මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් කැත්තක් රැගෙන මාසික සභා රැස්වීමට පැමිණි නමුත් පොලිසිය කැත්ත පොලිස් භාරයට ගත්තේය.
සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභාවාරය පැවැත්වූ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සුනිල් විජේතුංග මහතා ගැනී සිට විජිත හිමියන්ගේ ක්‍රියා කළාපය විවේචනය කළේය. රටේ ආගමික සමගිය ඇතිවන සේ ක්‍රියා කරන ලෙස ඔහු විජිත හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.
මින් ඉදිරියට ලජ්ජා සහගත දේ සිදු කිරීමෙන් වලකින්නැයි සභාපති සහ විපක්ෂ මන්ත්‍රීවරු ද ඒ හිමියනයට කීහ.
සභාවාරය අවසන් වී මාධ්‍යයට අදහස් දැක්වූ විජිත හිමියෝ මෙසේ ද කීහ.
‘සැත්කමකින් පසු මා ඇවිදින්නේ අමාරුවෙන්. ඇවිදින්න අමාරු නිසා දොරමුල්ලේ තිබුණු ලීයක් ගත්තා හැරමිටිය විදියට. එය වාහනේ දාගෙන ආවා.එය මන්නා කැත්තක්ද කියා මා දැක්කේ නෑ.
මෙත්තා, කරුණා, උපේක්ෂා මම දේශනා කරන්නේ බුදුන්ගේ ධර්මයයි. කිසිවකු මරන්නවත්, කැතිගාන්න නෙවෙයි මේ කැත්ත ගෙනාවේ. එහෙම කරන්නේ බොදු බල සේනාවේ අයයි. ‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවීන ක්‍රමයට අටපිරිකරට කැත්තකුත් එක් කරමුද? (නදී)
"පුළුන් දා ගිය තැන යකඩ ඉතුරුවේද" කිව්වා වාගේ බෞද්ධ කම නැතිවූ තැන මහණ කම ඉතුරු වේද? (නදී)
හාමුදුරුවෝ කියන්නේ අැත්ත. මොකද හාමුදුරුවෝ බොරු කියන්නේ නැහැනේ. (නදී)
නටයි නටයි. අනික තව ඡන්දයක් යනතුරු විතරනෙ ඔය නැටුම් (නි)
මොහුගේ ක්‍රියා කලාපය ඉතාම පහත් වන අතර එය භික්ෂුවකට නොව ගිහියකුටවත් නොගැලපේ. මොහුට නීතිමය වශයෙන් ක්‍රියා කොට මහණකමින් ඉවත් කරන්න. අපේ එකම ඉල්ලීම එයයි. (නදී)
අනේ මන්දා (දී)
ලැජ්ජයි (දී)
ලංකාවේ එක්තරා ජන කොට්ඨාශයකට පොරව අරගෙන ජනාධිපති තුමා ගාවටත් යන්න පුලුවනිනේ. ඒ වගේ වෙනත් ජන කොට්ඨාශයකට අයත් හාමුදුරු කෙනෙක්ද දන්නේ නැහැනේ. ආරේ ගුණ නෑරේ කියල කියන්නේ කට කහනවට නොවෙයිනේ. (නදී)
අපේ කෑගහන එක එක අයට මේ විදිහේ දේවල් ගැන කැක්කුමක් නැත්තේ මොකද? (නි)
සිවුරක් දරාගත් පලියට භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙන්න බෑ. අනික බුදුන් වහන්සේ අල්පේච්චතාව දේශනා කලේ තුන් කල් බලලා. ඒත් මුන් වහන්සේගේ අල්පේච්චතාවක් නම් නැති හැඩයි. මුන් වහන්සේ මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් ගිහියෙක් වගේ ලෞකික සැප කෙරෙහිමයි ඇලී ගැලී ඉන්නේ. (නදී)
කැතත හැරමිතටිය අඳුරගන්න බැරි කෙනෙක් කොහොමද ජනතා නියෝජිතයෙක් වෙන්නේ වහාම බුද්ධ ශාසනයෙන් ඉවත් කිරිඉමට කටයුතු කල යුතුයි .සතර බ්‍රහ්ම වියරණ හරියට කියාගන්න බැ. අනිවාර්යෙන් මානසික රෝග පරීක්ෂණයක් කරන්න ඕන. (අ)
සිවුපසයෙන් අඩුවුණාට මන්ත්‍රීතුමෙක්නේ.(අ)
මොකද්ද මේ වෙන්නේ (දී)
මේ හාමුදුරුවෝ සාසනේ විනාශ කරනවා. හැසිරිම අන්තිමයි (නදී)
බොහොම ගෞරවයෙන් ඉල්ලන්නේ.. මහනාහිමිවරුන් හෝ කවුරු හෝ වේවා.. විධායක ජනාදිපති ක්‍රමය අයින් කරන්න කලින් මේ වගේ අයව එලවන්න ඕන. (අ)
දෙයියෝ සාක්කි (දී)
කැත්තත් හැරමිටියත් අඳුරගන්න බැරි අයගෙන් මොන සාසන සේවයක්ද? ආගමට සහ සංඝ සමාජයටම අපහාස කරන මේ උන්නාන්සේව සාසනෙන් එළවන්නෙ ඕනේ . මෙය ඉන්න, ඉන්න කරන්නේ එක එකාගේ කොන්ත්‍රාත්. (අ)
මුන් වහන්සේ බුදු දහමට ලාංකිකයන්ට විශාල විපතක් කරන්නේ මේ ගැන්න කඩිනම් පියවරක් ගන්න (අ)
ඉදුරුවේ සුගත් කියන දේමයි මටත් හිතුනේ., (අ)
හොද..වෙලාවට...දොර..මුල්ලෙ..ටි..56..තිබුණේ..නැත්තෙ...(අ)
කරුණාකරලා මුන් වහන්සේව මානසික රෝහලකට ඇතුල් කරන්න (අ)
හාමුදුරුවනේ, ශාසනය විනාශ කරන්නේ නැතුව ඉන්න (නි)
සම්පත් ඔබ හරි. ඉන්දික ඔය කියන දේ උනොත් කාවද ඉතිරි වන්නේ ? මෙයා නියම සිංහල හිමිනමක්. මෙයා ජාතින් අතර සමහියක් වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා නේද ඔයාල ගහන්න පැන්නුවේ ඕකද ඔය කියන සන්හිදියාව. හාමුදුරුවනේ අපි ඔබ සමග, තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සපයා ගැනීම වරදක් නැත (නදී)
හිරාන් සෞදි.මානසික රෝහලකට අරන් යන්න ඕනේ මෙතන අදහස් දාල තිබෙන "මොළ හෝදපු " කට්ටියනේ. (අ)
මොනම ආගමකටවත් නින්දා කරනවට මම කැමති නැහැ. මේ කරන අශීලාචාරකම් දිහා බල බලා වගකිවයුතු අය නිහඬ ඇයි කියන එක හරිම කණගාටුයි. (නි)
ලෝකය හිනස්සන වැඩමයි කරන්නේ. සැදැහැවත් බෞද්ධයන් එක්වී උතුම් බුද්ධ ශාසනය රැක නොගතහොත් මුළු රටම අරාජිකවනු ඇත. (නි)
ඇස පැනීමත් දුර්වලද (අ)
දිගින් දිගටම මේ හිමිනම කරන්නේ විකට චිත්‍රපටි වල විකට නළුවෝ කරන විදියේ බොළඳ රඟපෑම්මයි. අපි බෞද්ධයින් හැටියට පුදුම කළකිරීමක් ඇතිවෙනවා මේ දකිද්දි. (නි)
