මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් පොලීසියට අසත්‍ය ප්‍රකාශ දුන්නැයි උසාවියට වාර්තා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
ඒ හිමියන් අත පය බැඳ දැමු ආකාරයෙන් පසුගිය දා බොල්ගොඩ ගඟ අසල දමා ගොස් තිබිණි.
විජිත හිමියන්ගේ ජනනේද්‍රීයේ චර්මය නියපොතු කපනයකින් කපා ඇති බවට වෛද්‍ය වාර්තා වලින් කියැවෙන්නේ යැයි ද දැනගන්නට ඇත.
එම පදෙසේ සෙසු සුළු සීරීම් වැනි තුවාල ද එක්කෝ ඒ හිමියන් විසින්ම කර ගන්නට ඇතැයිද එසේ නැතිනම් වෙනත් කෙනකු ලවා කරවා ගන්නට ඇතැයි ද කියැවෙන තොරතුරු ගැන තව දුරටත් සොයා බලන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඒ හිමියන් සොයා ගන්නා විට මත් පැන් ගඳ වහනය වු බව ද පොලිස් වාර්තාවේ සඳහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සේනාවටත් මත් පැන් චෝදනා. මේ සේනාවටත් මත් පැන් චෝදනා. (නදී)
තමාම ගස් බැදෙන රටක් නේ මේ (නදී)
අසාමි, දියුණු ලෝකෙක නොදියුණු ජන කොටසක් අපේ රටට රිංගා ගෙන රට කන්න හදනවා. එ්කයි මේ සේරම. ලංකාතිලක ඔයා හරියට හරි. ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ? (නදී)
මහනාහිමිවරු නිශ්ශබ්දව සිටීම අදහාගත නොහැකියි? මොහු වහාම සාසනයෙන් නෙරපා සාසනයට කරනු ලබන නින්දා වලක්වා ගත යුතුය. (නදී)
දැන් ලංකාවේ බොරුකාරයෝයි වංචා කාරයොයි හැමතැනම. ඒ හින්ද මමත් ඒ ගොල්ලොන්ටම එකතුවෙනවා. එහෙම නැතුව දැන් කාලේ ජීවත්වෙන්න බැහැ. ඔක්කොම ගේම් කාරයෝ. (නදී)
දී කිරට බලල්ලුත් සාක්කිලු. අසාම් මහත්තය,රිස්වි මහත්තය ඕකට තමයි කියන්නෙ ඇදගෙන නානව කියලා .නොතේරෙනවා නම් අසාද් සාලි මහත්තයගෙන් අහල බලන්න. ඔයාලට කළින් එයා ඇදගෙන නෑවේ (නදී)..
අධි වේගේ රාළහාමි කාරෙක ගිනි තියා ගෙන. වටරැක හාමුදුරුවෝ කපා ගෙන. ඉස්සරහට තව මොනවා කියයිද. සාමය සමගිය හැම ජාතියක් සමගම තියා ගමු කීවහම ලැබුණු තෑගී. රටට බුදු සරණයි මේ වගේ පාඨකයෝ ඉන්න කොට (නදී)
මොනවද මේ අපිට අහන්ඩ දකින්ඩ ලැබෙන්නේ (නදී)
මතු පරපුරට දෙන ආදර්ශයද මේ හාමුදුරුවනේ ? (නදී)
මෙහෙම යද්දී බුද්ධ ශාසනය පිරිහිලාම යාවි නේද? (නදී)
