තවත් ලාංකික කතක් කුසට අහරක් නොමැතිව ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර ඇති බව සෞදි අරාබියේ කමිස්මුසායිඩ් අබා කඳුකරයෙන් වාර්තා විය
අසීර් රෝහලේ හතරවන මහලේ හත්වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ මහනුවර උඩුවෙල හන්තාන පාරේ දෙදරු මවක් වන ෂෙරින් ලියෝනි කැතරිනා (45) ඇයයි.
එහි සිටින ලාංකික කාන්තාවක් වන මේනකා මහත්මිය ප්‍රකාශ කළේ එම නිවසේ හිමිකාරයන් විසින් මෙම කාන්තාවගෙන් අධික ලෙස වැඩ ගත් නමුත් රොටි(කුබුස්) කැබැල්ලක් හැරෙන්නට වෙන කිසිදු ආහරක් දී නැති බවයි.
නිරාහාරව සිටිමින් අධික ලෙස වැඩ ගත් කිරීමේ හේතු මත සහ වෙහෙසට පත් වී කාරීව ඉතා දුර්වලව රෝහල් ගත කර ඇති පවසන අතරම උදරයේ ඇති වූ ආසාදනයක් මත වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ උදරයේ මිදිගෙඩි තරම්වූ ගෙඩි විශාල ප්‍රමාණයක් ඇති බවයි.
මේ වනවිට එම ගෙඩි ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට පියවර ගෙන ඇතිබවත් තවමත් මෙම කාන්තාවට ඇදෙන් බැසීමට හෝ නොහැකි බවත් අතර ආහාර පාන එම රෝහලේ සේවය කරන ලාංකික කතුන් ඇයට කවමින් පොවමින් සිටින බවත් කියති.
මෙම කාන්තාව හා ජංගම දුරකතනයෙන් ප්‍රකාශ කළේ තමාට නිවාස කිහිපයකම වැඩ කිරීමට සිදු වු බවයි. එම නිවෙස් වල ඉතිරිවන කෑම බීම කුණුබක්කියට විසිකරන නමුත් කෑමට රොටි කැබැල්ලක් හැරෙන්නට කිසිවක් නොදෙන බවද ඇය කීවාය.
අධික ලෙස වැඩ කිරීමෙන් වෙහෙසට වත්වී සිටින සිටින නිසා කෙළින් හිටගැනීමට හෝ තමාට බැරි බවත් ඇය පවසන්නීය. මාගේ ජංගම දුරකථනය ගෙහිමි කාන්තාව විසින් ළග.ගෙදරට කොල් කරන්නත් බෑ. ඇය පවසන්නේ කුමන හෝ ක්‍රමයකින් මගේ නිවසට මා පිළිබදව දැනුම්දී මා ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසය.
මෙම කාන්තාව මුහුණදී ඇති බැරෑරුම් තත්ත්වය පිළිබඳව එහි සිටින නිමල් එඩේරමුල්ල මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ඉතා දුර්වල ශාරීරික තත්වයේ පසුවන මෙම කාන්තාව පිළිබද ජෙඩා කොන්සියුලර් කාර්යාලයේ කම්කරු නිලධාරි මලික් මහතා අදාළ හාම්පුතා ගෙන්වා විමසීමේදී ඔහු පවසා ඇත්තේ හිග වැටුප් ලබාදී ලංකාවට පිටත් කර යවන බවට පොරොන්දු වූ බවයි. එසේ වුවද ගෙහිමි කාන්තාව අද දුරකථන මගින් පවසා ඇත්තේ විශාල මුදලක් වැය කර ගෙන්වා ඇති නිසා තවදුරටත් තම නිවසේ කාලයක් වැඩ කිරීමට ඇයට සිදුවන බවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහල් සේවයට යන එකත් නවත්තලා, ඒ සම්බන්ද තියෙන ආයතනත් වහලා දාන්න. දැන් හොයනවට වඩා මුදලක් අපිට ඉතිරි වෙනවා ඒකාන්තයි මොන ලැජ්ජා නැති වැඩක්ද වැඩ කාරකමට අපේ කාන්තාවෝ යවන එක. අනික් අයටත් ලැජ්ජයි ලංකාවෙ කෙනෙක් කියන්න. (නදී)
ඇත්තම ඇත්ත. මේවනේ බොලේ මානව හිමිකම් උල්ලංඝනය කියන්නේ. වැඩ කලාට සල්ලි දෙන්නේ නැහැ. කන්න දෙන්නෙ නැහැ. ලෝකෙම බය වෙලා ඉන්න ඕනෙද මේ මෝඩ හැත්ත කරන වැඩ වලට.(නදී)
වහල් සේවයට යවලා මේ නැති කරන්නේ ශ්‍රී ලාංකික සමස්ථ කාන්තාවන්ගේ අභිමානයයි. අරාබි රටකට ගිහින් ලංකාවෙ කියලා කියන්න හතර විලි ලැජ්ජයි. වැඩේ කියන්නෙ මේකට රාජ්‍ය අනුග්‍රහයත් දෙන එකනේ. (ස)
කෝ මේ විදේශ ඇමතිනී? (ස)
"මෙම කාන්තාව හා ජංගම දුරකතනයෙන් ප්‍රකාශ කළේ තමාට නිවාස කිහිපයකම වැඩ කිරීමට සිදු වු බවයි. එම නිවෙස් වල ඉතිරිවන කෑම බීම කුණුබක්කියට විසිකරන නමුත් කෑමට රොටි කැබැල්ලක් හැරෙන්නට කිසිවක් නොදෙන බවද ඇය කීවාය" මෙන්න මානව හිමිකම් කඩවීම. මේවට එරෙහින හඬක් නගන්න. ඇමතිතුමියනි, මේකට විසඳුමක් නෙමෙයි නැවත ඇතිවීම වලක්වන දිගුකාලින ක්‍රියාමාර්ග ගන්න. මේක හොයන්න පරීක්ෂණ පවත්වන්න කන්ඩායම් යවලා සත පහක වැඩක් නැහැ. (ස)
මේ වගේ නරුමයෝ ඉන්න ඔය රටට අපේ කාන්තාවන් යවන එක නවත්වන්න. ඉන්න අයව ගෙන්න ගන්න බලන්න. (ස)
තෙතමනයක් නැති නරුමයො ගාවට අපේ කාන්තාවො යවන්න එපා. ඔය හම්බ වෙන සොච්චමට වඩා අපේ අභිමානය වටිනවා. වැඳලා කියන්නේ ඇමතිතුමියට.(ම)
වැඩකාරකමට අපේ කාන්තාවො යවන්න ඇයි? රාජ්‍ය අනුග්‍රහයත් දෙනවා. ඒක ප්‍රවර්ධනය කරන්න අමාත්‍යංශත් පිහිටුවලා තියෙනවා. මොකක්ද මේ කරන්නේ? ගාමන්ට් ටිකක් දාලා දුන්නනම් රස්සාවක් කරන් තමන්ගේ රටේම දරුවොත් බලාගෙන ඉන්නවා නේද මේ අය.(ම)
කෝ මේ වන්ශෝර්ට් රන්ජන් එදා කට අද කෝ (ස)
වැඩ අරගෙන කන්න නොදෙන මේ වගේ මිනිස්සුන්ට හෙන හත වදින්න ඕනේ. ජාතිය කුමුක් වුවත් මිනිහෙකුට කන්න ඕනෙ කියන එක තේරෙන්නෙ නැද්ද මේ යක්කුන්ට (ස)
විදේශ රටවල දහ දුක් විදගෙන ශ්‍රී ලංකාවට කෝටි ගණනක විදේශ විනිමයක් ගෙනෙන අසරණ මිනිසුන්ට කිසිම රජයකින් නිසි සැලකිල්ලක් මේ දකවාම නොලැබී ඇති බැවි මගේ හැනගීමයි. අඩුම ගානේ බදු සහනයක් . නමුත් මේ රටේ පාලකයෝ කිසිම ලැජ්ජාවක් නැතිව මේ සියල්ල උපරිම ලෙස බුක්ති විඳිති, හරිම කණගාටුවක් තියෙන්නේ මේ ගැන.(ස)
කාන්තාවන් වහල් සේවයට පිටරට යැවීම වහාම තහනම් කල යුතුයි. මේ සදහා ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතුයි.(ම)
මෙම රෝහලේම දැනට ලාංකික ගෘහ සේවිකාවන් තිදෙනෙකුගේ මල සිරුරු තිබෙනවා.(ම)
මේත් කාගෙ හරි බිරිඳක්, අම්මා කෙනෙක් හෝ සහෝදරියක්. නේද? (ම)
බැරිනම් මේ රටට ගෑණු යවන්න එපා. ඉන් අයත් ගෙන්න ගන්න බැරිනම්. (ස)
රන්ජන්ට මට නම් කියන්න දෙයක් නැහැ. එයා එදත් කතා කලා ඒ අය ගැන. අදත් කතා කරයි. නමුත් වගකීම තියෙන්නේ අදාල ඇමතිවරයාට හෝ රටේ නායකයාට. තවදුරටත් වහල් සේවයට කාන්තාවෝ යැවිය යුතුද නැද්ද කියන තීරණය විතරයි ගන්න ඕනේ. යවනවා නම් මේ වගේ ඒවා තව තව අහන්න ලැබෙයි. (ස)
