බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන නවයේම නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. ඉන් ආසන තුනක් පමණක් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. වැඩි ඡන්ද 11348කින් බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළේය.
සන්ධානය මන්ත්‍රී ආසන 09ක් ද, එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 08ක් ද, ජනතා විමුක්ති පෙරමුණ එක් මන්ත්‍රී ආසනයක් ද හිමි කර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්ධානය ජය ලබපු බවක් මට නම් පෙනෙන්න නැහැ. (නි)
ඌවේ ඡන්දදායකයින් සන්ධානයට මෙවර තරමක් සැර කුළුගෙඩි පහරක් එල්ල කර ඇත. ඌව පළාත් සභාවට මෙවර ප්‍රබල විපක්ෂයක් ලැබීම එහි ජනතාවගේ ජයග්‍රහණයකි. (නදී)
ජිවත් වීමේ ආර්ථික සටන අමාරු වුනත් යුද්ධය ජය ගැනීමේ කෙලෙහි ගුණ සැලකීම ජනතාව තාමත් අමතක කර නැති බව මෙයින් මානව පැහැදිලි කර තියන බව පේනවා. (නදී)
ආණ්ඩුවට හොද රතු එළියක්. මිනිස්සු කරන ජරා වැඩ අනුමත කරන්නේ නෑ. වැරදි හදා ගත්තේ නැත්තම් ලගදීම ගෙදර යන්න වෙන්නේ කට්ටියටම. වැරදි පෙන්නලා දුන්නට බදුල්ලේ මිනිස්ස්සුන්ට පින්. (නදී)
දැන්වත් මිනිසුන්ට ඇත්ත තේරුම්ගන්න බැරිද? (නි)
මෙකී නොකී සියල්ල කළේ ඔය වැඩි ඡන්ද ගණන වෙනුවෙන්ද? ඡන්දය වෙනුවෙන් ගෙනගිය සටන ගැන හිතූවිට මේක මොන ජයග්‍රහණයක්ද? (නි)
සන්ධානයට ජය ලැබීම එම පළාතට හොඳයි. තවමත් මිනිසුන් එජාපය අනුමත නොකරන බවට කදිම නිදසුනක්. (නි)
ජනාධිපතිතුමගේ ජයග්‍රහණයක්! රට ගැන හිතන්න ඕනෑ කවුරුත් (නි)
ලංකාවේ මිනිස්සු තමන් ගැන විතරක් හිතන තාක්කල් රට හදන්න බැරිවෙයි. දේශපාලකයෝ නෙමෙයි අපේ රටේ ඉන්නේ. දේශය කන්නන් ටිකක්. (නි)
සමහරු දැන්වත් තමන්ගේ තරම දැනගත්තොත් හොඳයි කියා සිතනවා (නි)
මට නම් පෙනෙන්නේ ආණ්ඩුවේ ජනතා ප්‍රසාදය සෑහෙන දුරට අඩුවෙලා. (නි)
රට ඔය විදියට තියෙන එකට කැමති නම් අපිට කමක් නැහැ (නි)
හැමදාම එකම පදේට නටන්න මිනිස්සු ලේස්තිනෑ. මොකද අද රටේ දුෂණය වැඩියි, ජිවන වියදම වැඩියි, හොරකම් මංකොල්ලකෑම් වැඩියි, රටක් නිසිමගේ යන්න නම් ප්‍රබල විපක්ෂයක් අවශයි. එතකොට ආණ්ඩුවත් හැමදේම හරියට කරනවා. දැන් එහෙම ද ඡන්දයක් එනකොට සියලු දීමනා දීල ඡන්දය අවසන් වූ ගවමන් සියල්ල මිල වැඩිකරනවා. (ස)