බුදුරජාණන් වහන්සේ ඉදිරියේ චිංචි මානවිකාව දරමිටියක් බඩේ බැඳගෙන බොරු කළා. ඒත් බුදුන්වහන්සේ ඇත්ත එලිවෙන තුරු ඉවසා සිටියා. අපිත් එලෙස බලා ඉඳිමු. කාලය විසින් සේරම විසදේවි. මේ තමයි බුදුදහමේ ඇත්ත. (නදී)
ඇස් හොදින් ඇරලා කන් හොදින් යොමු කරලා බලපල්ලා. බොරු රගපෑමක් කරලා (දැනට ප්‍රචාරය වන ආකාරයට) හැමෝම මුලාකලා කියන්නෙත් ස්වාමීන්වහෙන්සේ කෙනෙක්. මෙම සිද්දියට මුල් උනාය කියා දෝෂාරෝපණය එන්නෙත් බොදුබල සේනාවේ ස්වාමීන්වහන්සේලාට. වෙනත් ආගමක අය සමග වුන ගැටලුවක කෙරවල් දෙකම ස්වාමීන්වහන්සේලා අත. මේවා නිවැරදි කලයුත්තේ කවුද - කොහොමද දන්නා කෙනෙක් වේනම් අදහස් දක්වන්න (නදී)
අපි බලමු හාමුදුරුවන්ගේ කට උත්තරය තමන් කරන කුසල් අකුසල් තමන් සමගයි (දී)
දැන්වත් ඉතින් බුදු දහමට නිගා නොකර තීරණයක් ගත්තොත් හොඳයි (නි)
අපි හැමෝම ලංකා තිලක් ට කෑගහන්න ඉඩදී බලා ඉඳිමු . (දී)
කළු සුද්දෝ කිව්වම කට්ටියකට මෙච්චර ඩෝන් යන්නේ මොකද? හැමෝම කළු සුද්දෝ නෙමෙයි. මේ රටට ආදරය කරන මේ රට ගැන හිතන මේ රටේ වෙන දේ ගැන අවබෝධයක් තියෙන වැඩි පිරිසක් පිටරටවල් වල ඉන්නවා. ඒ අතර ඉතින් මේ රටට අපහාස කරන්න අවමන් කරන්න බලාගෙන ඉන්න මේ රටට හෙන ඉල්ලන කළු සුද්දොත් ඉන්නවා. ඒක මේ තීරෙ බැලුවාම ඕන කෙනෙකුට තේරෙනවා. (නදී)
හාමුදුරුවොත් මෙහෙම කරද්දී සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද? (නි)
ඉවසන්න .............. කාලයට ඉඩදෙන්න ........... සත්‍යය දැනගන්න ලෙබෙයි .. ඉක්මනින්ම .... (දී)
මම හිතුවේ වාසුදේවට වඩා වැඩි අය ලංකාවේ නෑ කියලා මට වැරදිලා (නදී)
බොරදියේ මාළුබාන්න ගියාම ගැඹුර පෙනෙන්නේ නැහැ. දියේ ගිලුනොත් ගිලුනමයි (නි)
ඔක්කොටම කලින් සොයාගන්න ලංකා තිලක් රටේ ඇතුලෙම ඉඳන් රට ට වින කරන උදවිය කවුද කියලා . ඊට පස්සේ පිටරරවලට ඇඟිලි දික් කරන්න. (නදී)
වරදක් කර ඇතිනම් නිතිය පමණමයි ඇත්තේ (දී)
හාමුදුරුවරුත් මෙහෙම කරද්දී සාමාන්‍ය මිනිසුන් ගැන මොන කතාද? (නි)
මේවා අහද්දී මට නම් පිස්සු වගෙයි (නි)
ලංකා තිලක් තාම දන්නේ නැහැ රටට හෙන පාත් කරපු කළු සුද්දෝ ඉන්නේ ලංකාව ඇතුලේමයි කියලා. (නදී)
