
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
වැලිගම මිදිගම තුර්කි ගම්මානයේදී 46 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (20) පැවති නඩුවකට සහභාගී වී නැවත නිවසට ගොස් සිටි අයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය කියයි.
නඩු විභාගය අවසන් වී අතරමගදී ඔහු යතුරුපැදියකට ගොඩ වී නිවසට පැමිණ තිබෙන අතර එම යතුරුපැදිකරු මෙම වෙඩි තැබීම සිදු කලේද යන්න සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
ඔහුගේ බිරිද හා දරුවන් ඥාතියෙකුගේ මගුල් ගෙදරක ගොස් සිටි අතරතුර මෙම වෙඩිතැබීම සිදු කර තිබේ.
වැලිගම මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd