සෝමාලියාවේදී පැහැරගනු ලැබූ නැවේ සිටින මුහුදු මංකොල්ලකරුවන් හා සෝමාලියා වෙරළාරක්ෂක භටයින් අතර වෙඩි හුවමාරුවක් සිදුවන බව මොගඩිෂු අගනුවරින් ලැබෙන වාර්තා සඳහන් කරයි.
තෙල් ප්‍රවාහනය කරමින් තිබූ මෙම නැවේ ශ්‍රී ලාංකිකයෝ අට දෙනෙක් වෙති.
පුන්ට්ලන්ත වෙරළාරක්ෂක හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් හුසේන් ප්‍රකාශ කර ඇත්තේ නැව අසල ඇති බෝට්ටුවක සිටින අයකු සමග වෙඩි හුවමාරු කරගත් බවයි. නැවේ සිටින පිරිස මුදවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව සෝමාලියා රජය මීට පෙර නිවේදනය කර තිබිණි.
මේ අතර නැවෙහි සිටින ශ්‍රී ලාංකික කපිතාන්වරයා මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා හා සෝමාලි රජයන්ගෙන් ඉල්ලා ඇත්තේ වෙඩි හුවමාරුව නැවැත්වීමට මැදිහත්වන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් අර ආරක්ෂක වලලු දාගෙන් මාධ්‍ය වේදීන්ගේ හොම්බට ඇන්න අංගොඩ ලොක්කා ? ෂෝටක් දාගෙන නැවකින් ගිහින් බේරන් එන්නකෝ අපේ කට්ටිය...
එයා අංගොඩ ඉන්න ඕන කෙනෙක් කියල දැක්කම පේනවා