පුවතේ හිමියන් කඩා ඇත්තේ හතර වන සිල් පදය කියමුකෝ. අපේ ලංකා තිලක් උන්නැහේ කියව කියව දඟලන්නේ පස් වන සිල් පදය කඩා ගෙන ද කොහෙද ! (දී)
චීවරය දාගත් පමණින් හාමුදුරු කෙනෙක් වෙන්න බැහැ (නි)
“මේ රටේ මිනිස්සු - නිතරම නටනනේ පිස්සු“ කියලා ගීතයක් මම අහලා තිබෙනවා. මේ හාමුදුරුවන්ගේ කතාවේ ඇත්ත නැත්ත ඔබවත් මමවත් හරියට දන්නේ නැහැ.අපි කාලයට ඉඩදී බලාගෙන ඉඳිමු. (නි)
රුවන්, තමන්, තම දෙමවුපියන් ඉපදුන රටට හිතේ තිබෙන කුහකකමට බනින්න එපා.අපේ රට ලෝකයේ තිබෙන උතුම්ම රට. (නි)
මේ සත්‍ය රටට හෙලිකල යුතුමයි. බෞද්ධයන්ගේ ඉවසීම ඉතාමත් ඉහළය. එහෙම කියල ඕනවට වැඩියෙන් ඉවසීම පරික්ෂා කරන්න හදන්න එපා. ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා. අපේ සඟ සාසනය රැකගනිමු. (නදී)
ලංකාවේ පොලිසියට ජය වේවා! (නි)
මහන වෙන්නේ ජීවිතේ දුකය දැකපු අය. ඒත් මේ කරන දේවල් වලට සංසාරේ හැමදාම දුක තමයි (නදී)
කවුරු හරි කාට කාටත් වෙන අසාදාරණකම් පැහැදිලි කරනවද? (නදී)
අසාම් මහත්තයාටයි ,රිස්වි මහත්තයාටයි හාමුදුරුවෝ ගැන දුක හිතිලා වගෙයි (නි)
කරගත්තා වූ කුසල කර්මයට දායක වුණ අනෙක් ඇත්තන්ගේ වතගොතත් දැනගන්න ලැබුණා නම් හොඳයි (නි)
ඇයි හාමුදුරුවනේ මෙහෙම කළේ? (නි)
මොකට දේශපාලනේට ආවද මන්දා. හාමුදුරුවන්ට දේශපාලනය තහනම් කරන්න. (නදී)
කොහොම මේවා කරගන්නවද මන්දා? (නි)
රුවන් මේ රටේ කෙනෙක් වෙන්න බෑ. (නදී)
මේක පුදුම වැඩක්නෙ බලනකොට (නි)
අනේ මෙහෙමත් දේවල්. අපේ පොලිසියේ මහත්වරුන්ටත් වෙන වැඩ නැත්නම් හොඳයි මේ උන්නාන්සේගේ මේ හැංගිමුත්තන් අල්ල අල්ල ඉන්න. (නදී)
කවුද මේ ලංකා තිලක්? මට දැන් හිතෙනවා ඔයත් පිටරටක සේවය කරන ගමන් කළු සුද්දන් කියලා ඔයා ඔයාටම බැන ගන්නවා කියලා (නි)
මම මාගේ මිතුරන් සමඟත් මේ ගැන කතා කළා (නි)
බලමුකෝ වෙන දේ (නි)
ඇත්ත මොකක්ද කියලා හිතාගන්න බැහැ. (නි)
සමෘද්ධි නිලධාරියා තමන්ම ගස් බැඳ ගන්නවා. හාමුදුරුවෝ තමන්ම ගහගන්නවා (නදී)
සහෝදරයාම පොලිසියට කියලා තියෙනවා එයාට බල කරලාම මේ වැඩේ කරන්න කියලා හාමුදුරුවෝ කියපු නිසා කරේ කියලා. ඒකම ඇතිනේ මේ උන්නාන්සේගේ තියෙන පහත් නිවට ගතිය තේරුම් ගන්න (නදී)
මොනවට තමන්වම මෙහෙම තුවාල කරගත්තද? (නි)
