වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ පිරිසක් අද (16) දින පස්වරුවේදි අනුරාධපුර නව නගරයේ විදුලිබල මණ්ඩලයේ පළාත් කාර්යාලය ඉදිරිපිටදි උද්ඝෝෂයක් කළහ.

මණ්ඩලයේ පාලන අධිකාරිය විසින් 2015 වසරේදි වැටුප් විෂමතාවයන් ඉවත්කර සේවක වැටුප් වැඩිකරන බවට වු පොරොන්දුව මෙතෙක් ඉටු නොකළ බව උද්ඝෝෂකයෝ කියති.