ලබන ජූනි මාසයේ සිට මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරිමට රජය තීරණය කර ඇත. දින සියයේ වැඩසටහන යටතේ පොරොන්දුවූ කාලයට මාසයකටත් පෙර මෙම දීමනාව වැඩිවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
මහපොළ ශිෂ්‍යාධාර නොලබන සිසුන් සඳහා වන ශිෂ්‍යාධාර දීමනා රුපියල් 2000 සිට 2500 දක්වා වැඩි කිරීමටද තීරණය කර ඇත. මේ අනුව මහපොළ ශිෂ්‍යාධාර යටතේ සිසුන් 45,000කටත් ශිෂ්‍යාධාර ලෙස තවත් සිසුන් 29,500කටත් ප්‍රතිලාබ සැලසීම සඳහා වත්මන් රජය රුපියල් මිලියන 644 ක්වෙන් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මහින්ද රාජපක්ෂ රජයෙන් වැඩිකළ රුපියල් 4000 ක්වූ මහපොළ ශිෂ්‍යාධාරය කපා දමා ඇතැයි කියමින් කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩලයේ ශිෂ්‍ය සංගමය අද (23) විරෝධතාවයක නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගිලා, මල්ලිලා ලාබ කොත්තමල්ලි බීලා පාඩම් කරන්න. වැඩි දීමනා ඉල්ලලා උද්ඝෝෂණ කරන්න එපා (නදී)
එතකොට 2015 ජනවාරි සිට අවම රාජ්‍ය සේවක වැටුප රු.15000/- කළ එක ගෙවන්නේ කවදා සිටද? මේ කුහක වෘත්තීය සමිති ඒ ගැන නිහඬ ඇයි. (නදී)