වසා දමන ලද ප්‍රමුඛ ඉතිරි කිරීමේ හා සංවර්ධන බැංකුවේ තැන්පත් කරුවන් හට සිය මුදල් ආපසු ලබා දීමේ වැඩසටහනේ ආරම්භක උත්සවය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී අද පැවැත්විණි.
ප්‍රමුඛ බැංකුවේ සියලු වත්කම් හා වගකීම් 2007 වර්ෂයේ දී ආරම්භ කළ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට පැවැරුණු අතර ගනුදෙනුකරුවන්ට වත්කම් ගෙවීම සඳහා මහ බැංකුව වසර 2017 දක්වා විශේෂ කාලසටහනක් ද සැකසීය.
එහෙත් රවී කරුණානායක මහතාගේ විශේෂ නියෝගයකට අනුව එම වත්කම් ගනුදෙනුකරුවන් 82000කට මෙසේ වහාම මුදල් ගෙවීමට තීරණය කැරිණි.
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අසෝක සෝමරත්න, ක්‍රියාකාරී අධ්‍යක්ෂ කේ අමරසිංහ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අෂ්වින් ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලාල් ... ඔයාගේ වැඩේ කර ගත්තනම් පාඩුවේ ඉන්න අපේ සල්ලි තවම නැහැ ... ඔයා හිතනවද ඔයා විතරයි කියල බැංකුවේ සල්ලි දැම්මේ ... මෝඩ රජෙක්...(බ)
නියමයි! අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ටික නැවත ලැබෙනවනම් ඒක ගොඩක් හොඳයි. අපි හොඳ දේවල් හොඳ විදිහට දකින්න ඕනේ. යහපත් දෙයක් කලාම ගොන් කොමෙන්ට් දාන්න එපා. (බ)
එදා මුදලට අද වටිනාකමක් (ම)
බැංකුවේ තැන්පත් කළ මුදල් ආපසු දෙන්නෙ උත්සවයක් පවත්වලාද? අනේ මන්දා මට නම් තේරෙන්නේ නැහැ! (නි)
මගේ ලක්ෂ 13ක් තිබුන. මට ඒ මුදල් සියල්ල 2012 වන විට පහුගිය රජය විසින් ගෙවා ඉවර කළා. මොනවද මේ දැන් ගෙවන්නේ ??? (බ)
සෑම්, නිකන් කුහක කතා කියන්න එපා. උත්සවයක් තියන එක වැරැද්දක් වෙන්නේ කොහොමද? (නි)
සෑම්, කුහක වෙන්න එපා. ඒ මිනිස්සු අද කොච්චර සතුටින් ඉන්නවා ඇද්ද ඒගොල්ලන්ගේ තැන්පතු වල වටිනාකම අඩුවුණත් සල්ලි ලැබුන එකට. ඒකට උත්සවයක් තිබුණම මොකද වෙන්නේ. (නි)
නිරපරාදේ කරන ප්‍රචාරක වියදම්. ඒ අතින් ජනාධිපතිතුමා හරිම ආදර්ශමත්.(ම)
චමල්, ප්‍රශ්නේ කියන්නේ මේ උත්සවේ මහින්දගේ කාලේ ගත්තනම් ඔබ දැන් කියන දේ වෙනස් (ත)
හොඳ දෙයක් කළත් කියන්න දේවල් නම් තියෙනවා මෝඩයන්ට (නි)
ලාල්, ඔයාට විතරක් ගෙවුවහම ඇද්ද? මෙහෙමත් මිනිස්සු! (නි)
මොහාන් , චමල්, මෙතන කුහක කතාවක් කියලා නැහැ. මිනිසුන්ට සල්ලි ලැබුනාම ඒ අය උත්සව පවත්වන එකේ වරදක් නැහැ. නමුත් පසුගිය රජය කාලේ කළ සෝභන උත්සව ගැන මිනිස්සු කළකිරිලා පත්කර ගත් ආණ්ඩුවත් ඒදේම කරන එක ගැනයි මම කිව්වේ. ඔයාලා කියන හැටියට මුදල් මංකොල්ලයක නඩුවෙන් පසු අයිතිකරුට මුදල් දෙනකොටත් උත්සවයක් පවත්වන්න පුළුවන්. (නි)
තරහ වෙන්න එපා කිව්වට. මෙය මේ ගෙවන්නේ කාගේ සල්ලිද?. භාණ්ඩාගාරය හිස් කියලනේ කිව්වේ. (කේ)
මේ උත්සවේට මහලොකු මුදලක් ගිය කියලා මම නම් හිතන්නේ නැහැ. (හේ)