
(අංජුල මහික වීරරත්න)
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සම්බන්ධව නොවී ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇත.
රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් 2024 ජූලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩ වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්. වැඩ කරන මිනිසුන් ට සළකන්න ඕන. වැඩ වරන අයට නොවෙයි
මරු. කෙලවගන්න යන්නේ හොඳම එකෙන්
කැට තියලා කියන්නම් .සොම්බියා ඉල්ලන් කන්න යන්නේ
තෑපැල් චන්ද 1350000 ක් තියෙනවා කියලා මතක තියා ගනිල්ලා.එතෙන්දි අපි ගනුදෙනු බේරා ගනිමු.ආර්ථික අමාරුකම රාජ්‍ය සේවයේ කොටසකට විතරද තියෙන්නේ .
ඇත්ත ප්‍රශ්න විසදනවා වෙනුවට බොරු කැටයම් දාලා වැඩක් නැහැ පිනෝ, තමන්ගේ එවුන්ව පාවලා දීලා ඕක ගන්න බල්ලෙක්වත් එන එකක් නැහැ !
රනිල්ගේ අවු 46 දේශපාලන කාලෙම කලේ මේ වගේ මෝඩ බොළඳ වැඩ..... කිසිම රටක මේවා වෙන්නේ නෑ....ට්‍රැක් ලංකාවේ විතරයි...
ඕක මහ අවුලකට මුල. ලෙඩ නිවාඩු දාපු අය හොර වෛද්‍ය සහතික අරගෙන දැන් පෝලිමේ එයි. ආයතන ලොක්කෝ තමුන්ගේ හෙන්චයියන්ව ගොඩදාන්න බලයි. එකෙකුට හරි පඩි වැඩිකලොත් හැමෝටම දෙන්න වෙනවා. වැඩේ අච්චාරු වෙලා උසාවියෙන් කෙලවර වෙයි.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සම්බන්ධව නොවී ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට දින දෙකක වැටුප සමග සමාන දිමනවක්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක්
පිනා, ඉල්ලාගෙන කන්නයි තනන්නේ.
මේ යකා ඕනෑ නම් මේ ලෝකෙට වැඩක් නැති ලියුම් කඩදහියක් දෙයි. ඒකෙන් ගත්ත එකා හංවඩු ගැහෙනවා හොරිකඩයෙක් කියලා.
තව ටික දවසකින් ඔය සෙල්ලම් ඉවරයි මහත්තයා
රනිල් නාකියෝ, ඔය " ප්‍රසංශා සහතිකය " රෝල් කරලා ගහගන්නවා තමුසෙගෙ පස්ස පැත්තේ. ඕවා මොනවාකලත් තමුසේ මුළු ලංකාවෙන්ම ගන්නේ චන්ද ලක්ෂ 3 පමණයි !!! ඒ සමීක්ෂණය කරලා තියෙන්නේ තමුසෙගෙ අතිජාත මිත්තරයා වන ඇමෙරිකාවේ ආයතනයක්. දැන් ඉතින් චන්දෙ පැරදිලා හිරේ යන්න ලැහැස්තිවෙනවා. මැතිවරණ කොමිසම දිගින් දිගටම කීවා නිතියානුකුලව මැතිවරණ නිතිය තවමත් බලපවත්වනවා කියලා. පසුගිය පලාත්පාලන මැතිවරණයට පනවපු මැතිවරණ නීති රීති අවලන්ගුවුනේ නැහැ, ඒවා තවමත් එහෙමමයි. ඒ අනුව තමුසේ " චන්ද අල්ලස් " දීම දිගටම කරගෙනයනවා. අනිවාර්යයෙන්ම තමුසේ පරදිනවා, රටෙන් යන්න ලැහැස්ති වෙනවා, කිසිම රටක් තමුන්ව බාරගන්නේ නැහැ. ඊට පස්සේ ..තණමල්විල භයානක සිරකරුවන් සමග තමයි ජිවිතයේ අන්තිම කාලය ගෙවන්න සිදුවෙන්නේ.
මේකා කොටවන්න යන්නේ
මොලයක් කිව්වාට පට්ට මෝඩයෙක් ...
ඒක හොදයි. දැන් ජන්දෙයේදී මේ ක්‍රමය පැරැද්ද වීමට රාජ්‍ය නිළදාරින් එකමුතුව වැඩකරන්න හිතට ගන්න ඕනා ඕන්..
ඒකට වැට් වැඩි කරන්නේ කීයකින්ද... වැඩේ තව අවුල් කරගන්න හදන්නේ .
ඒ මිනිස්සුන්ට මුලින්ම උසස් වීම් හා වැටුප් වර්ධක දුන්නා නම්, එයාලා ස්ට්‍රයික් කරන්නෙ නෑනෙ. ඔයා කවදාවත් මිනිස්සුන්ට යහපතක් කරන්නෙ නෑ.. දැන් ඔය චාටු කතා වලට කවුරුවත් අහුවෙන්නෙ නෑ... තව මාස දෙකකින් ඔයත් අවලංගුයි ඔයාගෙ ලියුම් ඔක්කොමත් අවලංගුයි.
තවත් ප්‍රශ්නයක.ආරම්භයක්. මෙහෙම කරන්න පුලුවන්ද.කියල මොලේ මෙහෙයවල බලන්න.
මෙහෙම කරාම මිනිස්සු චන්දේ දෙයි කියලද හිතන්නේ?
කරන්න පුලුවන් මෝඩම වැඩක් කරනවා.
මාමණ්ඩි හයෙන් පහක් අරන් කරපුවා බංගලාවේ පිනාගෙන් හදන්න ඇවිත් කරන්න බහ නේද ?
""පශ්චාත්භාගා දීමනෝඥී ප්‍රශංසා සම්මානය" කියලලුනෙ දෙන්නෙ
ජනපති තම බලය අත්තනෝමතික ලෙස යොදා ගන්නා බවක් නැවතත් තහවුරු කර තිබෙනවා. නැත්නම් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කල යුත්තේ විෂය භාර ඇමති හැටියට රාජ්‍ය පරිපාලන ඇමති නේද ?
නියමයි ලොක්කා .ඔහොම තමයි කරන්න ඕනේ.ජෙප්පෝ රටටම විනයක්
වැඩ වර්ජනය කළ අය රනිල්ට ඡන්දය දෙන්නෙ නෑනෙ එතකොට …,
1980 ජුලි වර්ජනයෙන් පසුව ජනාධිපති ලේකම්ගේ අංක 124/1/106 හා 1981.11.02 දිනැති ලිපිය මගින් කලදේම තමයි 2024.07.08 කරලා තියෙන්නේ එදා මාමා JR මිනිස්සු රැකියාවෙන් එළියට දැම්මා එකට හේතුව එදා දැන් මෙන් සමාජ මාධ්‍ය තිබුනා නම් මාමාට එච්චර දෙයක් කරන්න වෙන්නේ නැහැ අද එක මොහොතකින් පාරට බස්සවන්න පුළුවන් යුගයක ඉන්නේ එනිසා රැකියා වලින් ඉවත් කරන්න බැරි එදා මාමා දුන්න වැටුප් වර්ධක අද බැනා දෙනවා ඒ වැටුප් වර්ධකයෙන් පුළුවන්ද තිබෙන ආර්ථික ප්‍රශ්න විසදගන්න වෘත්තිය සටන පවාදුන් අයට සැනසිමට හොදයි 1815 ත් රට පවාදුන් අය වගෙම 1818 ඌව වෙල්ලස්ස සටනේ විර කැප්පෙටිපොළ නිලමේ ඇතුළු නායකයන් පාවාදුන් එක්නැලිගොඩ පරපුරේ අය තාමත් අප අතර සිටිනවා
ඔය කියනදේට රැවටෙන්නෙ එපා. මොකද ඉස්සරත් ඔය වැඩේ කලා. රැවටුනේ වැඩට ආපු අය තමයි. අන්තිමට ඔක්කොටම ඔය කියන දීමනා ලැබුනා .තවත් එකක් තමයි ඉතිරිවෙන නිවාඩු වලට අමතරව කාලයක් සේවය කරන්න පුළුවන් කීම .ඒකෙනුත් ප්‍රයෝජනයක් නැහැ කියලා මතක තියාගන්න .ඒවා අත්දැකීම් බව සිතන්න
සීනි බෝල .තව මාස හතරකදී සියලුම රජයේ සේවකයන්ට මේ වරප්‍රසාදය ලැබෙනවා
