මහියංගන ප්‍රදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි පානදුර උදසාවියට අද දැඩි රැකවල් මැද ගෙන එනු ලැබූහ.
පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කළැයි මේ හිමියනට නඩු පැවරීමට යයි.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා උසාවි රැගෙන ආ අවස්ථාවලදී මාධ්‍යට යම් යම් ප්‍රකාශ නිකුත් කළාක් මෙන් වටරැක හිමි මාධ්‍ය අවධානය ලබා ගැනීම සඳහා මාධ්‍යවේදීන් අමතමින් නොයෙකුත් දේ ප්‍රකාශ කරන බව පෙනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිල මට දැනෙන විදියට ඔබ ඉතාම බුද්ධිමත් උගත් කෙනෙක්. ඔයාට තේරෙන තරමට අනිත් අයට මේ දේවල් තේරුම් අන්න බැරි බව මෙතන සමහර අය දාන අදහස් වලිනුයි ඒවාට ප්‍රතිචාර විදියට කුලල් කාගන්න විදියෙනුයි පේනවා නේද. ඔබට මගේ ප්‍රණාමය අමිල. හැම කෙනෙක්ගෙම හොදත් තියෙනවා වැරදිත් තියෙනවා. මෙතන අදහස් දාන සමහරු හිතන් ඉන්නේ අපි කැමති පුද්ගලයා 100% ක් හරි අනිත් මිනිහ 100% ක් වැරදියි කියලා. හරිම කනගාටුයි. හැමෝගෙම දායකත්වයෙන් කැපවීමෙන් දිනලා දුන්න සාමයේ ප්‍රතිලාබ විදින ගමන් ඒක ලැබුනේ කොහොමද කියල සත්‍ය පිළිගන්න තරම් හෘද ශාක්ෂිය අවංක නැහැ. ෆොන්සේකා විතරක් කළා කියල සමහරු හිතනවා. මහින්ද විතරක් කළා කියල සමහරු හිතනවා. පොන්සේකාට කැමති අය ඕනෙනම් මගේ පලු අරී දැන්. ඇත්තටම අපිට යුද්දය ඉවර කරල දීපු එක පොන්සේකත් කළා මහින්දත් කලා. මහින්දට කලින් තවත් ජනාධිපතිවරු නම් හිටියා. පොන්සේකා මහත්තයත් ඒ කාලේ ඒ ආණ්ඩු යටතේ ඔය හමුදාවේම හිටයා. (නදී)
අමිල ඔබ හරියටම හරි මට කියන්න තියෙන්නෙත් ඔය ටික තමයි (අ)
හේමන්ත, ඔයා ඔහොම කිවුවට සමහරු කියන්නේ වෙන කතාවක්නේ (නි)
හිමියනි,ඔබට ජය වේවා! (නි)
අවංක මිනිස්සු තමන්ගේ රාජකාරියට නෑදෑයෝ ගාවගන්නේ නෑ. නියමිත ටෙන්ඩර් පටිපාටිවලට අනුව සුදුසු කෙනාට ටෙන්ඩර් එක දෙනවා. බෑණලාට, ලේලිලාට ටෙන්ඩර් දෙන්නේ නෑ. අයියල මල්ලිලා පුතාල තමන්ගේ දේශපාලනයට ගාව ගන්නෙත් නෑ. සිවුරේ ඉදගන දේශපාලන සිහින දකින්නෙත් නෑ. (ස)