විදේශ රැකියා සමාගම් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙහි වගකීම දැරිය යුතුයි. තමන් රස්සාවට යවන සේවකයා හොඳින් ඉන්නවද කියලා ඔවුන් සොයා බැලිය යුතුයි. රටට ගිහින් අතඇරලා විතරක් වගකීමෙන් නිදහස වෙන්න දෙන්න එපා ඇමතිතුමියනි. (බ)
රටින් පිටවෙනකොට නම් ඉන්සුරන්ස් වෙලාද බලන්න නම් ඕන තරම්. මෙහෙම අසරණ උනාම බලන්නේ එම රටවල ඉන්න අයමයි. ඒවා අර අයට පෙනෙන්නේ නැ. සල්ලි ටික ගත්තම ඇති. (ර)
සෞදි රටට කාන්තාවන් එවන්න එපා. (ස)
සෞදි රටට කාන්තාවන් එවන්න එපා (නි)
මඩු වලිගෙන් ගහන්න ඕන මේ කාන්තාව වහල් සේවයට එවල ඒ සල්ලි වලින් යැපුන පිරිමින්ට ! (දී)
අනේ අපේ මිනිස්සු (දී)
සව්දි අරාබිය කියන්නේ ලෝකයේ තියෙන ධනවත්ම රටක්. (දී)
සෞදි අරාබිය කියන්නේ ලෝකයේ තියෙන ධනවත්ම රටක් වගේම දුෂ්ඨම මිනිස්සු ඉන්න රටක් කියන එකත් ඔප්පු කරලා තියෙන්නේ.(දිල්)
ඔය රටට කාන්තාවෝ යවන එක කවදාවත් නවත්තන්නේ නෑ කිසිම ආණ්ඩුවකින්. (දිල්)
මීට වඩා හොඳයි ලංකාවේ කොහේ හරි වැඩ කර කීයක් හරි උපයා ගන්න ඒක. නමුත් අපේ කාන්තාවන්ට ඕන පිටරට යන්න. මුස්ලිම් රටවල වෙන ආබාධ දැන දැනනේ යන්නේ. ලංකාවේ කොහේ හරි වැඩකාරකමක් කරන එක අපේ ලංකා කතුන්ට ලැජ්ජයි. පිටරට ගියාම මොනවා කරනවාද කියා ලංකාවේ කට්ටිය දන්නේ නෑ දන්නේ ලංකාවට ආවාම බොරු සෝබන (බ)
ඉස්සර කෑගැහුවේ මැද පෙරදිග ගැන. බොරුව වැඩක් නැහැ මේ අය කරන සේවයේ වටිනාකම, මේ අයගේ වටිනාකම තේරුම් අරගෙන සුදුසු පියවර වහාම ගන්න. (ර)
ඔය මනුස්සයව අාපහු ඔතනට නම් යවන්න එපා. අන්තිමට මලකඳවත් දකින්න ලැබෙයිද කියලා සැකයි. (නදී)
අද විදේශ රැකියා සමාගම් රූපවාහිනී නාලිකා පවා බදු අරන් ඉන්නේ. එහෙ අය ගෙවන ගාන ගැන හිතාගන්ඩත් අමාරුයි. මේ ගොල්ලන් මේ අය විකුණගන කන ව්‍යාපාරයක් මේක. ජිවිතත් විකුණනවා. මේ හම්පුතාල වියදම් කරන ගානෙන් 4න් 3ක් මේ සේවිකාවනට ලැබෙන ක්‍රමයක් ගොඩනැගිය යුතුයි (බ)
අපේ රටේ ගහමරාගෙන දේශප්‍රේමීත්වය කතාකරන දේශපාලකයෝ, රටට බිලියන් ගණන් විදේශ විනමය ගෙන එන .. මේ සෞදිය වගේ රටවලට ඇවිල්ලා දුක්විදින කාන්තාවෝ ගැන මොහොතක්වත් කරන්නෙත් නැහැ, හිතන්නේ නැහැ. යුද්දේ කාලේ හමුදා සෙබළු කල සේවයට නොදෙවිනි මෙහෙයක් මේ මිනිස්සු කරන්නේ. පුදුමේ කියන්නේ බලය ගන්න, ජාත්‍යන්තර කුමන්ත්‍රන කතාකරන දේශපාලකයෝ කිසිදාක මේ මිනිස්සු ජාත්‍යන්තරයේ විදින දුක හදුනාගෙන නිශ්චිත වැඩපිළිවලක් හදන්නේ නැති එකයි. අපි "ලංකාදීපෙට" ස්තුති කරන්න ඕනේ මේ වගේ දේවල් සමාජයට හෙලිකරනවට. ඒ වගේම සමාජය තුල විද්වත් කතිකාවක් අරබන්න ඕන මේ අසරණ එහෙත් රටට යෝධ විදේශ විනිමයක් ගේන කාන්තාවන් ගැන. ඒක ඔබෙත් මගෙත් සමාජ වගකීමක් වෙනවා ඇත. දේශපාලකයෝ සංදර්ශන පවත්වා ඔවුන්ගේ රක්ෂණ මුදලට තට්ටු කරනවා ඇරෙන්නට කිසිත් නොකර ලැබෙන විදේශ විනිමයෙන් කොමිස් ගසා යහතින් සිටිනු ඇත. දේශපාලකයෝ යනු අද ඉන්න පක්ෂ විපක්ෂ සියලුම දේශපාලකයෝය. (නදී)