කිසිම ලැජ්ජාවක් නැතුව තව මෙහෙම දේවලුත් කරනවානේ? (නි)
හිතා මතා බොරු කියන මේ වගේ අය සාසනයෙන් නෙරපීම බුද්ද සාසනයේ චිරස්තිටියට උපකාරයකි (නදී)
අහෝ චන්ද දායකයිනි, ඔබත් ඔබේ මනාපය උන් වහන්සේට පුජා කල අයෙක් නම්.... මහා හඬින් සාදු කාරයක් දෙන්න. (දී)
රටේ නීතියක් නැද්ද? කිසිම පුද්ගලයෙකුට නීතිය අතට ගැනීම සුදුසු නැහැ. ඔබට ආරක්ෂව නැත්නම් මොනවා කරන්නද? (නි)
කෝ මේවට ලියන ශ්‍රාවකයෝ .ඔහොම යමු .(දී)
මොහු සසුනට නින්දා කළේ වරක් දෙවරක් නොවේ. ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද මන්දා. පාරේ වැටිලා හිටියට පස්සේ මම හිතුවේ රඟපෑම් ඉවරයි කියලා. සුදුසු තීරණයක් ගන්න ගමේ මිනිස්සු වගබලාගත යුතුයි. (නි)
කැත්තක්ද හැරමිටියක්ද කියලා ඔච්චරට පෙනුනේ නැද්ද හිමියන්ට? (නි)
අනේ පව් " තොත්ත බබා හාමුදුරුවෝ" (නදී)
මේක කැත්තක් බව පේන්නේ නැද්ද ? (නදී)
කැත්ත පොල්ල හඳුනා ගන්න බැරි මන්ත්‍රීවරු පත් කලාට මහියංගනේ ඡන්ද දායකයින් වග කිව යුතුයි. (නදී)
ප්‍රසිද්ධියට අශාවක් දක්වන හාමුදුරුවෝ ,රැගෙන ආ කැත්තත් උප්පර වැට්ටියක් වගේ.(අ)
බුදු දහමේ ගෞරවය කෙලෙසන්නේ ඇයි කියන එක තමා දැන් තියෙන ප්‍රශ්ණය. (අ)
අනේ උන්නාන්සේ දැන්වත් ඔය උතුම් සිවුරු පොටට නින්දා නොකර ඉන්නවද ? (අ)
හෙට එනකොට බටයක් කියල තුවක්කුවක් ගෙනෙයි .(අ)
හිනාත් යනවා (දී)
අනේ බුදු දහමට ගිය කලක් (නදී)
මේ මොන විකාරයක්ද (දී)
බුදුන් වහන්සේ ජීවත්ව සිටියදීත් මේ වගේ අය හිටියා.මා දන්නා තරමින් බ්‍රහ්ම දණ්ඩනයෙන් එහාට දඩුවමක් කාටවත් ලැබුනේ නැහැ.මහා නායක හිමිවරු නොවෙයි, අපියි මෙයාට දෙන ගරුබුහුමන් නවත්වලා සමාජයෙන් ඈත්කළ යුත්තේ. සිවුපසයෙන් අඩුවුණාම තේරෙයි. (නි)
තමන් වහන්සේ කැත්ත ගෙනාවේ ආරක්ෂාවට කියල ඇත්ත කීව නම් තමා හොඳ. තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම තමන්ගේ අයිතියක්. එ්කට අනිත් අය කලබල වීම අනවශයයි (නදී)
ලැජ්ජාවේ බැහැ
මොකද්ද මේ වෙන්නේ (දී)
අනේ අම්මපා,මේ වැනි චීවර ධාරින් නිසා සාසනයට වෙන හානිය මොනතරම්ද ? (නදී)
බුද්ධ ශාසනයට අවමන් කරන මෙවැනි පුද්ගලයෝ ශාසනයෙන් සහමුලින්ම නෙරපීම මහනායක හිමිවරුන්ගේ කාලින වගකීමක් (දී)
අනේ අපොයි (දී)
