මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ නායක වටරැක විජිත හිමියන් අත් පා බැඳ දමා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා ඇතැයි පොලීසිය කියයි.
වටරැක හිමියන්ගේ හැදුනුම්පත එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත.
ඒ හිමියන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බවත් කට උත්තරයක් ගැනීමේ තත්වයක් නැති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වෙලා තියෙන්නේ වැඩේ (දී)
පද්මා , ඒ හාමුදුරුවෝ එයාටම ගහ ගෙන හොස්පිටල් ඇතුලත් වෙලා නාටයක් රගපාන්වාලු . මේ හමුදුරුවනට කවුරුත් කරදර කලාද ? (දී)
දැක්කාද මොන ප්‍රශ්න තිබ්බත් ලාංකිකයෝ විදිහට සැවොම එකට ඉන්නවා (දී)
මට ඇස් අදහා ගන්න බැරි උනා කතාව ඇහුවහම (දී)
ජිවිත් වෙන්න පින තියෙනවා ඔබ වහන්සේට (දී)
හාමුදුරුවනේ ඔබ වහන්සේ සුවපත් වුනාම තීරණයක් ගන්න. දේශපාලන අසුචි ගොඩේ ඉන්න ඕනෑම නම් උපැවිදිවන්න. එහෙම නැතිව ලෝකෝත්තර සුවය පතනවානම් දේශපාලනයෙන් ඉවත්වන්න. මිනිස් වගක් නැති මහා වනාන්තරයට ගොස් භාවනා කරන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. (නදී)
මෙතන තියෙන්නේ දේශපාලනය නොවේ. තමන්ගේ මතයට ගරු නොකරන මිනිස්සු මට්ටු කරන වැඩ පිළිවලක්. (නදී)
මේ රට යන දිශාව නම් හොඳ නැහැ. (නදී)
ලංකාවට මේ වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. මේවා කරන අයට මෙච්චර බලයක් තියෙන්නේ මිනිස්සු මෝඩ නිසාද? නැත්නම් කාගේ හෝ අනුග්‍රහයක් තියෙනවා නේද? (නදී)
මේ වගේ දේවල් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)
ලංකාවට මේ වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. මේවා කරන අයට මෙච්චර බලයක් තියෙන්නේ මිනිස්සු මෝඩ නිසාද? නැත්නම් කාගේ හෝ අනුග්‍රහයක් තියෙනවා නේද? (නදී)
මේ රටේ මිනිස්සුන්ගේ සාරධර්මය නැතිවෙලා (දී)
නිකන් පව් පුරෝ ගන්න එපා (දී)
මේ වෙලාවෙ හැම කුනු ගොඩක්ම සිංහලයට පටවන්න බලන් ඉන්න වෙලාවක්. ඕවා කවුරු කරනවද කියල හරියටම හොයන්න ඕනා. හොයන්නෙ නැතුව වැරදි කියන්න නරකයි. මොකද දැන් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න ගොඩක් අය බලන් ඉන්නවා.(නදී)
ජාතික හා ආගමික සමගිය ගැන ඉදිරිපත් වී සිටින අපේ අනික් ස්වාමින්වහන්සේලා මේ දිහා බලල තීරණයක් ගත්තොත් හොඳයි. (දී)
ඉක්මන් සුව පතමු (දී)
අහිංසා මමත් ඔබේ අදහසට එකතු වෙනවා. සංඝ්‍යාවහන්සේලා ඉන්නේ රටේ පාලනය යහ මගට ගන්න මිසක් රටේ පාලනය අතට ගන්න නෙමෙයි. මේ දේවල් හැමෝම තේරුම් ගන්නවා නම් මෙහෙම දේවල් නැවත සිදු නොවේවි. තම තමන්ට පැවරුන කාරිය මිසක් වෙන කෙනෙක්ගේ කාර්යබාරයක් තමන්ගේ කරගන්න යන අය හැමෝම මේ උන දේ ආදර්ශයක් කර ගත්තොත් මේ රටේ තවත් ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ. (නදී)
සුලු ජාතින් වොනුවෙන් සහ රටේ සාමය වෙනුවෙන් කතා කළ නිසා තමයි මේ විපතට මුහුණ පා සිටින්නේ. මේ පිටිපස්සේ කව්ද ඉන්නේ? (නදී)
කෝ හතුරෝ ? (නදී)
දෙයියනේ කියලා අවුරුදු 30 පස්සෙ නිදහස් වුනු රටට තවත් හෙනයක් පාත් වෙන්න වගේ යන්නේ. අනේ කවුරු හරි මැදිහත් වෙන්න.(නදී)
හාමුදුරුවෝ පන්සලේ හිටියා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. දේශපාලනයට ගිය නිසා නේද මෙහෙම වුණේ? (නි)
අවුරුදු තිහක යුද්දෙකින් පීඩා විඳලත් තවමත් ඇයි අපිට හැදෙන්න බැරි වුණේ? (නි)
මට නම් පේන්නේ මේක කුමන්ත්‍රනයක් (නදී)