හේරත්, ඔබ විචාරාත්මකව ඔබේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. එය අගය කල යුතුයි. මම දැක්කේ නැහැ කවුරුත් කියල තියෙනවා ෆොන්සේකා විතරක් යුද්ධය කලා කියල. ප්‍රශ්නය උනේ ෆොන්සේකා රට පවා දුන්න කියල කියපු එකයි. යුද්ධය ඉවර උන මුල් කාලේ සරත් ෆොන්සේකා තමයි "ලෝකයේ හොඳම හමුධාපති". ඒකට අපේ මිනිස්සු චියර් කලා. ඊට පස්සේ ඔහු තමන් යටතේ ඉන්නේ නෑ කියල දැනුණාම කපලා දැම්මා. පලි ගත්තා. රට පාවා දුන්න කියල කිව්වා. දැන් ඒකට චියර් කරනවා. ඔහොම තවත් අයටත් උනානේ. ඔහොම යන්! (ස)
හේමන්ත ඔයා යුද්ද කරපු කෙනෙක් නොවන හින්ද මම කියන්නම් ජෙනරාල් ෆොන්සේකා තමයි යුද හමුදාපති පුටුවේ ඉදලා මුළු ත්‍රිවිද හමුදාවම මෙහෙයෙව්වේ යුද්දය අවසන් වෙනකන්ම. එ්ක යුද්දෙට සම්බන්ද උන හැම කෙනෙක්ම දන්නා දෙයක්. එ්ත් සිවිල් අය ගොඩක් කට්ටිය එ්ක ගැන දන්නේ නැහැ. බොරුවට යුද්ද කාලේ හැංන්ගිල ඉදල දැන් කටමැත දොඩවනවා (නදී)
කවුරු වුණත් එතුමා භික්ෂුවක් නිසා සිවුරට ගරුකර හෝ හිරේ නොයවා වෙන දඩුවමක් දුන්නොත් නේද හොඳ? (නි)
වටරැක හිමිට හොඳ ඉදිරි අනාගතයක් තිබෙනවා (නි)
අමාලි බලයට කෑදරකම සෑම දේශපාලකයෙක් තුලම තිබෙනවා. ඒක ඔබ හොඳයි කියලා කියන උදවියට නැහැ අනෙත් උදවියට විතරයි තිබෙන්නේ කියලා හිතන්න එපා. පුද්ගලයන් දෙතුන් වර මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නේ ඇයි. මම හොඳයි කියන කෙනා එහෙම කරන්නේ රටට සේවය කරන්න තියන අවංක චේතනාවෙන් හැබැයි අනෙක් උදවිය එහෙම කරන්නේ බල තන්හාවෙන් . ඔන්න මට අමාලිගේ අදහස් වලින් වැටහුන දේ. (නදී)
කරුණා, පිල්ලයාන් තමයි රටේ වීරයෝ (නදී)
බල තන්හාව යනු සදා කාලික බලයේ සිටීම සඳහා ව්‍යවස්තාව ,නීතිය වෙනස් කොට දිගටම සිටීමයි. එය දැන් සිදු වී ඇත. මිනිසුන්ගේ මුදල් ගසා කන අය ජාති හිතේෂින් වෙන්නේ කොහොමද. (නදී)
මෙලෙස හැසිරීම ඉතාම කණගාටුදායකයි. (නි)
වටරැක ෆොන්සේකාට සමකල හැකිද? (නදී)
ගයන් මිතුර ඔබගේ වචන හැසිරීමද අනුන්ට හිත රිදීමට පුළුවන. අදහස් හා වචන ප්‍රවේසමෙන් පරිහරනය කල යුතුය (නදී)
මොන දේ කලත් දැන් ඇති පලේ කුමක්ද නම කැත කරගත්තට පස්සේ. (නදී)
ෆොන්සේකාට මහත්මයා කියලා කිව්වත් වටරැක හිමි කියලා කියන්න බැහැ. කරලා තියෙන වැඩ දිහා බැලුවම. (නදී)
පොලිසියට අසත්‍ය ප්‍රකාශ කරපු අය මොන තරම් ඉන්නවද? (නදී)
මම නම් හිතන්නේ බල තන්හාව කියන්නේ බලයේ ඉන්න අය දිගින් දිගටම බලයේ ඉන්න උත්සාහ කරන එකයි. දැනට බලය නැති අය මොනම ක්‍රමයකින් හෝ බලයට එන්න උත්සාහ දැරීමයි දෙකටම. (නදී)