ලංකා තිලක කට අැරිය ගමන් බල්ලෝ රෑනක් බුරා ගෙන පැන්නා. සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කරන හැමෝටම විරුද්ධ වෙන්නේ කව්ද ද කියලා අපි දන්නවා. (නදී)
පිල්ලේ නෝනා මේවා දන්නවද දන්නෙ නැහැ (නි)
වැඩේ හරි ගියේ නැහැ නේද? (නි)
මොනවද මේ දේවල් කරලා බලාපොරොත්තු වෙන්නේ? (නි)
මෙහෙම දේවල් වලින් හොඳ නැත්තේ අපේ ශාසනයටමයි කියලා ඇයි හිතන්න බැරි? (නි)
චීවරයට නිගාකරන්න නම් එපා (නි)
ලංකා තිලක්, මතක තියාගන්න, ලංකාවේ බොහොමයක් බලවතුන්ගේ දරුවන් පිටරටවල ඉගෙනගෙනයි මෙහේ පදිංචිවෙලා ඉන්නේ. සමහරුන්ට ද්විත්ව පුරුවැසියභාවය තිබෙනවා. ඒ නිසා ඔය කළු සුද්දන්ගේ නිර්වචනය ඔබටම පාරා වළල්ලක් වේවි. (නි)
ලංකා තිලක්, එතකොට නයිට් රේස් ලංකාවට ගෙනාවේ ඔබ කියන අය වෙන්න ඇති නේද? කැසිනෝ කියන්නේ දේශීය ක්‍රීඩාවක් වෙන්න ඇති නේද ? (නි)
මේ සිදුවීම මුළු ලෝකේ පුරාම ගියා. කට්ට්ය යැව්වා. ආගමික සමගිය වෙනුවෙන් කතා කල පෙනී හිටපු ස්වාමින් වහන්සේ කෙනෙකුට බෞද්ධ අන්ත වාදීන් අමානුෂික විදියට පහර දීල ඔහුව සුන්නත් කරවල කියලා. දැන් ඒ ප්‍රචාරේ ගිහින් ඉවරයි. ඒ ප්‍රචාරයට වගේ ප්‍රචාරයක් මේ සිදුවීමේ සත්‍යට ලැබේවි කියල හිතනවද. මේ සත්‍යය ලෝකේ පුර යාවි කියල හිතනවද? ඒක එහෙම වෙන්නේ නැහැ. හාමදුරුවෝ තමන්ගේ කොන්ත්‍රාත් එක කලා. එ්කෙන් අවනම්බු වින්දේ මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු. මේ බරපතල ක්‍රියාවට බරපතල දඩුවමක් මේ හාමදුරුවන්ට ලැබේවි කියල හිතනවා. උනු හානිය ඒකෙන් අද්දන්න බැරි උනත්. (නදී)
ලංකා තිලක්, පිටරට අයට බනින්න පෙර පිටරට ගිහින් ඉගෙනගෙන විත් ලංකාවේ කරලියට පැමිණි උදවිය ගැන කතා කරන්න (නි)
දැන් මට මුකුත් මතක නැහැ කියලා කියයිද දන්නෙ නැහැ (නි)
ඇයි මෙහෙම කරන්නේ? (නි)
මේ සිදුවීම විතරක් නොවෙයි, පසුගිය හැම සිදුවීමක්ම දිහා බලනකොට “24 පැය“ කියන ඇමරිකන් ටෙලි චිත්‍රපටිය මතක් වෙනවා. (නි)
මේවා බලලා අපිට අනෙක් රටවල් හිනාවෙනවා ඇති (නි)
ලංකා තිලක්ට පිටරට ඉන්න ලාංකිකයන් ගාවානොගෙන කිසිම අදහසක් ලියන්න බැහැ වගේ. ඔබ ඔය කියන තරම් භූමි පුත්‍රයෙක් නම් පිටරට ඉන්න අපේ උදවියටත් ආදර්ශයක් වෙන්න පෙන්නන්නකො හෙළ ගතිය (නි)
