රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට එකතු කිරීමට පොරොන්දු වූ රුපියල් 2500 මෙවර වැටුපට එකතු වී නැතැයි රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් අජිත් කේ තිලකරත්න මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් කියයි.
අගමැතිවරයා දුන් පොරොන්දුව භාණ්ඩාගාරයෙන් ඉටු නොකිරීම නිසා රාජ්‍ය සේවකයන්ගේ රජය ගැන විශ්වාසය බිඳ වැටෙන බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වග ඉටු කරන්න අපහසු පොරොන්දු ගැන බලාපොරොත්තු තියා ගන්නා අයට කරන්න තියෙන්නේ අනුකම්පාව විතරයි, හොඳටම දන්නවනේ මුලික වැටුප් වැඩි කිරීමක් කල යුත්තේ අනුපතිකවයි කියලා. (ර)
යහපාලනේට තව කඩේ යන්න. 2500 වැටුපට මෙයාලමනේ යහපාලනය බලයට ගෙනාවේ. (බ)
බිද වැටෙන්න විශ්වාසයක් තිබුණාද මන්දා? (ම)
එක බිද වැටිලා ගොඩක් කල්..(ම)
මම රජයේ සේවයේ අවු 20 ක් වැඩ කලා 400 ක් පමණ සේවකයෝ හිටියා. 90% ක් පමණ නිකම්ම උන්නා. මෙහෙව් අයට තව මොන පඩි වැඩි කීරීම්ද? (ර)