ඉදිරියටම යමු හිමියනි! (නි)
සරත් පොන්සේකා අවංකකම සහ දේශපාලන අපරිනත බාවය නිසා කරදරයේ වැටුන කෙනෙක්. වටරැක හාමුදුරුවෝ අසත්‍ය ප්‍රකාශ කිරීම මත අත් අඩංගුවට පත්වූ කෙනෙක්. දෙන්නා බොහොම වෙනස්. (නදී)
ෆොන්සේකා මහත්මයාගේ නම ඇහුනු ගමන් ගොඩක් අයගේ වලිගෙ ගිනි ගන්නවා. ඉතින් ඒ ගින්න නිවාගන්න පාගා ගන්නෙත් තමන්ගේම වලිගෙ කියල ඔවුන්ට වැටහෙන්නේ නැහැ තමයි. (නදී)
වෙනසක් නැත්තේ මොකද, දෙන්නම බල තණ්හාවට ජාතිය පාවා දීපු අය. (නදී)
ඩෙන්සිල්ගෙ කතාවට මම ඵකඟයි (නි)
රොහාන් මොනවද මේ කියන්නේ? (නි)
ඔබලා ඔක්කොටම අමතක උන දෙයක් තියෙනවා. ෆොන්සේකා උතුරේ අණදෙන නිලදාරී වෙලා ඉන්නකොට චන්ද්‍රිකා ජනපති. රනිල් අගමැති. සාම කාල සීමාව. සාම කතා වලට කොළඹ ආපු කොටි අධි ආරක්ෂක කලාපයෙන් හමුදාව ඉවත් කරලා ඉල්ලුවා සාම කතා දිගට ගෙනියන්න. නමුත් ෆොන්සේකා එයට විරුද්ද උනා. ආණ්ඩුව තදින් ඉල්ලා සිටියත් ෆොන්සේකා එයට එකග කරගන්න බැරි උනා. පසුව ෆොන්සේකා චන්ද්‍රිකා හමුවෙලා අදි ආරක්ෂක කලාපය ඉවත් කරලා තියෙද්දී කොටි නැවත යුද්ධයකට ආවොත් හමුදාවේ 40000 අනතුරේ කියල කිව්වා. චන්ද්‍රිකා නැවත අමත්‍යංශය පවරා ගත්තා. එදා ෆොන්සේකා එම ඉල්ලීම ඉටුකරා නම් අද ප්‍රබාකරන් උතුරේ රජවෙලා. (නදී)
වටරැක තවදුරටත් පූජ්‍ය, නැහැ. හිමි කෙනෙක් නෙවේ. බ්‍රහ්ම දණ්ඩනය පනවලා නෙරපා දැමූවා නේද? දේශපාලනය නිසා නමට කළු තිතක් දා ගත්තත් පොන්සේකා මහතා අපේ වීරයා. යුද්ධය කලේ එතුමායි. (නදී)
ෆොන්සේකා රට වෙනුවෙන් අමිල මෙහෙයක් කළ පුත්ගලයෙක් (නි)
ඔබේ මානසික තත්වය පරික්ෂා කරගත්තොත් නරකද (නදී)
යුද්දේ කලේ පොන්සේකා කියන්නේ. උඩිනුත් මුහුදෙනුත් දෙකෙන්ම ගිහිල්ල ගැහුවේ ෆොන්සේකා වෙන්න ඇති. කවුරු කවුරුත් සාමුහිකව එකතුවෙලා කරපු යුද්දෙට එක්කෙනෙක්ව විතරක් වීරයා කරගන යුද්දෙට දායකත්වය දීපු සමස්ත යුධ හමුදාවට, ගුවන් හමුදාවට, නාවික හමුදාවට පොලිසියට, සිවිල් ආරක්ෂක බලකායට අපහාස කරන්න එපා. එයාලගේ දායකත්වය අවතක්සේරු කරන්න එපා. (නදී)
දෙවි කෙනෙක් වැනි ෆොන්සේකා මහත්තයාට කවුරුවත් බනින්න එපා (නි)
ඔහොම යමු හිමියනි. ඔබට ජය! (නි)
