම සංචාරකයින්ට පහසුයි වගේම රටේ නම්බුවටත් හොඳයි...
primeshika Friday, 19 April 2024 06:19 AM
රටට ඩොලර් ගේන්න කිව්වට මොන බලු වැඩේ හරි කරලා ඩොලර් ගෙන්න කිව්වේ නෑ
Rodney Friday, 19 April 2024 07:10 AM
මෙය නැවැත්විය යුතුයි. තායිලන්තයේ මෙවැනි වංචා බහුලව සිදුවන බව මම අත්දැක ඇත්තෙමි.
Lalla Friday, 19 April 2024 08:06 AM
මේ වගේ නීචයෝ ඉන්දියාවේ කලාතුරකින් ඉන්නවා. ඒත් තායිලන්තය මැලේසියාව වගේ රටවල් එහෙම නෑ. ඒ රටවල මිල සෑම විටම ප්‍රදර්ශනය කර තියනවා. ආහාරවල තත්ත්වය ඉතාම ඉහළයි.අපට වඩා මිලත් අඩුයි. කෑමට අපි ගෙවන මිල ඉතාම අසාධාරණ බව පේනවා. විශේෂයෙන්ම පලතුරුවල තත්ත්වය දියුණු කළ යුතුයි. වස යොදා නොමේරූ පලතුරු ඉදවීම නීති මගින්ම තහනමට ලක්විය යුතුයි.
SASANKA Friday, 19 April 2024 09:12 AM
කාලකණ්ණියාව තියන්න ඕනේ ඇතුලේ මාසයක් වත්...
තොත්ත බබා Friday, 19 April 2024 10:52 AM
සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා ක්ෂනික දුරකථන අංකයක් සංචාරක කටයුතු භාර අමාත්‍යාංශය විසින් සකසා ගුවන් තොටුපලේ දී සංචාරකයන්ට දෙනවා නම් හොදයි කියලා හිතන්නේ නැද්ද?
SUNIL GUNATILAKE Friday, 19 April 2024 12:28 PM
මේ වෘත්තීමය සංචාරක මග පෙන්වන්නෙකු විය නොහැකියි.. ඒ මොහොතේ සංචාරකයා සතු මුදලක් කොල්ලා කෑමට ඉදිරිපත් වූ තක්කඩියෙකි. දැඩි පියවරක් ගැනීමෙන් මෙබඳු සිදුවීම් යළිත් සිදූවීම පාලනය කිරීමට කටයුතු කරන්න.
අරුන Friday, 19 April 2024 01:12 PM
වෙළෙන්දා පමනක් නොවෙයි, රජයත් කරන්නේ මේකමනේ... සත්තු වත්තට ගියත්, සීගිරියට ගියත් ඔය මිල ගහලාම තියෙන්නේ දේශීය විදේශීය වෙන වෙනම...!
Nihal Friday, 19 April 2024 02:28 PM
අපිට වගේම සංචාරකයන්ටත් මේ රටේ මිල අධික බවයි ඔවුන් පවසන්නේ, මේ උද්ධමනය යථා තත්ත්වයට ඒම පේන තෙක් මානයක නෑ
Lalla Friday, 19 April 2024 07:58 PM
මේ උද්ධමනය නොවේ. වෙළෙන්ඳන් සීමා රහිත ලාබ ලැබීම. ආනයනය හෝ දේශීය දෙකේම තොග වෙළඳාමේ පටන්ම අසීමිත ලාභ ගන්නවා. අනික ආහාරවල ප්‍රමිතිය ඉතා පහළයි.
Range Friday, 19 April 2024 10:52 PM
වඩය කියනකොට මට බදුල්ල මතක් වුණා...