හෙළ සිරිතයි එදා ගමයි යන තේමාව යටතේ අස්වනු නෙළීමේ මංගල්‍යයක් 04 දා සවස ගිරිබාව - සෝලවැව යාය 05 වෙල් යායේදී පැවැත්විණි.
ප්‍රදේශයේ තරැණ පිරිස එකමුතුවෙන් ගොඩනැගුණු ප්‍රදීපා ලෝක සංසංදය සංවිධානය කළ මෙම වැඩ සටහන යටතේ , ඉපැරණි සම්ප්‍රදායන් අනුව ගොයම් කැපීම ,කැට කඳු ගැසීම, කමතට කොළ ඇදීම , කොළ ගොඩ ගැසීම , කොළය මී ගවයින් යොදා මැඩඩීම , මැඩුවන් බැත රාහි කිරීම , බැත සුද්ධ කිරීම, ගෙවිලියන් ඇඹුල ගෙන ඒම ඇතුලු එදා කුඹුරේ සිදු කළ සියලු දේ ඒ අයුරින් දැක ගැනීමට අවස්ථාව ලැබිණි.
ඉපැරණි ගොවි උපකරණ ඇතුළත් ප්‍රදර්ශනයක් ද විය. සඳගල රඡමහා විහාරධිපති කිරින්දේ චන්ද්‍රරතන හිමියෝ ද හා පරිසරවේදී තිලක් කන්දේගම මහතාද එහි වුහ












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ අදහසක්.මේවා දකින්නත් පින් කරන්න ඕනෑ (නි)
දේශපාලනයෙන් තොර බොහෝ දේවල් සුන්දර වේ (නි)
මේ වගේ දේවල් දකින්නත් සතුටුයි. (ර)
ඉස්සර කාලේ මේ විදිහට බැත ගොඩක් තියනකොට. ඒ වගේම මිනිස්සුන්ගේ කකුල් වලිනුත් ගොයම් පාගනවා. මමත් පොඩිකාලේ ගොයම් පාගල තියනවා. ඒවගේම වී හුලන් කරන්න මේ ක්‍රමය පාවිච්චි කරන්නේ හුළඟ තියනකොට. නැතිනම් එක්කෙනෙක් වී තීරුවකට ටික ටික දමාගෙන යනකොට තව දෙන්නෙක් කුළු වලින් වී තීරුවට හුලන් ගසාගෙන යනවා. (ර)
තිලක් කන්දෙගමගේ හෙළ කම හොඳට තේරෙනවා (නදී)