හාමුදුරුවොත් සිල් පද කඩන්න පටන් අරගෙනද? (නි)
බුදුදහමේ හැටියට කර්මය පලදෙනවාමයි (නදී)
මේවා කරලා අපේ ශාසනයට නිගාකරන්න එපා (නි)
කව්ද දන්නේ මේ හිමියන්ට බලෙන් පෙව්වද කියා (නදී)
ලංකා තිලක් ,සියල්ලටම පෙර පිටරට ඉන්න ලාංකිකයන්ට පරිභව කරන එක නවත්තන්න. මේ පුවතින් දැක්වෙන්නේ ලංකාවේ ඉන්න උදවියගේ වැඩ කටයුතුනේ! පිටරට ඉන්න සිංහල බොදු උදවිය ලංකාවේ ඉන්න සමහරුන්ට වඩා හොඳින් ආගමානුකුලව ජීවත් වෙනවා. (නි)
ඇයි ආගම දහමට මෙහෙම නිගා කරන්නේ? (නි)
ලංකා තිලක්ට රිදී ඇති තරම පෙනෙනවා (නි)
බෞද්ධ අපේ රටට මෙහෙම දේවල් වලින් ඇතිවන්නේ නිගාවක් නොවේද? (නි)
කලිසම් කමිස ඇඳි කළු සුද්දන් පොදිය ... කර ඇත්තේලු සිංහල සිරිතට හදිය... පෙන්වන්න නම් තිලකේ ඔබෙ හෙළ ගතිය... කුඹුරට අඳින ඇඳුමින් සැරසිය යුතුය .. (නි)
මත්පැන් මේ චීවර ධාරියාට සුපුරුදු බව අපි නම් දැන ගත්තේ පාන්දර ජාමෙ කොහෙද ගිහින් එනකොට බයවෙලා ගස් උඩ රැය පහන් කරපු දවසෙමයි.(නදී)
බලෙන් පොවලා වැඩෙත් කරලා අන්තිමට හාමුදුරුවොම වැරදි කාරය කරනවා. මේක තමයි ලංකාවේ හැටි. (නදී)
කොහොමද වටරැක විජිතගේ කෛරාටික ක්‍රියාව? (නදී)
අපේ රටේ පොලිසිය මේ වට කාගේවත් උවමනාවට ස්ටේට්මන්ට් දෙනවද? මේ රට යන අත නම් සුභදායක නැහැ. හරිම දුකක් දැනෙනවා අපි මේ තරම් දියුණු ලෝකයක නොදියුණ ජන කොටසක් ලෙස ආපස්සට යනවා දකිනකොට.(නදී)
මත්පැන් මිනිසා අවුල් කරනවා (නි)
කොහොමද රඟපෑම. දැන් මෙයා වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලපු අයගෙ තරම රටටම පේනව නේද? (නදී)
ලංකා තිලක්, ඔයා බුරන්නේ නැතිව ටිකක් බලාගෙන ඉන්නකෝ. තාම අපි දන්නේ මේ කතාවේ එක පැත්තයි. (නදී)
බුද්ධාගම සාසනය විනාශ කරනවා විතරක් නෙවේ, මේ වැන්නන් ආගම කෙරෙහි සිංහල ජාතියේ තියෙන හැගීම් එක්කත් විහිලුවට ලක්කරනවා. මේවට එරෙහිව කටයුතු කරන්න අපේ මහා නායක හාමුදුරුවන්ට හැකියාවක් බලයක් ශක්තියක් නැද්ද? අනේ බුදු හාමුදුරුවනේ නැවතත් වඩින්න මගේ මව් බිමට.(නදී)
මේ නාටකයේ මුල් කොටස තමයි ගස් නැගපු පොටෝ එක (නදී)
ගොරක දඩමස් කරන දඩමස් ගොරක කරන ශ්‍රී ලංකා පොලිසිය රටටම වාසනාවක්.(නදී)
එදාපාර මේ මොන අපබ්බ්‍රන්සයක්ද ගජන් අයියේ. (නදී)
මේ අනුව බලනකොට බුද්දසාසන අමාත්‍යංශයෙන් හාමුදුරුවන්ගේ අනන්‍යතාව හොයන්න වෙයිද ? (නදී)
මේවා දකින කොට සංසාරේ එපා වෙනවා. (නදී)
බුද්ධාගමටත් රටටත් අපකීර්තියක් කලේ (නදී)
ලංකා තිලක්, ඔබට ලොකු හීනමානයක් තියෙනවා කරුනාකරලා බෙහෙත් ගන්න. (නදී)
කෝ මේ වටරැක හාමදුරුවන් වෙනුවෙන් හොටු පෙර පෙරා අඩපු දායකයෝ ටික. අපේ ඩුබායි තිලක් එහෙම.(නදී)
නිශාන්ත මහත්තයෝ, අන්න පොලිසියේ වැන් එකයි වටරැක හාමදුරුවන්ගේ සහෝදරයයි ඉන්නවා. පුලුවන්නම් ගිහින් සාමය සමගිය හැම ආගමකම තියාගන්න වටරැක හිමි කල විරෝධාර පරිත්‍යාගයේ කතා පුවත විස්තර ඇතුව අහගන්න. බොරදියේ මාළු බාන්න ගියාම ගැඹුර පේන්නේ නැහැ. දියේ ගිලුනොත් ගිලුනමයි. හාමදුරුවෝ ගිලිලා ඉවරයි. අර පොලිස් රාළහාමිත් ලගදීම ගිලෙයි. නිශාන්ත ගිලෙන්න කලින් ගොඩ ඉන්න මාළු බෑම පැත්තක තියලා. (නදී)
භ්‍රම දණ්ඩනය දෙන්න ඕනේ (දී)
ඕක රගපෑමක් බව මම කීවා. තවත් සුබද්‍ර කෙනෙක් ? (නදී)
දැන්වත් සියලු ථෙරවාදී රටවල් එක්කරගෙන සංඝ සම්මේලනයක් තබා ලෝකෙම භික්ෂුන් වහන්සේලාට තම තමන්ගේ සීලය රැකගැනීමටත් අන්‍යාගමිකකරණයෙන් රටවල් විනාශ වීම වැලක්වීමටත් වහාම පියවර ගැනීමට මහානායක හිමිවරුන්ට නැණ පහල වේවා.! (නදී)
වටරැක විජිත හිමි වැන්නන් වහා සාසනයෙන් ඉවත්කරන්න (නදී)
මෙි වගේ චරිත ඔලුව උස්සාගෙන එන විටම නවත්තන්න රජයේ අමාත්‍යාංශයන්ට හැකියාවක් තිබිය යුතුයි. නැත්නම් මුලු රටටම මෙි කරන හානිය සුලුපටු එකක් නෙවෙි. (නදී)
මම නම් ඕක හිතුවා. එ්ත් කියන්ඩ බයේ හිටියේ. ඔය ඔප්පු වෙලා තියෙන්නේ යස රඟට. අනේ අනිච්චන්, කනේ කඩුක්කන්.(නදී)
අහිංසා කියන්නා වගේ හුගක් අය වැට පැනලා. කොහොම උනත් කවුරුත් දැනගත යුතු දෙයක් තිබෙනවා. ශ්‍රීලංකා පොලීසියේ බුද්දි අංශය ලෝකයේ දියුණුම රටවල් හා කරටකර ඉන්නවා. එ් නිසා එය සැහැල්ලුවට පත් කරන්න එපා. නමුත් අපේ පොලිසිය දේශපාලන අවීචියට වැටී ඇති නිසා සියල්ල කණපිට පෙරලෙනවා. ඒ ගැන නම් ඉතාම කනගටුයි. (නදී)
සිංහලකම, සිංහල අයිතිය සහ බොදු අයිතිය ගැන කතා කරන්නන්ට දොස් පවරන මහත්වරුනි. අපිට දොස් පැවරීමට පෙර මේ රටේ සිදු වෙන සිංහල බෞද්ධ විරෝධී වැඩ ගැන සොයා බලන්න.(නදී)