අමාලි,ෆොන්සේකා කරපු ජාතිය පාවාදීම මොකක්ද? එතුමා තමයි ඔබත් ඇතුළුව ජාතිය බේරලා දීපු කෙනා. බල තණ්හාවක් තියෙනවා නම් එතුමා හමුදාපති වෙලා ඉන්න කාලේ කුමන්ත්‍රණයකින් මේ රටේ බලය අල්ලගන්න තිබ්බා. නමුත් එතුමා මැතිවරණයකට ඉදිරිපත් වෙලා ඡන්ද ලක්ෂ 40ක් ගත්තා. බල තණ්හාව තියෙන කෙනා තමයි ව්‍යවස්ථාව වෙනස් කරලා ආයෙත් බලයට එන්න පොර කන්නේ ඔබට තේරෙනවද මන්දා (නදී)
කවුරු මොනවා කිවුවත් ජනාධිපතිතුමා තමයි රට ජාතිය බේරාගත්තේ, එතුමාගේ අභීත නායකත්වයෙන්. ඒක කුහක නොවී පිළිගත යුතුයි (නි)
මේ අයට තියෙන්නේ තණ්හාව. ඒ නිසා ඕනෙම පහත් වැඩක් කරනවා (නදී)
ගැහැණු නුවන හැදි මිටේ කියන්නේ නිකන් නෙවේ කියල අමාලි පෙන්වල දීල තියෙනවා (නදී)
ස්තතියි ලංකාදීප එසැන පුවත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාද්‍යයට. (නදී)
හේරත් සහ අමාලි ගැන මට දුකත් හිතෙනවා විමල්. ඔයා කියන එක එයාලට තේරුම් ගන්න බැරි එක දුකක් (නි)
මෙහෙම ගියොත් භික්ෂූණ්ට ඇති ගෞරවයත් නැතිවෙලා යනවා. (නි)
දිගටම යන්න. ජය වේවා! (නි)
ආගමික නායකන්ගේ යුතුකම තමයි, රටේ සුබ සිද්දිය පතා අවවාද හා අනුසාසන දීම. දේශපාලනයට සෘජුව සම්බන්ද වීම මම අනුමත කරන්නේ නැහැ. (නදී)
අමාලි ඔයා කොහොමෙද මෙහෙම කතාකරන්නේ (නදී)
තරංග, පොන්සේකා විතරද තනියම යුද්ද කලේ ? කුමන්ත්‍රණ වලින් රට අල්ලන්න තනියම බැනේ. තව කෙනෙක්ගේ සහයෝගයක් තියෙන්න ඕනෙනේ. තිබුන නම් එ්කත් කරයි. හමුදාව තුල ප්‍රසාදයක් තිබුන නම් එ්කත් කරගන්නවා එකත් එකටම. (නදී)
අහෝ වටරැක හිමි නොදිටි මොක්පුර (නදී)
හරියට හරි රත්නායක. හරියටම කීවොත් හැදි මිටත් නෙමෙයි කන්නාඩි මිට (නදෘ)
පිළිමතලාව , ඇහෙලේපොල, ජයවර්දන, ෆොන්සේකා මේ ඔක්කොමල මේ රට විනාශ කලේ බලයට කෑදර කමට තමා. අමාලි හරි කියල මට හිතෙනවා. (අ)
අමාලි, තමන් ලිව්ව එකේ තේරුම දැනගෙනද ලිව්වේ? සරත් පොන්සේකා දේශපාලනයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කිසිම පාවාදීමක් කලේ නැහැ. ඔහුට ඕන තරම් අවස්ථාව තිබුන දැන් ඉන්න සමහර අය වගේ ගානක් හම්බ කරගෙන ඉන්න. එහෙම කලේ නැහැ. සරත් පොන්සේකා එහෙම දේකට නැමෙන්න දන්නේ නැහැ. එ්කයි ඔහුගේ තියෙන අඩුපාඩුව. දන්නවද 88-89 කාලේ ජිනීවා ගියේ කවුද කියලා. (නදී)
විමුක්ති, තරංග, රත්නායක හේමන්තගේ අදයස හොදට කියවල බලන්න. අන්න ඒ අදහසේ තමයි මම ඉන්නේ. මම නම් අරයට මෙයාට කඩේ යන්නෙත් නෑ. ඒවගේම කිසිහ පක්ෂයකට කඩේ යන ගමන් මෙතන අදහස් දාන්නෙත් නෑ. රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට විතරයි අදහස් දාන්නේ. (නදී)
