IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


වැඩබලන ජනාධිපති බව කියමින් රනිල් ජනතාව මර්දනය කරන්න හදනවා

(නිමල කොඩිතුවක්කු)

වැඩබලන ජනාධිපති බව කියා ගනිමින් මේ රටේ හදිසි නීතිය, ඇඳිරි නීතිය දමමින් ජනතාව මර්දනය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරමින් සිටින බව සමඟි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවසීය.

නිරායුධ අරගලකරුවන් මර්දනය කිරීම සඳහා ආයුධ යොදා ගත් ආරක්ෂක අංශ කැඳවමින් කටයුතු කරන ආකාරය සමගි ජන බලවේගය අප්‍රසාදය පළ කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

දූෂිත දේශපාලනයට එරෙහි යහපත් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වෙනුවෙන් සාමකාමීව අරගල කරන ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනීසිටින බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.

විපක්ෂය දිගින් දිගටම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටු වීමට කටයුතු කරද්දී ඒ සියල්ල පසෙකලා අගමැතිවරයා පැසිස්ට්වාදීව  ජනතාව මර්දනය කිරීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා කීවේය.

ජනතා ප්‍රශ්නවලට උත්තර ලබා දිය යුත්තේ තුවක්කු වලින් කඳුලු ගෑස් වලින් නොවන බවත් ජන අරගලයට ඇහුම්කම් දී ප්‍රජාතන්ත්‍රවාදීව ගැටලු විසඳන ලෙස අගමැතිවරයාට බල කර සිටින බවත් හෙතෙම පැවසීය.



අදහස් (8)

වැඩබලන ජනාධිපති බව කියමින් රනිල් ජනතාව මර්දනය කරන්න හදනවා

ලිං මැඬියා Wednesday, 13 July 2022 06:45 PM

රට ගැන හිතලා කතා කරනවද? ! බලන්න කරලා තියෙන දේපල හානිය...! ලෝකයම හිනාවෙනවා මේවා දැකලා..!

:       0       3

රාවණා Wednesday, 13 July 2022 06:46 PM

මෙවන් අවස්ථාවාදී ප්‍රකාශ නොකර ගිනි නිවීම සදහා ප්‍රකාශ කිරීමට අදහස් වේවා, පාර්ලිමේන්තුව වට කරන විට ගිනි තියන විට සජිත්ට බලයට ඒමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී මාවත ද අහිමි වනු ඇත

:       0       1

karolis Wednesday, 13 July 2022 07:27 PM

මහා පාරේ අවස්ථාවාදී ත්‍රස්තවාදීන්ට තදින් ක්‍රියා කල යුතුව ඇත!!!

:       0       1

කිරි පුතා Wednesday, 13 July 2022 08:21 PM

මේ හිකනැලුන් තමයි වැද්දන්ව උසි ගන්වලා ර⁣ට විනාශ කරන්නෙ . මොවුන්ගෙ අරමුණ පුතානෝ ගෙනල්ලා සැපක් ගන්න

:       0       2

chandima Wednesday, 13 July 2022 08:54 PM

ඔය කිව්වට වැඩක් නෑ. බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ.. රටවැසියාට හෙණ ගැහුවත් එයාට ඕනේ බලය. නැතිනම් අර අවුරුදු 30ක් යුද්ධය කරද්දී, ලෝකෙ වටේ ගිහින් ලංකාවට ආයුධ දෙන්න එපා කියයිද?

:       0       0

Bamunuarachchi Wednesday, 13 July 2022 10:35 PM

නැතුව කාට අගමැතිකම දෙන්නද?

:       2       1

නන්දසේන Thursday, 14 July 2022 12:00 AM

බණ්ඩෝ පුතාණෝ ආවත් ලපයයි, දෙමලයි ඉන්නකල් මාසයක් ඔබලාට කරන්න දෙන්නේ නැහැ....

:       0       0

jayasekara Thursday, 14 July 2022 10:42 AM

ඔබලගෙ නායකයටත් කියපල්ල.. මෙ වෙලවෙ මිනිස්සු කුලප්පු නොකර ඉදිරියට ව්‍යවස්ථානුකූලව ගන්න පියවර වලට සහය දක්වන්න කියල...... මුන් මිනිස්සු කුලප්පු කරල වැඩේ විනාසකරනව....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site