අද වනවිට ගීතයක් ජනප්‍රියත්වයට පත් වූවාද නැද්ද යන්න නිගමනය කළ හැකි තැනක් ලෙස යූටියුබ් ජාලය හැඳින්විය හැක. නූතනයේ නිර්මාණය වන බොහෝ ගීත රූපවාහිනි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
වර්තමානයේ නිර්මාණ වන මියුසික් වීඩියෝ සඳහා රූප රචනාවලින් ලබාදෙන්නේ වෙනස්ම වූ අර්ථයකි. අද සමාජය තුළ නොසිතන දේවල් වෙළෙඳ භාණ්ඩයක් කර ගනිමින් මියුසික් වීඩියෝ නිර්මාණය කර ගන්නට බොහෝ දෙනා උත්සාහ කරති.
නවක ගායකයෙකු වන පවන් මිනොන් විසින් ගායනා කරනු ලබන "වැඩිමල් ඔබේ හිතට" ගීතය මේ දිනවල බොහෝ නැරඹුම් ප්‍රමාණයක් ලබමින් ඉදිරියට පැමිණෙමින් තිබේ.
ලංකාවේ නිර්මාණ වන ඕනෑම වීඩියෝවක් "Trending" වීඩියෝවක් ලෙස පත්වන්නේ ඒ සඳහා කෙටි කාලයක් තුළදී ලැබෙන නැරඹුම් වාර්තා හේතුවෙනි. එම නිසා මෙම ගීතයද දින 03ක් ඇතුළත ලක්ෂ දෙකක ඉහළ නැරඹුම් වාර්තා අතරට පැමිණියේය.
මේ වනවිට මේ ගීතය බොහෝ දෙනා නරඹා ඇති මියුසික වීඩියෝවක් බව නිසැකෙන්ම කිව යුතුය. මෙම වීඩියෝව මෙතරම් නැරඹුම් ප්‍රමාණයක් වාර්තා කරන්නේ කුමන හේතුවක්ද යන්න ඔබම තීරණය කරන්න.
නිකුත් වූ දිනය - 2017 ජනවාරි 19
ගායනය - පවන් මිනොන්
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය - සඳරුවන් ජයසිංහ
නැරඹූ සංඛ්‍යාව - 200,011



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd