(සුජිත් හේවාජුලිගේ)
පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.
මධ්‍යම ආණ්ඩුවේ සෙසු අංශවල සේවකයන්ට පසුගිය වසරේදී වැටුප් සඳහා රුපියල් කෝටි 32729 ක් වැය කරද්දී ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහාපමණක් එම වර්ෂයේදී රුපියල් කෝටි 31200ක් වැය කර ඇති බවද මහාචාර්යවරයා කීවේය.
එසේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්ට පසුගිය වසරේ වැටුප් ගෙවීමට වැය කළ මුදල පළාත් පාලන ආයතන වල සියලුම සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා එම වසරේදී වැය කළ මුදලට වඩා වැඩි බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන ආයතන සේවකයන්ට පසුගිය වසරේදී වැටුප් ගෙවීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 30021 ක් බවද වසන්ත අතුකෝරළ මහතා කීය.
හමුදා සහ පොලිස් සාමාජිකයන්ට පසුගිය වසරේදී ගෙවූ වැටුප රාජ්‍ය සේවයේ වැටුප්වලින් සියයට තිස්තුනක් බව පැවසූ මහාචාර්යවරයා පසුගිය වසර පහේ දී ආරක්ෂක අංශවල වැටුප් ගෙවීමට වැය කරන මුදල සියයට දාහතකින් වැඩි වී ඇතැයිද සඳහන් කළේය.
ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේදී රුපියල් කෝටි 21787 ක්ද පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9413ක්ද වැය කර ඇති බවත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් ගෙවීම සඳහා මෙපමණ මුදලක් දරද්දී රජයේ ආයතනවල ආරක්‍ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් බඳවාගෙන වෙනම වැටුප් ගෙවා ඇති බවත් අතුකෝරළ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් විතරයි... හැබැයි ගන්නා පඩියට වැඩක් කරන්නේ. ඒ වගේම ස්ට්‍රයික් උද්ඝෝෂණ නොකර රට අමාරුවේ දාන්නේ. අනිත් එක රටේ මොන කරදරයක් ආවත් ඔවුන් තමයි රට බේරාගන්නේ...
ලෝකේ කොහෙත් ජාතික ආරක්ෂාවට තමයි වැඩිම වියදමක් කරන්නේ...
එකී සේවාවන්වල ඵලදායිතාවයන් පිළිබඳ සාපේක්ෂකව විග්‍රහයක්ද කරන්නේ නම් මැනවි...
රටේ ආරක්ෂාව තියෙන්නේ ඔවුන්ගේ කැප කිරීම් මත. ඒ නිසා එය එසේ විය යුතුයි.
ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් සාගලගේ රථ පාලිය වීඩියෝ කරපු එකාවනම් අල්ලලාලු. තාම බැරිඋනා පාස්කු ගහපු උන් අල්ලන්න හැබැයි...
ඒක එහෙම වෙන්න ඕන. මොකද කවුරු කොහොම කිව්වත් අදත් හෙටත් රාජ්‍ය සේවයේ කාර්යක්ෂම ආයතන තමයි පොලිසිය සහ ආරක්ෂක අංශ. ඔවුන් අවම මානව සම්පතක් මගින් වැඩි වැඩක් කරනවා. වෙනත් රාජ්‍ය ආයතන වෙත ගොස් බලන්න ඔවුන්ගේ ප්‍රතිචාර කෙසේද යන්න...!
මේ මිනිහ කරන්නේ ඔහේ කොලයක් බලාගෙන ඉලක්කම් ටිකක් කියවලා සාමාන්‍ය මිනිස්සුන් තුල රජය කෙරෙහි වෛරයක් ඇතිකිරීම තමයි. අපේ මිනිස්සුත් ඉතින් කිසි සෙවිල්ලක් බැලිල්ලක් නැතිව හිටු කියල ආණ්ඩුවට බනිනවා . මෙයා සජියට කඩේ යන කෙනෙක්නෙ . දැන් සජිය ආවොත් මේ අසමතුලිත බව නැති කරනවද ? එහෙම නම් එක්කෝ ආරක්ෂක වියදම අඩු කරන්න ඕන . නැති නම් අනෙක් අංශ වල වැටුප් ඇති විශාල ලෙස වැඩි කරන්න ඕන . ඔය දෙකම භයානක ප්‍රතිපල ගෙන දෙන වැඩ . වත්මන් ආණ්ඩුව හමුදා වල බට පිරිස් ක්‍රමානුකුලව රටට ගැලපෙන ලෙස අඩුකරමින් ඉන්නවා . ඒ බව මෙතන කියන්නේ නැහැනේ .
මම ඉන්නේ නෙදර්ලන්තයේ හින්දා දන්නවා මෙහේ යුද හමුදාවේ ඉන්නේ පොඩි ගාණක් (ලංකාවේ ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ හමුදාවට වඩා සෙබළු ඉන්නවා)... අනිත් එක ලංකාවේ වගේ හමුදාවේ ලොක්කන්ගේ නෝනාට ශොපින් යන්න. ළමයාට ටියුෂන් යන්න රජයෙන් වාහන දෙන්නේ නෑ. ලංකාවේ වගේ කානු කපන්න, බිල්ඩින් හදන්න හමුදාවේ අයව ගන්නේ නෑ, එහේ ලංකාවේ වගේ හමුදාවේ පාසල්, විශ්වවිද්‍යාල, හෝටල්, ආපනශාලා, ක්‍රිඩා සංගම් නෑ. හැබැයි ලංකාවේ වගේ අවුරුදු 40-50ක් පරණ ආයුධ... පිටරටවල් පාවිච්චි කරපු කැඩිච්චි යුද ටැංකි, අහස් යානා නෑ. වැඩිම වියදමක් යන්නේ ආයුධ, අධිතාක්ෂණික මෙවලම්, ගුවන්යානා, රහස් ඔත්තු, සයිබර් ආරක්ෂාව වගේ දේවල් වලට...
ලෝකයේ අංක 10ට විශාලම හමුදාව තියෙන රටේ පාස්කු ප්‍රහාරය වළක්වන්න බැරි වුණා නම් මොකටද ලක්ෂ 3ක හමුදාවක්. බ්‍රිතාන්‍යයේ වත් නෑ ලංකාවේ තරම් ලොකු හමුදාවක් නිකං පඩි ගෙවනවා විතරයි. අපරාදේ අපේ බදු සල්ලි...!
හමුදා ලොක්කන්ගෙ නෝනලට ශොපින් යන්න බදු ගෙවන ජනතාවගේ මුදලින් රියදුරැ සහිත වාහන දීම නවතනු. සාමාන්‍ය රියදුරෙකුට වඩා හමුදා සාමාජිකයින්ගේ වියදම ඉතා වැඩියි. යුද්ධයක් නැති විටක පවුලේ සාමාජිකයන්ට විශේෂ ආරත්ෂාවක් අවශ්‍ය නැත.