
(අංජුල මහික වීරරත්න)
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබිය දී හෙට (10)දා සිට සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පවසයි.
රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබිය දී ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය විසින් හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව දැනුම් දී ඇතැයි ද එසේ වුවහොත් ඉහත පියවර ගැනීමට සිදුවන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසූව දශකයේ ජේ. ආර්. කළා වගේ දැඩි තීරණ වලින් තොරවනම් මේ කාලකන්නි වැඩ වැරීම හදාගන්න බැරිවෙයි
එළකිරි.මුන්ට බුරුලක් දෙන්ඩම එපා.ආත්මාර්ථකාමී ජෙප්පෝ
ජනපති තුමනි, සියලු රාජ්‍ය සේවයන් අනිවාර්ය කර ගැසට් එකක් නිකුත්කරන්න . වැඩ වරණ සියලු සේවකයන් ජේ ආර් මහතා 1980 දී කලක් මෙන් ඉවත්කරන්න . මුන් බල්ලෝ වගේ ආපසු ඒවි රැකියා ඉල්ලගෙන . මුන්ගෙන් වැඩි පිරිසක්ම ගන්න වැටුපෙන් 25% කට සම වෙන්නවත් සේවයක් කරන්නේ නැහැ . ලැබුණු පළමු චාන්ස් එකෙන්ම හොරකම නමුත් අයිතිවාසිකම් ඉල්ලගෙන එනවා ඕනෑම වෙලාවක . මොලයක් ඇති ඕනෑම අයෙකුට තේරෙනවා මේ වෙලාවේ පඩි වැඩිකරන්න බැරි බව . එනිසා මුන් එන්නේ කුපාඩි කමට . මේවා පිටිපස්සේ ඉන්න කවුද කියල කවුරුත් දන්නවනේ
ඔබට මෙය කිරීමට නැවත ඉපදෙන්න කියා බලාපොරොත්තු වෙමි
පුලුවන්නම් ගෙදර යවන්න බලන්න
කයිය විතරයි. අපිනේ බස් වල හිරවෙලා වැඩට යන්නේ. කෝච්චි සීසන් එකෙන් CTB වල යන්න පුළුවන් කිව්වාට බස් කොන්දොස්තර ලා ඒ ගැන දැනුවත් නෑලු..
මාසයක් ටිකට් නැතිව දිව්වා කමක් නෑ .වර්ජකයෝ ගෙදර යවන්න. මහජන පීඩාව උග්‍ර ප්‍රශ්නයක්.
රනිල්ට තනිවම ගෙදර යන්න කම්මැලි වගේ. ඔහොම යං. තව පෝය කීයද?