රටත්, ජාතියත්, ආගමත් පාවල දෙන අයට දෙන්න තියෙන හොඳම දඬුවම මොකක්ද? (නදී)
ෆොන්සේකාට සමාන කරන්න එපා (දී)
ෆොන්සේකා මහතාත් බල තණ්හාවට ගිහින් තමයි ඔය දේ කරගත්තේ. නැතුව අපිට ආදරේට නෙමෙයි (නදී)
ඇයි මේ කට්ටිය නැට්ට පාගාගෙන? පොන්සේකා හිරේ සිටි කාලයේ මාධ්‍ය ඇමතු ආකාරය වටරැක පූර්වාදර්ශයක් කරගෙන කියලා නේද ප්‍රවෘත්තියේ කියන්නේ. (ස)
සුදු කොඩි සහ කළු කොඩි කරුවන්. කට නිසා මාළු නසී. (නදී)
සරත් ෆොන්සේකා මහතා කවදාවත් තමන්ව කිඩ් නැප් කරා කියල බොරු රඟපෑම් කරලා නෑ. (නදී)
හේරත්ගෙ කතාවට මමත් 100% එකඟයි.මට නම් කියන්න තියෙන්නෙ හාමුදුරුවන් කියන්නෙ අපෙන් වැඳුම් පිඳුම් ලබන අය නිසා පාට පක්ෂ නොබලා වැරදි පෙන්වාදෙන එක හොඳයි. නමුත් දේශපාලනය නොකර... (නි)
අමාලි, මම හරියටම දන්නේ නෑ ඔයා ඉස්කෝලේ ගිහින් තියනවද කියන්න. ගිහින් තියනවා නම් මතකද ඉසුරුපායෙන් හරි පළාත් සභාවෙන් හරි ඉස්කෝලේට නියෝග දුන්නම ඒවා ක්‍රියාත්මක කරන්නේ ප්‍රින්සිපල්. එයා මහන්සි වෙලා ප්ලෑන් කලේ නැත්තන් ඊට පහළ ඉන්න අය කරන දේවල් සාර්ථක නෑ . ජනාධිපති යුද්දේ කරන්න කිව්වට එතනින් එහා වැඩි හරියක් කලේ ආමි එකෙන්. ගුවන්, නාවික හමුදා උදව් කලාට ලොකුම ගේම් එක යන්නේ ගොඩබිමින්. ඒකයි ෆොන්සේකා ගැන වැඩියෙන් කියන්නේ. එ්ත් උනේ බළල්ලු ලවා කොස් ඇට බාගන්න ගිහින් එයාගේ නම කැත කරපු එක. මම ඔය එක පක්ෂෙකටවත් ඡන්දෙ දෙන්නේ නැහැ. එච්චරට අප්පිරියයි. ඒත් ඕකයි ඇත්ත.(නදී)
මේ අමාලි නෝනා අපි කාටවත් කඩේ යන්නේ නැහැ. එ්ත් අපිට පේනවා ඔයා කාටද කඩේ යන්නේ කියලා. පක්ෂග්‍රාහී නොවන්න. වෛරය පමණි පේන්න ඇත්තේ. (නදී)
මෙතන අදහස් දා ඇති බොහෝ දෙනෙක් සිද්ධිය දෙස මතුපිටින් බලා ඇති අය පමණකැයි සිතේ (නි)
වටරැක කට රැක ගෙන රට රැක ගන්ඩ (නදී)
අමාලි සරත් මහතා ජාතික වීරයෙක්. එයා ජානක පෙරේරා වැනි අය තමා අනෙකුත් සොල්දාදුවන් සමග යුද්ධයට උර දුන්නේ. (නදී)
තණ්හාව තණ්හාව හැමතැනම තණ්හාව... ශාසනයටත් දැන් තණ්හාව ඇවිල්ලා වගෙයි (නි)
අමාලි විතරක් නෙවේ කට්ටිය ඔක්කොම නැට්ට පාගගෙන දඟලනවා. ඔය ඔක්කොමල බලයට එන්න දඟලන්නේ රටට අදරෙටවත් අපිට අදරෙටවත් නෙවේ කියල මතක තියාගන්න. බල තණ්හාවට . පේන්නේ නැද්ද ඉන්න එක්කෙනා දාල යන්න බැරුව දඟලනවා. එක්කනෙක් පොළවල් ගානේ යනවා. තව කට්ටියක් උදේ ඉදල රෑවෙනකන් ගිරිය පුප්පගන මිනිස්සුන්ට අපහාස කරනවා. උතුරේ කට්ටියක් යුද්දේ ඉවර වුනාට හිතේ අමාරුවට ජාත්‍යන්තරේ සහයෝගය පතනවා. නැවත LTTE එකට පන දෙන්න. තව කට්ටියක ජාතිවාදය ආගම්වාදය ජාත්‍යන්තරේට විකුණලා දේශපාලන වාසි ගන්න බලනවා. මේ අයට මඩිය තර වෙන්නේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් ලේ වැගිරීමක් තියෙනවනම්. ෆොන්සේකාත් ආසයි මේ වෙලාවේ මොකක් හරි ප්‍රශ්නයක් රටේ තියෙනව නම් දේශපාලන වේදිකාවල පලු ගහන්න පුළුවන්නේ. අනිත් අයත් ආසයි. ආණ්ඩුවත් ආසයි . ඉතින් තේරුම් ගන්න කවුද අවංක කියල. (ස)
මගේ නම් අදහස හාමුදුරුවරු පන්සලේ දායක දායිකාවන් දෙන දානයක් වළඳලා බණක් භාවනාවක් කරගෙන බුදුහාමුදුරුවෝ කියපු ධර්ම මාවතේ නොගියට හොඳ වැඩේ. බුදුහාමුදුරුවෝ කවදාවත් කියල නෑනේ හාමුදුරුවන්ට චන්දෙ ඉල්ලන්න කියල. (ස)
අමාලි වගේ අය අද ඊයේ ඉපදුන වගේ හිතන්නේ.සරත් ෆොන්සේකා මහතා වගේ රටට හිතෙෙශි මහතුන් නැත්නම් අද මෙහෙම නිදහසක් තිබේද? (ස)
මේ මාතෘකාව හරියටම හරි. මමත් එකඟයි (නි)
මේකේ දාලා තියෙන අදහස් දිහා බැලුවම පේන්නේ ලංකාවේ ඉන්න බහුතරයකට ලියල තියෙන දේ හරියට කියවල තේරුම් ගන්න බෑ කියන එකයි (නදී)
බල්ලෝ බුරති. සඳ බැබලෙති. (නදී)
ඇත්තටම ලංකාදීප එසැණ විශාල සේවයක් කරනවා. (නි)
වටරැක හිමි කියන දේ ලංකාවේ බත් කන අයට තේරුම්ගන්න පුලුවන්ද මන්ද? (නදී)
ජෙනේරල් සරත් ෆොන්සේකා කියන්නේ ජාතික වීරයෙක්. අපේ අනාගත දරු පරම්පරාව ත්‍රස්තවාදයෙන් බේරාගත්තු යුද්දය වෙනුවෙන් තෙවරක් මැරී මැරී ඉපදුන වීරවරයෙක්. (නදී)
අදහස් දක්වන්න අයිතියක් කාටත් තියෙනවනේ (නි)
දැන් අපි තුන් වේල කාල ඇදලා සතුටින් ඉන්න නිසා අපිට ප්‍රශ්න නැහැ. දැන් අලෙවි කරන්න තියෙන්නේ ජාති ආලය පමණයි. (නදී)
මේ හාමුදුරුවන් ගැන දැන්වත් අපි හිතුවොත් හොඳයි (නි)
සුදීර, මම ඉස්කෝලේ ගිහින් තියෙනවා එ්ත් ඔයා ගිය එකට නෙවේ. සුදු කොඩි කතාව කිව්වේ මමද. එ්ක පාවා දීමක් නෙවේද. මම කියන්නේ ෆොන්සේකා අවංක නම් දේශපාලනයට එන්නේ නැතුව වෙන ආකාරයකින් රටට සේවයක් කරන්න පුළුවන්නේ. තවත් යුද්දේ කරපු මිනිස්සු එ්ක විකුණගන දේශපාලනයට එන්න උත්සාහ කලාද. (නදී)
