ඇමැති රිෂාඩ් බදුර්දීන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පරිසරයට හානි කරතියි සෙවීමට 2013 සැප්තැම්බර 13 වැනි දා විල්පත්තුවට ගිය ගිහි පැවිදි පිරිසකගේ කිවුම් කෙරම් ඇතුළත් වීඩියෝ පටයක් තමන් ළඟ ඇතැයි මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියෝ පොලිස්පතිට කියති.

අරක්කු බෝතල 20ක් ද රැගෙන වාහන හයකින් කැලෑවට ගිය මේ පිරිස ගිය මේ පිරිසට ඉත්තෑ මස් හා මුව මස් බයිට් ලෙස දී ඇතැයි ද, ඔවුන් නීතිය හමුවට පමුණුවන්නැයි ද වටරැක හිමියෝ ඉල්ලති.