(අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉකුත් අඟහරුවාදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් එම යෝජනාවලිය රජයට ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය බැංකු දෙකෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් ණය ලබා දුනහොත් ,බැංකු දෙක කඩා වැටීම වළක්වා ගැනීම අසීරු වන බැවින්,එම බැංකු දෙකෙන් සංස්ථාවට ණය දීම වහාම නවත්වන්නැයි ද මහ බැංකුව යෝජනා කර ඇත.
ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි පනස් හය දාහක් පමණ (ඇමරිකානු ඩොලර් මිලියන 2800 ක්) වන බව වාර්තා වේ.
මේ තත්වය හමුවේ සංස්ථාවට තවදුරටත් ණය ලබාදුනහොත් බැංකු දෙක කඩා වැටී ආර්ථිකය බරපතල අර්බුදයකට ඇද වැටීමට ඉඩ ඇති බැවින්, වහාම විකල්ප ක්‍රියාමාර්ග වලට යායුතු බවට ද මහබැංකුව යෝජනා කර තිබේ .
තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් වැඩි කිරීමට ද මහ බැංකුව රජයට යෝජනා කර ඇත .
සතියේ වැඩ කරන දින ගණන හතරට අඩුකර, පැය ගණන වැඩි කරන ලෙසට මහ බැංකුව යෝජනා කර තිබේ . ඒ අනුව ආයතනවල කටයුතු උදේ හතයි තිහට ආරම්භ කර, පස්වරු පහයි තිහ දක්වා පවත්වාගෙන යන ලෙසට එමගින් යෝජනා කර තිබේ . ආයතන තුළ සිට වැඩ කරන සේවකයන්ට උදේ 9.00 සිට හවස 3.00 දක්වා වැඩ කර ,නිවෙස්වලට කලින් යාමේ අවස්ථාව සලසා දිය යුතු බවට ද මහ බැංකුව යෝජනා කර තිබේ .
පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කර ,පොදු ප්‍රවාහනයට යොමු කරන ලෙසද මහ බැංකුව ඉල්ලා ඇත . මේ අතර ,ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සහ ඉන්ධන පරිහරණය අරපිරිමැස්මෙන් කළ යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන යන ලෙසද මහ බැංකුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවසේ වැඩ කිරීම වැඩිදියුණු කිරීමද කළහැකියි.
මොකක්ද මේ හතයි තිහේ සිට පහයි තිහ කියන්නෙ. කාටද ඒක අදාල වෙන්නේ කියන්න? දෙවනුව ආයතන තුළ සිට වැඩකරන අයට පෙරවරු නවය සිට තුන දක්වා කියනවා. මේ දෙකම අදාල වෙන්නේ කාර්යාල තුළ සිටින අයට පමණයි. ක්ෂේත්‍ර රාජකාරි කරන අයට සතියකට දින එකයි කාර්යාලයට එන්න තියෙන්නේ.. ගුරුවරු කොහොමද වැඩිපුර වැඩ කරන්නේ? එහෙම කළාම දරුවන්ට අභ්‍යාස කිරීම් ආදියට වෙලාවක් කොයින්ද? දරුවන්ට ඇතිවන වෙහෙස නිසා දරුවන් රෝගීන් වෙන්න පුළුවන්.. මෙය ක්‍රියාත්මක වුණොත් එය පූර්වාදර්ශයක් නොවේවා... (මට මතක් වෙන්නේම නාඩගම්කාරයෝ නාට්‍යයේ කුකුළා මුදලාලිගේ සහ මල්ලිගේ නම)
බස්රථ කොටකොට යාම සහ හෝල්ට් වල පැය ගණන් නවත්තගෙන ඉන්න එක තහනම් කරන්න...
කරුණාකර විදේශ ශ්‍රමිකයා, දේශීය කර්මාන්ත කරුවා හම්බකර බැංකු හරහා ලංකාවට එවන ඩොලර්වලට වෙලඳපලේ තියෙන නියමිත මිල ගෙවන්න. එවිට ඔවුන් පෙර පරිදි බැංකු හරහා ඩොලර් රටට එවාවි. එහෙම වුණාම මේ ඩොලර් ප්‍රශ්නය එක මාසෙන් විසඳෙනවා. දැන් රටේ ගෑස් සහ වෙනත් අමුද්‍රව්‍ය වල මිල දෙගුණයක්, හැම දේකම පාලන මිල ඉවත්කරලා, කර්මාන්ත කරුවාගේ වියදම් දෙගුණ වෙලා තිබෙන අවස්ථාවේ බොහෝ දෙනෙක් ව්‍යාපාරවලින් ඉවත් වෙලා. BMW වාහන වල ඩිකියේ දමාගෙන පාරවල් අසල බත්පැකට්, පොල් සහ පලතුරු විකුණනවා.. ඩොලර්වලට පමණක් පාලන මිලක් දමාගෙන හිටියොත් උන්ඩියල්කාරයා පොහොසත් වෙනවා. රට බංකොළොත් වෙනවා. අපේ ඇමැතිලා කිහිප දෙනෙකුත් මේ උණ්ඩියල් ජාවාරම් වලට සම්බන්ධයි.
ඒක කෙරෙන වැඩක් නොවෙයි, කැන්ටිමේ ඉන්න කාලය වැඩිවෙයි. කෙරෙන වැඩ ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. ක්ෂේත්‍රයේ වැඩකරන මිනිස්සු මොකද කරන්නේ? නිවාඩු දවසට වැඩ යොදා ගනී. අතිකාල ගන්න බලාගෙන.... අපි නොදන්නා රජයේ සේවකයෝ.
කළොත් කරන්නේ හරක් වැඩක්ම තමයි. රටම විනාශ කරන්න හදන්නේ මෙයා..
ඩොලර් තත්වය වැඩිවෙනකන් රට ලොක්ඩවුන් කරන්න.
ආවෙ නම් වැඩකරන විරුවා කියාගෙන.. අන්තිමට කෙරුවේ වැඩි කරපු එක විතරයි. දැන් අන්තිමට වැඩකරන දවසත් අඩු කරන්න යන්නේ... දැන් සැපයි. කිරිබත් කමු.
වැඩ තවත් අල කරන්නේ නැතිව ඩොලර් එක 300ට යවන්න. ඩොලර් උපයන්නේ නැති එක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. අඩු ගාණක් ගෙවන නිසා රට ඇතුළට ඩොලර් එවන්නේ නැතිව පිටරට ගිණුම්වල තියාගෙන ඉන්න එක. මෙහෙම ගියොත් ඉස්සරහට ලයිට්, ගෑස්, තෙල් විතරක් නෙවෙයි අපනයන අංශයත් කඩාගෙන වැටෙනවා. රටම කඩාගෙන වැටුණත් රුපියලට වැටෙන්න දෙන්නේ නැහැ කියන බාලාංශ මානසිකත්වයෙන් අයින් වෙන්න.
මරේමරු... නරකද සුමානෙට පැය 24ම දවස් දෙකක් වැඩකර දවස් 5 නිවාඩු දුන්නාම. එතකොට විදේශ රටවල් සමග වැඩ කරන රජයේ ආයතන අතිකාල ලබාගෙන වැඩ කරාවී. රටට හෙන 7 නොවෙයි 14 වදීවි.
කිසිම ගොම්බ යෝජනාවක් මේ වෙලාවේ කරන්න එපා. නුඹලා මේ දක්වා කරපු ගොබ්බ යෝජනා සියල්ලම පට්ට අසාර්ථකයි. නිකං ආතල් දෙන්නේ නැතුව ඉක්මණට මැතිවරණයක් කියන්න කියන්න....
පොදු ප්‍රවාහන සේවය මුදලාලිලාට සහ මාෆියා කාරයින්ට කුඩු, පාතාල කාරයින්ට නිසා තමයි අද ගොඩක් ප්‍රශ්න.. මේක හොඳට තිබුණා නම් අද මිනිස්සු තමන්ගේ වාහන තියලා පොදු ප්‍රවාහනේ පාවිච්චි කරනවා.. මිනිස්සුන්ට පොදු ප්‍රවාහනේ එපා වුනේ මග දිගට කොටකොට යාමත්, කරච්චල් සංගීත නිසාත්, කොන්දොස්තර සහ රියැදුරන්ගේ පහත් හැසිරීම් නිසාත්, අනවශ්‍ය විදිහට මගින් අනතුරේ දමමින් පාරේ යන නිසාත් කියන එක තමා ඇත්ත... මොන මනුස්සයාද හවසට වැඩ ඇරිලා බස් එකේ නැග්ගාම ඉහළ කියපු දේවල් අත් විඳවිඳ බස්වල යන්න කැමති..? ඒකයි මිනිස්සු බයික් කට්ටක් හරි ගන්නේ...
අනේ නන්දසේන මහත්තයෝ, ඔය මූසලකම තවත් හෙනයක් වෙන්නට නොදී ඇමරිකාවට ගිහින් ඉන්න.. මේ රට විනාශ නොකර යන්න හිටපු දිහාටම... කරුමයට අපිත් පලි දැන්..!
මේ මොකක්ද "ආයතන තුළ සිට වැඩ කරන සේවකයන්"...!
බල්ලගෙ වැඩේ බූරුවා කරනවා වගේ...
ඉස්සෙල්ලාම ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නවත්වන්න. ඔය අතන මෙතන නිරීක්ෂණ චාරිකා නවත්තලා දැම්මා නම් කොයිතරම් ඉන්ධන ඉතුරු වෙනවද? වාහන කීයක් ඔය එක තැනකට එනවාද කියලා බලන්න...
සංචාරකයන්ගෙන් ඩොලර් පිටරට ඉන්න ඇමතිලාගේ නැයින්ගේ ගිණුමට දගෙන ලංකාවට ගියාම අච්චු ගහන රුපියල් දුන්නාම, කබ්රාල් කොහොම කිව්වත් ලංකාවට ඩොලර් නියම ලෙසට නොලැබෙනු ඇත. මෙය රාජපක්ෂ සමාගම නොදන්නවා විය නොහැක. මෙය සංවිධානාත්මක මංකොල්ලයකි.
ඔබතුමාගේ යෝජනාව ඉතාම කාළෝචිතයි. මෙයට තවත් ඌණ පූරණයක් එකතු කිරීමට කැමැත්තෙමි. එනම් මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් සිස්ටම් තවත් ප්‍රචලිත කිරීමට රජයට යෝජනා කරන ලෙසයි. සාම්ප්‍රදායික චින්තනයට හැඩ ගැහුණු ශ්‍රී ලාංකීය සමාජයේ බොහෝ දෙනෙක් මෙයට විරුද්ධ විය හැකිය. නමුත් යතාර්ථයට මුහුණ දිය යුතුයි. මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් සිස්ටම් 2020ට පෙර ලංකාවේ බොහෝ දෙනෙකු අසා නොතිබ්බත්, කෝවිඩ් වසංගතයක් සමග එය අනිවාර්ය විය. එහි අඩුපාඩු ඇතත් පැවැති ප්‍රශ්නවලට විකල්පය වූයේ එයයි. හරියාකාරව එය ක්‍රියාත්මක කළහොත් අවාසිවලට වඩා වාසි විශාල සංඛ්‍යාවක් ඇත. කලකට පෙර ලයිට් බිල්, වතුර බිල් ගෙවීමට දවසෙන් අඩක් පෝලිමේ සිටි යුගයක් තිබිණි. නමුත් දැන් එය පරිගණක ආශ්‍රිතව බොහෝ දෙනෙක් කරන නිසා කාලය, ශ්‍රමය හා මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි වේ. හණමිටි කාරයින්ගෙන් ශ්‍රී ලංකාව බේරාගෙන විද්‍යාවෙන් ලැබෙන වාසි උපරිමයෙන් භාවිතා කිරීමට සමාජය හුරුවිය යුතුයි.
කබ්‍රාල්ට විකාර...!
රජයේ සේවකයෝ බහුතරයක් බොරු කරන්නේ... එමනිසා වැඩ කන වෙලාව නෙමෙයි, හරියට වැඩ කරන්න කිව්වා නම් හරි...!