මානසික රෝගීන්ගෙන් පිරිලා තියෙන දේශපාලනයට මුන්නැහෙගෙන් කිසිම අසාධාරනයක් වෙන්නේ නෑ. ඒත් අපේ ආගම රැක ගැනීමට සියලුම දුස්සීලයන් මෙවැනි පොදු භූමිකාවන්ගෙන් ඉවත් කරන්න ඔීනෑ. (නදී)
මොන කරුමයක්ද මන්දා මෙයාගේ ප්‍රවෘත්ති මාසෙකට සැරයක් කොහෙන් හරි ඇහෙනවනේ. (නදී)
අහෝ වටරැක නොදිටි මොක් පුර. (නදී)
බුදුන්ගේ නාමයෙන් මෙම විකාර නවතින්නේ කවදද?.... දොර මුල්ලේ මේසා විශාල කැත්තක් නම් අනිත් තැන්වල තවත් මොනවා ඇත්ද?.....එසේම එය පන්සලක් විය හැකිද?. (නදී)
හාමුදුරවො හරි නැහැ නේද ඒ වැඩේ (දී)
අපේ සෝම හාමුදුරුවෝ කොච්චර දුර දුටුවද? ඒ කාලේ දුර නොපෙනුන අය කොතරම් උන්වහන්සේට බැන්නද? දැන් දුර දකින උතුමන්ට බැනීම ගැනත් අනාගතයේදී මේ වගේම හිතේවි (නදී)
එයාමනේ සැත්කම කරගතේ.. හරියට අපි කලා වගේ... (දී)
කැත්ත පොල්ල නාදුනන අය (දී)
අනේ මෙහෙමත් වැඩ! (නි)
සඳුනි, හිරාන්, දෙන්නම හරි , කොටන්න ඕනේ මෙයාට ඡන්දෙ දුන්න මිනිසුන්ටයි . සෝබිත හාමුදුරුවන්ට මොකද උනේ? (නදී)
අයියෝ සල්ලි (දී)
වගකිවයුත්තනි, මේ පිළිබඳ වහා තීරණයක් නොගත්තොත් මොහු වෙතින් ඉදිරියේදී මහා විනාශයක් වීමට ඉඩ ඇත. (නි)
මේ හාමුදුරුවන්ට වුන අසාදාරනය කියන්න කෙනෙක් නැහැ. අන්තර්ජාලයේ සැත්කමට පස්සේ ෆොටෝ සහිතව පෙන්වලා දීලා තිබුනා. (නදී)
රටේ මිනිසුන්ගේ මොළ හෝදලා තිබෙන තරම මෙතන අදහස් දැක්කම හිතා ගන්න පුළුවන්. (නදී)
සිංහල නම් භාවිතා කරන අනිත් යට කොන්දක් නැද්ද තමන්ගේ නමින් පෙනී සිටින්න. (නි)
හරි ශෝක් නේ (දී)
මෙයා සාසනේ තවදුරටත් හිටියොත් , අටපිරිකරට කැත්තකුත් දෙන්න වෙනවා (නදී)
එඩී ජයමාන්න දැන් කාලේ නොහිටිය එක හොඳයි. (අ)
මෙම භික්ෂුව වහාම ශාසනයෙන් නෙරපිය යුතුය. මොහු කරනු ලබන ශාසන විරෝධී හා විනය විරෝධී ක්‍රියා ඉවරයක් නැත. භික්ෂු ගරුත්වය සහමුලිම්ම කෙළසමින් සිටියි. ශාසනමාමක භික්ෂුන්වහන්සේ හා සැදැහවත් බෞද්ධයන් එක්වී උතුම් බුද්ධසාසනය රැකනොගත හොත් මුළු රටම අරාජිකවනු ඇත. (අ)
බොදු බල සේනාව පිලිබඳ ප්‍රශ්නය ක්‍රමවේදය පිළිබඳව මිස සදාචාරය පිලිබඳ ප්‍රශ්නයක් නොවන බවට බහුතරයක් විසින් පිළිගන්නා තරමට එය ජාතික ප්‍රශ්නයක් හා වෙළී තිබෙනවා. කැත්තක් හා හැරමිටියක් අතර වෙනස මේ උන්නාන්සේ ට කියල දෙන්න හෝඩියේ ඉඳල පාසැලකට යවන්න ඕනේ. සිවුරකුත් දාගෙන මේ බොරු කියන්නේ තමන්ට දානේ පිරිනමන අහිංසක සිංහල බෞද්ධ ජනතාවටම නොවෙයිද? (අ)
