වැට් බදු වංචා කළ අට දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය වසර 20 බැගින් සිර දඬුවම් නියම කළාය. ඔවුන් වංචාකළ මුදල මෙන් තුන් ගුණයක් දඩද නියම කැරිණි. විත්තිකරුවන් නොමැතිව නඩුව විභාග විය.
වැරදිකරුවෝ මොවුහුය.
|
විත්තිකරුගේ නම |
වංචාකළ මුදල - (රුපියල්) |
දඩය - (රුපියල්) |
|
මෙහොමඩ් කමීල් කුතබ්දීන් |
1,822,301,753.76 |
5,466,905,261.28 |
|
රෂීඩ් මොහොමඩ් මුර්ෂීඩ් |
2,117,062,596.40 |
6,351,187,789.20 |
|
බකීර් මොහොමඩ් රිෆාස් හෙවත් රියාස් |
3,680,641,111.55 |
11,041,923,334.65 |
|
ඒ.එස්.එම්.අවාමි |
251,302,387.60 |
753,907,162.80 |
|
එම්.එම්.ඒ.ඉර්ෂාඩ් හෙවත් මොහොමඩ් නසීර් කාදර් |
1,187,762,968.11 |
3,563,288,904.33 |
|
එම්.ඒ.මෙහොමඩ් නස්මි හෙවත් අබ්දුල් ඊබ්‍රාහිම් |
831,807,226.80 |
2,495,421,680.40 |
|
ඒ.ඩබ්.එම්.සාෆි හෙවත් මීරා සයිබු රියාකද් අලි |
208,678,248.95 |
626,304,746.85 |
|
එම්.කේ.එම්.සකීන් |
29,900,194.80 |
89,700,584.40 |
උපයනවිට ගෙවිය යුතු (වැට්) බදු නොගෙවා වංචා කිරීමට ඉහත නම් සඳහන් ව්‍යාපාරිකයනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතමුන්ගේ සහය ලැබුණු බව නඩුවේදී කියැවිණි.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ඉන්ටපොල් සහාය ලබාගන්නා ලෙසට විනිසුරුවරිය රහස් පොලිසියට නියෝග කළාය. ඔවුන්ගේ එතෙර මෙතෙර වත්කම් රාජසන්තක කර ඇති බැවින් ඒ ගැන සොයාබලන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ආදායම් කොමසාරිස් අගම්පොඩි ඥානසිරි ද සොයිසා මීට කළින් වරදකරු වි සිරගෙට නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ජාතිවාදී අදහස් ඉදිරිපත් කරන්ඩ එපා. මුස්ලිම් අය තමා ලංකාවට ආදායම් හොයලා දෙන්නේ. ඇමතිවරුගේ මැතිවරණ ව්‍යාපාරවලට සල්ලි වියදම් කරන්නේ.(අ)
හරිම සතුටුයි මේ තීන්දුව ගැන (නි)
වංචාව වංචාව හැමතැනම ඕකම තමයි (දී)
මෙයාලව ලෙහෙසියෙන්ම අපායේදී හෝ අල්ලාගන්න පුළුවන් වේවි (නි)
මේ කට්ටිය පැනලා ගිහින් ජාත්‍යන්තර පොලිසියටවත් අල්ලන්න බැරි තැනක ඉන්නවාද දන්නෙ නැහැ. හොඳ ආරක්ෂාවකුත් සමඟ එයාලා ඉඳීවි (නි)
මේ ඔක්කොම අරගොල්ලෝ නේ. (ස)
කවුරුන් හෝ වංචාවක් කළහොත් අපායේ යනවා සිකුරුයි (දී)
හැම තැනම වංචාව වැහි වැහැලා (දී)
වංචාවෙන් හැමතැනම වසාගෙන ඇත (දී)
සබීර් එතකොට ඔය සල්ලි හොයන්නේ කොහෙන්ද ?දන්නේ නැති නිසා ඇහුවේ.වියදම් කරන සල්ලි ඇමැතිවරුම හොයාගන්න මග පාදලා දෙන්නේ නැත්ද? (අ)
වංචා කල මිනිස්සු හිරේ දානවානම් ලංකාවේ ඔක්කොම හිරේ ඉන්න ඕනේ (දී)
ලංකාව අගාදයට යන්නේ හැමතැනම වංචාව නිසා (දී)
රටට ගිය කල? (දී)
නම් ලැයිස්තුව දැක්කාම බයත් හිතෙනවා (නි)
රේගුවේ ප්‍රශ්න හින්ද තමා රටට අදායම අඩු වෙන්නේ. අවංක නිලධාරීන් සහ අවංක අැමැතිවරයෙක් පත්කරන්න පුලුවන්නම් , රටේ අදායම දෙගුණ වෙවි. (අ)
මේ අය රටින් පිටවන්නටත් ඔය සල්ලිම අත දිගහැර පාවිච්චි කරන්න ඇති. නැත්නම් ඔක්කොම රටින් පැන්නේ කොහොමද ? (නි)
ඔක්කොම පැනලා නේද? දැන් ඉතින් අල්ලන්න වෙනවානේ (නි)
බලන්නකෝ නම් ලැයිස්තුව... (නි)
පුදුම හොරුනේ!
ජයතිලක ඇත්තටම හිරේ ඉන්නේ අවුරුදු තුනලු? මෙයාල ඊටත් කලින් එලියට එයි නේද ? සිටුවරු වගේ පිටරටවල ප්‍රසිද්ධියේම තියන් ඉන්න සල්ලි වලින් දඩ ගෙවයි ලේසියෙන්ම.. (දී)
මේගොල්ලෝ කළ දේ වැරදියි තමයි. ඒත් මෙච්චර ලොකු දඩුවමක්?? (නි)
අපරාදේ! මේ මුදල් නිසි ලෙස අයකර ගත්තා නම් අපිට තව නියෝජ්‍ය ඇමති කෙනෙකුයි ඇමති කෙනෙකුයි පාන්පිටි සම්බන්ධව පත්කරන්න තිබුනා. (නි)
ඉතා ඉක්මණින් මොවුන් අල්ලාගන්න හැකිවේවා! (නි)
දඩුවම නම් හොඳයි. ඒත් සැකකරුවන් නිදැල්ලෙනේ! (නි)
අස්වයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහලා. (දී)
බලන්නකෝ මේ මිනිස්සුත් කරන වැඩ? (නි)
ඉඳහිටවත් මේ වගේ දේවල් අහන්න ලැබෙන එක සතුටට කරුණක්. (නි)