කියන්න ඕනේ ඔක්කොම ටික අහිංසා කියල තියෙනවා (නදී)
අන්තවාදී සංවිධාන තහනම් කරමු. අපි එක ජාතියක් වෙමු.(නදී)
මම බෞද්දයෙක්. නමුත් හාමුදුරුවන්ට දේශපාලනය කිරීම තහනම් කල යුතුයි. ඔවුන් උපදේශකයන් හෝ මගපෙන්වන්නන් උනාට කම් නැත. දැන් සංඝයා වහන්සේලාට කැප සහ අකැප නොතේරෙන පාටයි (නදී)
අපි කවුරුත් මතක තියා ගත යුතු කරුණක් නම් පිටින් එන විදේශ බලවේග වලට සටන් වදිනවා මිසක අපි අපිම කුලල් කා ගන්න එක නෙමෙයි. (නදී)
මීනිසුන් මින්සුන්ගේම ඇස් පීයාගෙන තමන්ගේම මස් කන්නේ ඈයි ? ස්වාමින්වන්සේට ඉක්මන් සූවය ලැබේවා ! (නදී)
මහා ලොකුවට කෑ ගහන අය හිමිනමකට පහර දීල පාරේ දාල ගියාම සද්දයක් නැත්තේ ඇයි? (නදී)
හාමුදුරුවරු දේශපාලනයට යන්න ඕනේ නැහැ. ජාතියට, ආගමට ආදරේ නම් ගම් මට්ටමින් පටන්ගෙන පුළුවන් තරම් සිංහල පවුල් වල දරුවෝ හදන්න ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අපේ මිනිස්සුන්ට කියල දෙන්න. නැති බැරි අයට එකතුවෙලා උදව් කරලා ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් දේශපාලනයෙන් තොරව කරගෙන යන්න මුළු සංඝ සභාවම එකමුතුව වැඩකලා නම් හරි (නදී)
රටේ අායෙමත් යුද්දයක් ඇති වුණාම මුලින්ම වලිගේ කකුල් දෙක අස්සේ ගහගන්නේ ඔය මහා ලොකුවට ජාතිය ගැන කතා කරපු අයම තමයි. දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ යුද්දෙට යාවි (නදී)
අහිංසා, සංඝයා වහන්සේලා පොලිසියට අයත් රාජකාරි කරන එකත් නවත්තන්ඩ කියමු නේද? (නදී)
මොනවා කලත් එහෙම කරන එක නම් හරි නැහැ (දී)
මට නම් හිතෙන හැටියට වටරැක හාමුදුරුවන්ට තීරණයක් ගන්න කාලය හරි (නි)
හාමුදුරු නමකට ගැහුවා කියලනේ අලුත්ගම යුද්ධය පත්තු උනේ. දැන් කාගේ දේපොළ කුඩු කරයිද කියලා බලමුකෝ. (නදී)
ඔය විස්තරේ පස්සේ එලියට එයි. ඒකයි හාමුදුරුවන් වලේ වැටිලා ඉන්න කොට හොයා ගත්ත කෙනා නම ඇහුවම එම මනුස්සයාට නම කියන්නත් අදිමදි කලේ. (අ)
මට හිතෙනේ මේක වෙන පිරිසකට වරද පටවන්න සැලසුම් සහගතව කල වැඩක් වගේ. හැදුනුම්පත ලග දාල යන්න ඇත්තේ ඉක්මනට ප්‍රචාරය ගන්න. පොලිසිය ඉක්මනට නිවැරදිව වැරදි කරුවන් අල්ලා ගත යුතුයි... (දී)
අශාන් , නැ මේ හාමුදුරුවෝ එයාටම ගහ ගෙන ඉස්පිරිතාලේ ගිහින් කවුරුත් ගහලා නැහැ. (නදී)
මේ වෙලාවෙ හැම කුනු ගොඩක්ම සිංහලයට පටවන්න බලන් ඉන්න වෙලාවක්. ඕවා කවුරු කරනවද කියල හරියටම හොයන්න ඕනා. හොයන්නෙ නැතුව වැරදි කියන්න නරකයි. මොකද දැන් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න ගොඩක් අය බලන් ඉන්නවා.(නදී)
කතෝලික දේවගැතිවරු දේශපාලනයට යන්නේ නෑ. ඒගොල්ලන් ප්‍රචණ්ඩත්වයට යන්නෙත් නැහැ. ඒගොල්ලන්ට පැවරිලා තියෙන රාජකාරිය දෙවියන් වහන්සේගේ වචනය බෙදා හරීන එකයි. ඉතින් ඒගොල්ලන්ට ප්‍රශ්න නෑ. ස්වාමීන් වහන්සේලාත් ඒ ආදර්ශය ගත යුතුයි (නදී)
අපේ රට සෑම දාම කුමන්ත්‍රණ වලට අසු වෙනවා. එයින් දේශපාලකයෝ වාසි ලබනවා. රටේ ජනතාව අඩියටම තල්ලුවෙනවා (නදී)
මෙය ඔබගේ ගමන වලක්වන්නට කරපු දෙයක්. සමහරවිට ඔබතුමා අපවත් වී ඇතැයි සිතා දමාගොස් ඇතිබවයි පෙනෙන්නේ. ඔබතුමාට ඉක්මනටම සුවය ලැබේවා.(නදී)
අනේ ඒ හාමුදුරුවෝ මොකුත් කියුවේ කලේ නැහැනේ මෑතකදී (දී)
ජාතිවාදය නම් නොවෙයි මේ, මේකට කියන්න වචන නැහැ මට (දී)
සියලු දෙනා වග කියන්න ඕනේ මෙතැනදී (දී)
කවුරු කලත් ඇත්තටම නොහොබිනා වැඩ (දී)
පෙවානම් අනුමත කරන්න බැහැ කීයටවත් ඇත්තමයි (දී)
මේ හාමුදුරුකමක් නේද (දී)
ප්‍රශ්න තියෙනවානම් විසදා ගන්න ක්‍රම තියෙනවා මේවා හරියන්නේ නැහැ (දී)