ජෙප්පො නැත්නම් මාලිමා කාරයොත් පෙරෙට්ටො නැත්නම් කුරුට්ටො වර්ජනය මෙහෙයවන බව ඉතාමත් පැහැදිලියි... එයින් පේනවා එවුන්ට ජනාධිපතිවරණය කෙසේවත් දිනන්න බැහැ කියලා.. ඔවුන්ට දිනන්න පුළුවන් බව පැහැදිලි නම් ජනතාව පීඩාවට පත්වෙන වර්ජනය නවතාපල්ලා අපි ඔබේ සියලු ප්‍රශ්න විසඳීමට කටයුතු කරනවා කියන්න පුළුවන් නේද? කොහොම වුණත් විශ්ව විද්‍යාල පමණක් නොවෙයි පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩාල කරන ජෙප්පො හා කුරුටුගාමින් කිසිදාක දරුවන්ට අධ්‍යාපනය දෙන්න කැමැති නැහැ. දෙගොල්ලන්ම අවුරුදු 75 කලා අපි අලුත්ම කට්ටියකට දෙනවා කියන පිරිස් වලට කියන්න කැමැතියි 1971 සිට අද දක්වාම ජෙප්පෝ හා පෙරෙට්ටෝ කරපු හා දැනුත් කරන දේවල් නිසා රටේ සංවර්ධනය අඩාල වුණාද නැද්ද කියලා සිතා බලන්න කියලා මගේ අදහස නුවනැත්තන්ට තේරුම් ගන්න පුළුවන් වේවි... මන්ද බුද්ධිකලා ඩිස්ලයික් දමාවි බනීවි..!
වැටුප් වර්ධක දෙන්න සල්ලි තියෙනවද?
එහෙම අය ඉන්නවාද වට්ස්අප් වරදාන උසස්වීම් දෙන?
ඉතාමත් සතුටු දායක ආරංචියක් මොකද ආර්ථික යුක්තිය අවශ්‍යවන්නේ නම් අප කැපවීමෙන් මහන්සියෙන් ආදර්ශයෙන් වැඩ කල යුතුයි.ඒ කැපවීම ආදර්ශය දේශපාලකයන් විසින්ද රටේ ජනතාවට ලබා දිය යුතුයි.අපේ රට බංකොලොත් ණය ගෙවාගන්න බැහැ ණය උගුලක සිර කරලා ඉවක් බවක් නැතිව සැලැස්මක් නැතිව වැඩ කරලා නියාමනයක් පසුවිපරමක් නැහැ , සංවර්ධන ව්‍යාපෘති තුළ යහපාලන යාන්ත්‍රණ අවහිර කරලා ඇයි හොරකම වංචාව දූෂණය කර තම මඩිය තරකරගන්න අවස්ථා අවහිර වන නිසා. මේතරම් බංකොලොත් රටේ ඇමතිවරු මන්තිරිවරු ගන්න සැප කොපමණද රටත් ජනතාවත් අන්ත දුප්පත් වෙලා රජයේ සේවයකුටවත් අද එදා වේල කන්න හැකි පරිසරයක් නැහැ.නමුත් පාලකයන්ට ගමන් යන්න සැප වාහන කීයක් තියනවද එයාලට දැනෙන්නෙ නැහැ රට දුප්පත් ,බංකොලොත් කියලා.රටේ ජනතාව කබුරනවා බදු ගෙවලා .කන බත්පතට කොපමණ බදු ගහනවද? ඒවා එකතුකරලා වසර 76ක් කල විනාශකාරී පාලනය මෙයට වගකිව යුතුයි. රට ගැන රටේ අහින්සක ජනතාව ගැන ආදරයක් කැක්කුමක් නැති තමන් හා තම පංතිය තමන්ට සහය දෙන උන් විතරක් සැප විදිය යුතුයි කියා සිතන මේ මජර දේශපාලුවන් සිටින තුරු මේ රටට ගැලවුමක් නැත. මොවුන් ගැන පහදා දී ගෙන් ගෙට ගොස් අහින්සක ජනතාව දැනුවත් කළ යුතුයි. එය කරනවාම
පඩිවැඩිකරන්න භාණ්ඩාගාරයේ නැති මුදල් ඔන්න එළියට දමලා.එතකොට ඒවට වැඩිකෙරුවේ කොහොමද ?