( දිල්රුක්ෂි ග්‍රේරු )
පිටකොටුව හෙට්ටිවීදියේදී අද (09) උදෑසන සිදු වු වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු මිය ගොස් ඇත.
ක්‍රිෂ්ණා හෙවත් ක්‍රිෂ්ණාපිල්ලෙයි ගිරුබානන්දන් (40) නැමැති මන්ත්‍රීවරයා මෙලෙස ඝාතනය වී තිබේ.
ඔහු ස්වාධින කණ්ඩායමකින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී කොළඹ මහනගර සභාවට තේරීපත් වු මන්ත්‍රීවරයෙකි.
අද උදෑසන 9 ට පමණ හෙට්ටිවීදීයේ පිහිටි මන්ත්‍රීවරයාගේ වෙළෙඳසල තුළදී මෙම වෙඩිතැබීම සිදු වී ඇති අතර තුවාල ලැබු මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සඳහන් කරයි.
සුදු පැහැති හිස්වැසුමක් පැළැද යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු මන්ත්‍රීවරයාගේ වෙළෙදසල ආසන්නේ සුළු වේලාවක් රැදී සිටීමෙන් පසු වෙළෙදසල තුළට ගොස් මන්ත්‍රිවරයාට වෙඩි තබා පළා ගොස් ඇතැයි මුලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී වෙළෙදසල තුළ එහි සේවකයින් දෙදෙනකුද සිට ඇති අතර වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඝාතනයට ක් වු මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ අයකු යැයි සැකයක් පවතින බවත් මෙම වෙඩි තැබීම කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් මත සිදුවක්ද යන්න පිළිබඳ සැකයක් පවතින බවත් පොලීසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ අරඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේශපාලනයේ නිරතවෙන්නන්ගේ සුදුසුකම... මෙවැනි අයටත් අද ස්වාධීන කණ්ඩායමකින් හරි තරඟ කරලා තේරී පත්වෙන්න පුළුවන් තත්වයට අද රට පත්වෙලා තියන්නේ. මෙවැනි ඡන්ද දායකයෝ ඉන්නකං, මේ රට හදන්න පුළුවන්ද?
යහපලානේ දොරේ ගලනවා. එක අතකින් සුදු වෑන් සංස්කෘතියට වඩා මේක හොදයි වගේ.
නීතිය පසෙක දමා යහපාලනය දෝරෙගලා යන කලෙක, අපේ රට නිදහස උපරිමයෙන් විඳිමින් දිනකට අඩුම තරමින් දිනකට මිනි මැරීම් 3ක්, අපචාර 3ක්, ළමා අපචාර 2ක් සිදුකරන රටක් වෙලා.... සුදු බැරි නම් කළු වෑන් හරි ගෙනැල්ලා මේ පාතාලය, ස්ත්‍රී දූෂකයන් සහ කුඩු ජාවාරම්කරුවන් මට්ටුකරන්න එපා කියන්නවුන් තවත් සිටීද?