සුබද්‍ර ගේ අබද්‍ර වචන (නදී)
ලංකා තිලක්..... සත්‍ය පිළිගන්න මිනිස්සු කැමති නැ ඒකට හේතුවක් හිතාගන්නත් බැ (දී)
කොහොම වුණත් ලෝකය හිනස්සන වැඩ මේවා.... (නි)
අපි දැන්වත් සංගායනාවක් කරොත් හොඳයි (නදී)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා නේද කියලා තියෙන්නේ. එහෙනම් ඇත්ත වෙන්න ඇති. (නදී)
ලංකා තිලක්, පිටරටකින් ඔබේ ස්ථිර පදිංචි විසා අයදුම් පත ප්‍රතික්ෂේප වුනා වද්ද? ලංකාවේ වෙන ඕනෑම සිද්ධියකට ඔබ පිටරට ගිය ලාංකිකයන් අල්ල ගන්නවා. දැන් මේ රටේ සිද්ධ වෙන කලබල පිටරටින් ඇවිල්ල කරපු දේවල් ද ? ටිකක් සිහි බුද්ධියෙන් කතා කරන්න. (නදී)
මෙවැන්නන් සිවුරු පොරවා සිටීමට සුදුසු කෙනෙක් නොවේ. වහාම සාසනයෙන් නෙරපා හල යුතුයි. (නදී)
මේ ඇතිවුණු ගැටුමින් පසු සහ පෙර සිදු වුනු සියලු ක්‍රියාදාමයන් නිරීක්ෂණය කරද්දී ඉතාමත් දැඩි අන්තවාදී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව අපිටනම් හොදින්ම පැහැදිලියි. මේ සිදුවීම වුනු හැටියේම මම කිව්වා මේක ටෙලි ඩ්‍රාමා එකක් එක කොටසක් කියලා. මේ හාමදුරුවෝ නළුවෙක් කියල අපි දන්නේ ගොඩක් කලින් ඉදලා. සියල්ලන්ගේම අරමුණ බොදු බල සේනාව වල දැමීම. නමුත් එ්ක හිතන තරම් පහසු වෙන්නේ නැහැ. සිංහලය වෙනුවෙන් බෞද්ධයා වෙනුවෙන් කතා කරන්නත් කවුරු හරි ඉන්නවා කියල දැන් මේ රටේම උපන් බිමේම අසරණ වුනු සිංහලයින්ට බෞද්ධයින්ට දැනිල තියෙන්නේ පිට රටවල කළු සුද්දන්ට නොදැනුනාට... මේ බලවේගය තව නොබෝ කාලෙකින් භාරතීය ජනතා පකෂය වගේ මේ රටේ පාලන බලයත් අතට ගන්නවා. ඒක ඉර හද වගේ විශ්වාසයි.(නදී)
ඔන්න සරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන තැන.(නදී)
මත් පැන් ගඳ වහනය වූ බව විතරද පොලිස් වාර්තාවේ තියෙන්නේ. අර බැලුන් පරීක්ෂාවක් එහෙම කරේ නැද්ද ඇත්තටම පානය කරලද කියලා බලන්න. සිව්වන ශික්ෂා පදය කෙසේ වෙතත් පස්වන ශික්ෂා පදයනම් කඩ කරන චීවරධාරීන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බවයි පෙනෙන්නේ. (දී)
බොරු කීම පවක් දන්නේ නැද්ද (දී)
මේවා අපේ රටේ සිදු වියයුතු දේවල් නෙමෙයි (දී)
