(තරිඳු ජයවර්ධන)
සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් සිදු කළ වැඩ වර්ජනය ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය බව අධ්‍යාපන ඇමැති කීවද එම වැඩ වර්ජනය සාර්ථක වූ බව ජාතික පාසල් අධ්යක්ෂ යොමු කළ ලිපියෙන් පැහැදිලි වන බව ලංකා ගුරු සංගමය කියයි.
ජාත්‍යන්තර කම්කරු ප්රඥප්තියට ලංකාව අත්සන් කර ඇති නිසා එහි 87 සහ 98 වගන්ති අනුව සාමූහිකව කේවල් කිරීමේ අයිතිය ලංකාවේ ගුරුවරුන්ට ද ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
වැඩ වර්ජනයට සහාය දක්වමින් සේවයට වාර්තා නොකළ ගුරුවරුන් සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අධ්‍යාපන අමාත්යංශංයට නොහැකි බවත් වැඩ වර්ජනයක් පවත්වා රජයට බල කළ කටයුත්ත සිදු කිරීම පමණක් ආණ්ඩුව කළ යුතු බවත් ස්ටාලින් මහතා කීවේය.
වැඩවර්ජනයට සහාය පළ කරමින් පාසල් නොපැමිණි ගුරුවරුන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය සමිතිකාරයෝ අසූවේ ජුලි වලත් ඔහොම කියවලා අහිංසක මිනිසුන් කී දෙනෙකුගේ ජීවත නැති කලාද ?? කී දාහකගේ බඩ රස්සාව නැති කලාද ?? මොන ජාත්‍යන්තර ප්රඥප්ති වලට අත්සන් කරලා තිබුනත් ලංකාවේ රජයේ සේවකයින්ගේ රැකියාව පිලිබඳ අවසාන තීන්දුව ඇත්තේ ඔවුන්ගේ හාම්පුතා වන ලංකා රජය අත බව මේගොල්ලෝ තේරුම් ගන්න කොට පෙරහැර ගිහින්
මෙම ගුරුවරුන්ට පඩි නොගෙවිය යුතුයි. මෙම අය පමණක් නොව හිතුන හිතුන වෙලාවට වර්ජන කරන කිසි කෙනෙකුට පඩි නොගෙවිය යුතුයි.
ලැජ්ජයි, දෙපෙත්තෙන්ම සාර්ථකයි, අසාර්ථකයි කියමින් දුප්පත් ජනයාව පීඩාවට පත්කරනවා. එච්චරයි වෙන්නේ.
කේවල් කිරීමේ අයිතිය තිබෙන්නේ වෘත්තියට අදාලව මිසක් වෙන දේවල් වලට නෙවේ. අනික මුදලට අධ්‍යාපනය විකුණලා උසස්පෙළ පාසල් අධ්‍යාපනය කාල දාපු ටියුෂන් මුදලාලිලාගෙන් පිරුන ගුරුසංගම් රෙදි ඇදගෙන කොහොමද මුදලට අධ්‍යාපනය දෙන එකට විරුද්ධ වෙන්නේ ?
අඩු පාඩු තිබෙනවානම් ඒවා හදාගන ඉදිරියටයට යාම තමාකළ යුත්තේ .....ගුරුවරු රටේ අනාගතය වෙනස නොකළ යුතුයි.
අද සිටින බොහොමයක් ගුරු මහත්ම මහත්මීන් තමන්ගේ ටියුෂන් පන්තියට එන්නේ නැති සිසුන්ට පාසලේදී බොහෝ වෙනස්කම් කරනු ලබයි. වෛද්‍ය මහත්ම මහත්මීන් රජයේ රොහල් වල ප්‍රතිකාර කිරීමට වඩා පුද්ගලික රොහල් වල තමාගේ සේවය උපරිමයෙන් කරනු ලබයි. වෘත්තීය සමිතිකාරයෝ දැනගන්න ඕන තමන්ගෙන් ඉටු විය යුතු රාජකාරි යුතුකම ඉටුකරලද , වර්ජනය අති සාර්ථකයි කියල කියන්නේ. මුදලට ගිජුවී පිරිහී ඇතී රාජ්‍ය සේවය..