වැල්ලම්පිටියේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට වෙඩි තැබූ අස්ථාවේ පොලිස් නිලධාරීන්ද එම ස්ථානයට රාජකාරි සඳහා යොදවා තිබූ බව පොලිස් ආරංචි කියයි.පොලිස් ජංගම රියක් ද ඒ අසල තිබී ඇත.
රාජකාරි සඳහා සිටි පොලිස් නිලධාරීන් රාජකාරි පැහැර හැරියේ දැයි සොයා බැලීමට විමර්ශනයක් පවත්වන බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පින්තූරවලින් දැක තිබෙනවා මේවා කරන දේශපාලකයන්ට පොලිසියේ උසස් නිළධාරීන් අචාර කරනවා හිස නමා සැලියුට් කරලා. එහෙම රටක පොලිසිය සිටියත් ඔවුන් ඔවුන්ට ඕනේ විදියට වෙඩි තබා මරා දමලා ගියත් ඔච්චර තමයි (නදී)
පොලිසිය කරන්නේ හොදම දේ. (නදී)
ගෝත්‍රික රටක පොලෝසියට බැඳුනාම ඉතින් මෙහෙම තමයි. ! (නදී)
අන්න අර ඇතුලේ ඉදන් උදව්කරන අයගේ වැඩක් (නදී)
සාමකාමී මැතිවරණයක් බලාපොරොත්තු වෙන රටේ ජනතාවට රජය ප්‍රචන්ඩත්වය මුදාහැර ඇති බව දැන් පැහැදිලියි. (නදී)
සාමකාමී මැතිවරණයක් බලාපොරොතු වෙන රටේ ජනතාවට රජය ප්‍රචන්ඩත්වය මුදාහැර ඇති බව දැන් පැහැදිලියි. (නදී)
පොලිසියට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන්න වෙලා තියෙන්නේ (නදී)
බොරු වැඩ. පොලිසියේ අනු දැනුම ඇතුවමයි ඔක්කොම වෙන්නේ. කොහේ දී කාට ගැහුවත් පොලිසිය බලා සිටිනවා මිස බේරන්න යන්නේ නැහැ. හම්බන්තොට වරාය, හම්බන්තොට නගරය, නුවර එලිය පොලිසිය බලා සිටිද්දී උණු දේවල් (නදී)
ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී. රාජකාරිය කරන්නත් බැහැ. මග අරින්නත් බැහැ. උභතෝටික ගැටලුවක සියලුම පොලිස් නිලධාරින් ජනවාරි 09 වන දා තෙක්.(නදී)
හිටියත් ඉතින් නැහැ වගේනේ (නදී)
එතන හිටපු රාළහාමිල ටිකත් ඉල්ලලා අස්වෙයි ද? කවුද ඉතින් ජීවත් වෙන්න තියෙන අසාවයි දරු පවුල්වල ආරක්ෂාවයි ගැන හිතන්නේ නැත්තේ. ලොක්කෝ දේශපලයකන්ගේ අතකොලු .පොඩ්ඩෝ කොට උඩ.මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ .ලංකාවට අනාගතයක් තියෙන්නන නම්. (බ)
අනේ ඔය අහිංසකයෝ හිටිය කියල මොනවා කරන්නද. ඒ අයටත් වෙඩි තියල දාල ගියහම උන්ගේ දරුවන්ට යන කල මොකක්ද. අද කාලේ මිනි කැට යට ගිහින් ගොම රිටි උඩ ඇවිල්ල තියෙන්නේ. හොදම දේ නොදැක්ක වගේ ඉන්න එක. (බ)
ඒ රැහේ උදවිය සිදුවෙන්නට යන පරාජය හමුවේ දැන් වියරු වැටිලා ඉන්නෙ.මෛත්‍රීපාල මැතිතුමණි ඔබ ප්‍රවේශම් වන්න.මේ ජාතිය වෙනුවෙන් කරන ඉල්ලීමක්. (අ)
සමහරවිට වෙඩි සද්දේ ඇහෙන්න නැතුව ඇති ...(අ)
එදා වෙඩි වැදී අපේ නිර්බීත ලක් පුතෙක් දිවි පිදුවේ කොලොන්නාව ආසනයේ මෙවැනි ස්ථානයක. එහෙත් එම වෙඩිල්ල පත්තු කල තුවක්කුවවත් සොයා ගත්තේ දැයි මහජනයා මෙතෙක් නොදනී (නදී)
දැන් කියයි මට ඇහුනේ නැහැනේ (නදී)
රාලහාමි මං ,රාලහාමි මං පොලෝසියේ රාලහාමි මං දේශපාලුවන්ට කඩේ යන්නේ මං. (නදී)
වැටත් නියරත් ගොයම් කයි නම් කට කියමු ද ඒ අමාරුව කියල තමා ඉතින් අපිට අහන්න තියෙන්නේ. (අ)