තමන්ම බැඳගෙන, ගහගෙන, කපාගෙන, වටරැක හිමියන් බොරුවක් කරානම් ඔය හිමිනමට මෙතෙක් කල් අනුකම්පා කරපු සියලු දෙනාට සත්‍ය අවබෝද වේවි. සාසනයෙනුත් නෙරපා හරින්න ඕනි.(නදී)
කළු සුද්දෝ කිව්වම කට්ටියකට මෙච්චර ඩොන් යන්නේ මොකද? හැමෝම කළු සුද්දෝ නෙමෙයි..මේ රටට ආදරය කරන මේ රට ගැන හිතන මේ රටේ වෙන දේ ගැන අවබෝධයක් තියෙන වැඩි පිරිසක් පිටරටවල් වල ඉන්නවා..ඒ අතර ඉතින් මේ රටට අපහාස කරන්න අවමන් කරන්න බලාගෙන ඉන්න මේ රටට් හෙන ඉල්ලන කළු සුද්දොත් ඉන්නවා..ඒක මේ තිරේ බැලුවාම ඕන කෙනෙකුට තේරෙනවා...කට්ටිය මොකටද අහක යන තොප්පි දාගන්නේ..මේ අපි වගේ ඉන්නකෝ..තොප්පිය හරිනම් ඉතින් කරන්න දේකුත් නැහැ..කේන්ති යන එක සාධාරණයි. (දී)
අනේ සාදු! (නි)
මේ වගේ ශ්‍රමනයන් සාසනයෙන් ඉවත් කරන්න කෙනෙක් නැද්ද? අධිකරණ සංඝනායක ස්වාමින්වන්සේලා මොකද කරන්නේ. මහනායක ස්වාමින්වහන්සේලට බලයක් නැද්ද? (නදී)
තරිඳු, සිංහල බෞද්ධ කම ගැන කතා කරන්න කලින් ලංකා තිලක් ට සභාවක ශීලාචාර විදියට කතා කරන්න ඉගෙන ගන්න කියන්න. තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ගිහින් බජාර් එකේ චන්ඩියා වගේ හැසිරෙන්නේ . මෙතන බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබෙන්නේ ඔහුගේ මතය නෙවෙයි නොහොබිනා කතා විලාසය සහ අනුන්ගේ මතය නොඉවසීම. (දී)
සියල්ල හෙළි වී අවසානයි. වටරැක හිමිගේ සහෝදරයා සිදු වුනු දේ පාපොච්චාරණයක් කරලා.(නදී)
සිරාගෙන් සිරා කතාවක්.(නදී)
නියපොතු කපනයකින් ලේසි නැහැ ඔය වැඩේ කරගන්න. හොද දැලි පිහියක් හරි උන පතුරු දෙකක් අරගත්තා නම් තනිවම හරි කර ගන්න තිබුනා. බුදු දහමට ගිය කලක් (නදී)
ඇත්තටම 5 වන ධර්ම සංගායනාව කරන්න දැන් කලේ හරි. මහනායක මහුදුරුවරුනේ දැන්වත් මේ ගැන කතා කරන්න.(අ)
ලංකා තිලක්, මේ හිමි නම් වරදක් කළා නම් ඔහුට ස්වභාව ධර්මයෙන් හරි ඊට පිළිතුරක් ලැබේවි. ඊට වඩා හරිම අප්‍රසන්නයි මේ පාඨකසභාව තුල ඔබේ හැසිරීම . ශිෂ්ට විදියට අදහස් ඉදිරිපත් කරන්න දන්නෙම නැද්ද ? කවුරුන් හෝ හෙලා තලා තමන්ගේ පුද්ගලික කෝන්තරයක් පිරිමසාගන්නවා වගේ ඔබේ වාග් මාලාව ! මම මෙතන නිතරම ලියන කෙනෙකුත් නෙවෙයි . බැරිම තැනයි මේ ලියන්නේ . (දී)