
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කළ බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) ව්‍යවස්ථාව අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද 35000ක් අරන් ජනාධිපති වුණා කියන්නේ තවත් ලෝක වාර්තාවක්...
පාසලේ පන්ති නායකයා පත්කර ගන්නත් මීට වඩා ලොකු ක්‍රමවේදයක් තියෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පමණක් නොව ජනාධිපතිවරයාගේ දුරයේ ඉදිරිකාලය මෙතුමාට සම්පුර්ණ කිරීමට අවස්ථව සලසා දිය යුතුවේ.
අරාජිකත්වයෙන් රට මුදාගෙන වසංගතයක් ලෙස බෝවෙමින් තිබෙන අරගල වහාම නවත්වන්න
රටේ පවතින නීතියට අනුව සියල්ල සිදු විය යුතුය. නීතිගරුක රටක් ඕනා කියා කෑගසමින් මහා පාරේ සිට රට පාලනයට ඉඩ දිය නොයුතුය!
තමන්ගේ ආසනෙත් පැරදිලා, පක්ෂෙත් එකම ආසනයකවත් ගන්න බැරි තැනට ගෙනැල්ලා, පක්ෂෙත් කැඩෙන තැනට ඇදලා දාපු මහා යුග පුරුෂයා...
අනේ මෙහෙමත් ලැජ්ජා නැතිකමක්... ඉස්සෙල්ලාම ඉල්ලා අස්වෙන්න ඕනේ කෙනා දැන් ජනපතිලු.
දැන් අරගලයක් නැත.. දැන් ඇත්තේ විවිධ කණ්ඩායම් රට අරාජීක කිරීමට දරණ උත්සාහයක් සහ පාතාල දේශපාලනයකි..
රටට අවශ්‍ය හොඳම නායකයා...!
මෙයාගේ වැඩ ගැන බලන්න තව කාවහරි පත්කරන්න.