මට මතක් වුණේ, හරක් හොරෙක් කියපු කතාව. "ගෙදරට එනකොට පාරේ කඹයක් තිබුනා. මම එක අහුලාගෙන ගෙදර ආවා. කඹේ කෙළවරේ හරකෙක් ඉන්නවා දැක්කේ ගෙදරට ආවට පස්සෙයි " කියලා කිව්වලු නේ.. (නි)
සම්මා සති !! (අ)
මොහු ශාසනයටද කැළලකි (නි)
දැන්නම් තීරණයක් ගන්න ඕනෑ (නි)
ඇත්තටම කණගාටුයි මෙහෙම අයව මේ ශාසනයේ තාමත් දකින්න ලැබීම. හරි වැරැද්ද කාටවත්ම පෙනෙන්නේ නැද්ද? ඇයි ශාසනයේ තවමත් මෙයාව රඳවාගන්නේ?? (නි)
අපි පරම්පරාවෙන් හොද බෞද්ධයෝ...භික්ෂූන් වහන්සේලාට අසීමිතව ගරු කරනවා.මට කනගාටු මෙම පහත නිර්ලජ්ජිත ක්‍රියා කලාපයන් නතර කිරීමට මෙම භික්ෂුව අයත් නිකායේ මහනාහිමියන් ක්‍රියා නොකරන්නේ මන්ද යන්නයි විමර්ශනාත්මකව බලනවිට පෙනී යන්නේ මොහු ඉටුකරන්නේ සසුනට නිගා කරවන්නට භික්ෂුත්වය පහතට හෙලන්නට ශික්ෂූන් වහන්සේලාට පොදුජනතාව තුල පවතින ගෞරව්වය නැතිකිරීමේ කොන්ත්‍රාත්තුවක් බවයි. (අ)
මෙම භික්ෂුව ගැන වහාම තීරණයක් ගතයුතුයි (නි)
මොහු නියම එඩිටර කෙනෙක් දීර්ගයුෂ ලැබේවා (අ)
හැමෝටම, නිගා දෙනවා, ලොකෙ හිනස්සන වැඩමයි කරන්නේ (අ)
මෙයාව මන්ත්‍රී කෙනෙක් කළේ මොනවටද ? (නි)
"රටේ ආගමික සමගිය ඇතිවන සේ ක්‍රියා කරන ලෙස ඔහු විජිත හිමියන්ගෙන් ඉල්ලා සිටියේය." එතකොට මේ හිමියන් නිසාද ලංකාවේ සුළු ජාතිකයන්ට වෙච්ච හැම හානියක්ම වුණේ? හොදයි දැනගත්ත එක (අ)
බුදුන් වහන්සේ ජීවත්ව සිටියදීත් මේ වගේ අය හිටියා. මා දන්නා තරමින් බ්‍රහ්ම දණ්ඩනයෙන් එහාට දඩුවමක් කාටවත් ලැබුනේ නැහැ. මහා නායක හිමිවරු නොවෙයි, අපියි මෙයාට දෙන ගරුබුහුමන් නවත්වලා සමාජයෙන් ඈත්කළ යුත්තේ. සිව් පසයෙන් අඩුවුණාම තේරෙයි. මේ කතාව සම්පූර්ණ ඇත්ත. (නදී)
අනේ මෙහෙමත් අය ඉන්නවනේ අප අතරත්? (නි)
අනේ හාමුදුරුවනේ, අවසරයි ඔබ වහන්සේ මෙතන සික්ෂාපද කියක් කැඩුවද..කඩන්න උත්සහ කලද.. කරුණාකරලා දෙශපලනයට ඉස්සෙල්ල සමාජයට ආදර්ශමත් විදියට ඉන්න. අද ලංකාව පුරාම මිනීමැරුම් හා අසීලාචාර කම් වැඩියි. අන්න ඒවා වලක්කන ක්‍රමයක් හදන්න. (අ)
සසුනින් නෙරපා හැරීමට මහනායක හිමිවරුන් කටයුතු නොකරන්නේ මන්ද? මොහුගේ හැසිරීම ඉතාම පහත් (අ)
ලජ්ජා නැති කම (දී)
මොකාක් හරි කරනවා (දී)
මට හිනා යනවා (දී)
තලෙත් ලීද (දී)