නීතිගත නූතන වහල් වෙළදාම (නදී)
සමහර රටවල් වලට යැවීම නතර කළ යුතුය. (ස)
මෙහෙ ඉන්න අපේ කාන්තාවෝ විදින දුක් දැක්කහම පුදුම හිතිනවා... ඇත්තට කියන්න අපේ තානාපති සේවය දැවැන්ත වෙනසක් වෙන්න ඕන මැදපෙරදිග ... පිලිපීනය වගේ රටවල තානාපති කාර්යාල ලොකු වැඩකොටසක් කරනවා ඒගොල්ලොන්ගේ රටේ සේවකයෝ වෙනුවෙන් (නදී)
ලංකාදීපයට අනෙක වාරයක් ස්තුති මේ කරන ජාතික මෙහෙවරට. මේ වගේ අසරණයන් ගැන මෙහෙම එලි නොකලොත් මේ වගේ අපේ දුප්පත් අම්මලා සහෝදරියන් කී දෙනෙක් සෞදි රටේ මෙහෙම මිය ඇදේවිද? නැවත වාරයක් අහන්නම්, අපේ අම්මල සහෝදරියන් සෞදි රටට යවන එක කවදද නවත්වන්නේ? දැන් අපි අහපු ටික මදිද? (නදී)
මම පුද්ගලිකව දන්න නිසයි කියන්නෙ මම සේවය කරන රෝහලට පසුගිය අවුරුද්දෙ පමණක් ලාංකික අය මම දැනුවත්ව 4 දෙනෙක් ගෙනාව.ඒ අය බොහොමයක් කරදර වලට මුහුණ දීල.මීට කලිනුත් මම සදහන් කරලා තිබුන සෞදියට නම් කාන්තාවො එවන්න එපා.මෙහේ ඉන්නේ වැඩි හරියක් මානුෂික හැගීම් නැති අන්තිම මුග්ද කොට්ටාශයක්.මෙයාලගේ තියෙන තිරිසන් පහත් ගති පිරිමහගන්නේ ගෙවල් වල වැඩ කරන අයගෙන්.දැන් අලුත්ම දේ තමයි සෞදියට එන අයගේ පවුල්වලට ඒජන්සියෙන් ලක්ෂගණන් සල්ලි ගෙවන එක.ලංකාවේ පිරිමි ඉන්න උන්ට කියන්නෙ පාරට බැහැල හිගා කාපල්ල. තමන්ගේ අම්ම,සහෝදරී බිරිද මේ රටට එවන්නේ නැතුව. (ස)
වහල් සේවයට යවනවා නම් නිතිරිති හරියට හදන්න ඕනේ. එහෙම නැතුව ඒවට යන අහිංසකයින්ට මේවා වෙනස් කරන්න බැහැ. අද වෙන්නේ ඔහේ යවනවා. ප්‍රශ්නයක් උනහම ඒක සොයන්න බලන්න කියලත් ඒ ඒ ආයතන වල නිලධාරීන් මේ අහිංසකයින්ම එවන සල්ලි ලක්ෂ ගනන් වියදම් කරගෙන යනවා. එනවා. මාධ්‍ය සන්දර්ශනත් පවත්වනවා. ඔච්චරයි. (ස)
ලංකාදීපයට ඇත්තටම පින්. මේවා යට ගහන්නෙ නැතුව රටට එලි කරනවට. මහා ලොකුවට රට විරුවො කිය කියා රට පටෝනවා. හරියට නීතියක් හදන්නෙ නැහැ. ඒ රටවල් එක්ක ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ. අපේ මිනිස්සු රකින්න. ක්‍රම වේදයක් නැහැ යවන මිනිස්සු උන්නද මලාද බලන්න. (ස)
මේ කාන්තාවන් කවුරුවත් බලෙන් යවන්නේ නැහැනේ. එයාලා කැමැත්තෙන්නේ යන්නේ (නි)
කරුණාදාස මහතා හරියටම හරි. (ස)
'මේව ගැන සෞදියට විරුද්දව ජාත්‍යන්තර පරීක්ෂනයක් තියපල්ලා කියල මානව අයිතිවාසිකන් රකින මේ රටේ ඔස්තාර්ල බ්‍රිතාන්‍ය අමෙරිකානු මහ කොමසාරුවරුන් ගෙන් තාම ඉල්ලල නැද්ද? (නදී)