බුද්ධ ශ්‍රාවකයන් යැයි කියා ගන්නා, බුදු දහමට සම්පුර්ණයෙන්ම පටහැනි දේ සිදු කරන සියලුම චීවරධාරීන් වහාම ශාසනයෙන් නෙරපා හැරිය යුතුය. මෙය බීමතින් රිය පදවා උසාවියෙන් දඬුවම් කල ඇත්තන්ටත් අදාල වේ. (ස)
මේකේ අදහස් වලට කට්ටිය මරාගන්න හැටි දැක්කම හිතෙනවා ඒ සේරම වර්තමාන දේශපාලකයෝ වගේම මේ කට්ටියත් දේශපාලනේට ඉතාම සුදුසුයි කියල. පොදුවේ මගේ අදහස සමස්ත හමුදාවම වීරයෝ. (නදී)
අමාලිගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)
වටරැක හිමි කරපු වැරැද්ද ආගමික සමගිය වෙනුවෙන් පෙනී සිටීමද? මේ රටේ බහුතරය අනික් ආගම් ඉවසන්නේ නැති ජාතියක්ද (නදී)
මෙතන අදහස් දාන සමහර අය නිල තල ගැන දන්නේ නැති නම් අදහස් දැමීමෙන් වලකින්න. (නදී)
අමිල ඔබගේ අදහස් ශ්‍රේෂ්ටයි. ඇයි මේ විහිළුව. කට්ටියක් ආණ්ඩුවට කඩේ යනවා. කට්ටියක් පොන්සේකාට කඩේ යනවා. තව කට්ටියක් අනිත් අයට කඩේ යනවා. පුදුම වැඩක්නේ වෙලා තියෙන්නේ. හැමෝම රටට වැඩක් කරන්න එන්න හදන්නේ දේශපාලනේට. නිළියොත් රටට වැඩක් කරන්න දේශපාලනයට එන්න හදනවනේ. කොයි කවුරුත් තමන් කරන දේ හරියට කරනවා නම් එ්ක තමයි රටට කරන ලොකුම සේවය. උදාහරණයක් විදියට දරුවන්ට ශිල්ප උගන්වල අවංකව සේවයෙන් විශ්‍රාම යන එක තමයි ලොකුම සේවය. ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගිහින් දේශපාලනයට ආවම එ්ක සේවයක් වෙනවද. එහෙම නම් වැටුප් දීමනා කිසිත් නොගෙන වැඩ කරන්න ඕනේ. පෞද්ගිලක අංශයේ රැකියාව කරන ලිපිකරුවෙක් කියල හිතන්න. එයා අවංකව නියමිත රාජකාරිය හරියට කරනවානම් තමා රටට කරන සේවය. තමන්ගේ රාජකාරිය තමන් හරියට කරනවා නම් එ්ක තමා රටට කරන ලොකුම සේවය. (නදී)
අමාලි,ඔයා හරි (නි)
අමාලි ඔයා කියන්න එපා සරත් ෆොන්සේකා පාවා දුන්න කියලා. එයා කට වැරැද්ද ගත්තා. කොහොම වුනත් සරත් ෆොන්සේකා කියන්නේ වීරයෙක්. හැබැයි වටරැක කියන්නේ සිංහල බෞද්ධයා පාවල දීපු අයෙක් (නදී)
අමාලි නෝනා බල තණ්හාව කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා බලයේ ඉන්න කැමැත්තක් තිබීමයි. (නදී)
මම නම් මේ දෙන්නාටම එතරම් කැමැත්තක් නැහැ (නි)
ඔලුවෙන් හිතන්න ඔයාලා ඔක්කොම. ජාතිවාදය ඔලුවේ කරපින්නා ගෙන සංවර්දනය වෙච්ච් රටක් ලෝකේ තියනව නම් පෙන්න්න. බලන්න එංගලන්තයට , ඩෙන්මාර්කයට වගේ යුරෝපීය රටවලට ගිහිල්ල ඒවායේ දියුණුව. ජාතිවාදයක් එහෙ තියනවද බලන්න. අපි මේ විදියට ගියොත් ලෝකෙන්ම කොන් වෙනවා. ටිකක් මනසින් හිතන්න. කිසිම දාක තවත් ජාතියක් පාගන්න එපා. පහත් කරන්න එපා. ශිෂ්ටාචාර වෙනවා කියන්නෙත් ඒකෙම එක කොටසක්. හැමදාමත් 3 වෙනි ලෝකේ රටක් විදියටම ඉන්නද හැමෝගෙම කල්පනාව. ලෝකය කියවන්න බලන්න (රෑට යන ගොන් මෙගා නාට්‍යයි , කොරියන් නාට්‍යයි බලල ඔලු දියුණු වෙන්නේ නැහැ මිනිසුනේ. ලෝක සිනමාව බලන්න. ඉන්ටෙර්නෙට් එකේ විකිපීඩියා එකේ සර්ච් කරලා ලෝකේ හොයන්න මහන්සි ගන්න. ඔබ සැමට ජය. (නදී)
අමාලිට දේශපාලනයට එන්න හොඳටම සුදුසුකම් තිබෙනවා. ප්‍රශස්ති ගීතයකුත් ගායනා කරගෙන එන්නකෝ කරලියට (නි)
විමුක්ති, ඔබට අවශ්‍ය පිළිතුර අමිල දීල තියෙනවා. (නදී)
ඔබ වහන්සේට වරදින්නෙ නැහැ. දිගටම ඒ අඩි පාරෙම යන්න (නි)
පොලිසියට අසත්‍ය ප්‍රකාශ කළ තවත් දෙදෙනෙක් මට මේ වෙලාවෙ මතක් වෙනවා (නි)
මම නම් වටරැක හිමිගේ වරදක් දකින්නෙ නැහැ (නි)
ෆොන්සේකා සහ වටරැක හිමි එකම විදියේ දෙදෙනෙක් නොවුණත්, සමාන දේවලුත් තිබෙනවා (නි)
අමාලි, ඔයා මම ගිය ඉස්කෝලේ ගිය නැති එකයි අවුල. මෙතන කමෙන්ට් කරලා තියන ඒවා බැලුවම ඔයාට තේරෙයි. මිනිස්සුන්ට ඕන තරන් කතා හදන්න පුළුවන්. ඕන මනුස්සයෙක්ගේ අතින් අත්වැරදීම් වෙන්න පුලුවන්. දැන් මේ මම ඔයාට යමක් පැහැදිලි කරන්න ගිහින් කරගත්ත දේම පේනවනේ. ඔයාම හිතලා බලන්නකෝ ලංකාවේ අවංක මනුස්සයෙකුට තැනක් තියනවද කියලා , අද කාලේ. (නදී)
මම නම් කියන්නේ හාමුදුරුවරුන්ට දේශපාලනය අකැපයි කියලයි. සිවුරට තියෙන පුජනීයත්වය කෙලෙසෙන්නේ ඔය ජරා පුටුවල ඉදගත්තම තමයි.(නදී)
දෙන්නම තකට තකයි. (නදී)
මම සේරම කොමෙන්ට් කියෙවුවා. මට කියන්න තියෙන්නේ අමාලිත් අමිලත් දෙන්නම හරි කියලයි. (අ)
මට නම් මේ දෙන්නගෙම වෙනසක් නැහැ (නි)
අමිල - සමහර සිදුවීම් මුල්කරගෙන මේකේ ලියන අදහස් සමහර අවස්ථාවල ඉතාමත් පිළිකුල් සහගතයි. නමුත් යම් දෙයක් දෙස බුද්ධිමත්ව සිතා බලා ඔබ වැනි අය ලියන අදහස් කියවීමට ලැබීමත් වාසනාවක්. ඔබට තෙරුවන් සරණයි. (නදී)
දිවි දුන් සෙබළුන්ගේ පරිත්‍යාගයන් දේශපාලන හේතු මත අවතක්සේරු කිරීම වැරදියි (නි)
බ්‍රහ්මදණ්ඩනයෙන් මහණකමින් ඉවත් කළ නිසා යන්න තැනක් නැති නිසා යන්න වෙන්නේ පොන්සේකා පාරේ තමයි. වෙන කවුරුත් උන්නැහෙව භාර ගන්නේ නැහැ. (අ)
බාර වෙන කිසිම කෙනෙක්ව වෙඩි තියල මරන්න බෑ. (නදී)