වැට් බදු වංචා කළ අට දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය වසර 20 බැගින් සිර දඬුවම් නියම කළාය. ඔවුන් වංචාකළ මුදල මෙන් තුන් ගුණයක් දඩද නියම කැරිණි. විත්තිකරුවන් නොමැතිව නඩුව විභාග විය.
වැරදිකරුවෝ මොවුහුය.
විත්තිකරුගේ නම |
වංචාකළ මුදල - (රුපියල්) |
දඩය - (රුපියල්) |
මෙහොමඩ් කමීල් කුතබ්දීන් |
1,822,301,753.76 |
5,466,905,261.28 |
රෂීඩ් මොහොමඩ් මුර්ෂීඩ් |
2,117,062,596.40 |
6,351,187,789.20 |
බකීර් මොහොමඩ් රිෆාස් හෙවත් රියාස් |
3,680,641,111.55 |
11,041,923,334.65 |
ඒ.එස්.එම්.අවාමි |
251,302,387.60 |
753,907,162.80 |
එම්.එම්.ඒ.ඉර්ෂාඩ් හෙවත් මොහොමඩ් නසීර් කාදර් |
1,187,762,968.11 |
3,563,288,904.33 |
එම්.ඒ.මෙහොමඩ් නස්මි හෙවත් අබ්දුල් ඊබ්‍රාහිම් |
831,807,226.80 |
2,495,421,680.40 |
ඒ.ඩබ්.එම්.සාෆි හෙවත් මීරා සයිබු රියාකද් අලි |
208,678,248.95 |
626,304,746.85 |
එම්.කේ.එම්.සකීන් |
29,900,194.80 |
89,700,584.40 |
උපයනවිට ගෙවිය යුතු (වැට්) බදු නොගෙවා වංචා කිරීමට ඉහත නම් සඳහන් ව්‍යාපාරිකයනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතමුන්ගේ සහය ලැබුණු බව නඩුවේදී කියැවිණි.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ඉන්ටපොල් සහාය ලබාගන්නා ලෙසට විනිසුරුවරිය රහස් පොලිසියට නියෝග කළාය. ඔවුන්ගේ එතෙර මෙතෙර වත්කම් රාජසන්තක කර ඇති බැවින් ඒ ගැන සොයාබලන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ආදායම් කොමසාරිස් අගම්පොඩි ඥානසිරි ද සොයිසා මීට කළින් වරදකරු වි සිරගෙට නියම විය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
වැට් වංචා කළ අටක් විසි වසරක් හිරේ
සබීර් Saturday, 27 September 2014 03:24 AM
මෙතන ජාතිවාදී අදහස් ඉදිරිපත් කරන්ඩ එපා. මුස්ලිම් අය තමා ලංකාවට ආදායම් හොයලා දෙන්නේ. ඇමතිවරුගේ මැතිවරණ ව්‍යාපාරවලට සල්ලි වියදම් කරන්නේ.(අ)
මිල්රෝයි Friday, 26 September 2014 01:51 PM
හරිම සතුටුයි මේ තීන්දුව ගැන (නි)
අශෝක Saturday, 27 September 2014 03:57 AM
වංචාව වංචාව හැමතැනම ඕකම තමයි (දී)
මනූෂා Friday, 26 September 2014 02:30 PM
මෙයාලව ලෙහෙසියෙන්ම අපායේදී හෝ අල්ලාගන්න පුළුවන් වේවි (නි)
නලින් යහම්පත් Saturday, 27 September 2014 01:59 PM
මේ කට්ටිය පැනලා ගිහින් ජාත්‍යන්තර පොලිසියටවත් අල්ලන්න බැරි තැනක ඉන්නවාද දන්නෙ නැහැ. හොඳ ආරක්ෂාවකුත් සමඟ එයාලා ඉඳීවි (නි)
තන්තුලගේ අමිල Friday, 26 September 2014 02:37 PM
මේ ඔක්කොම අරගොල්ලෝ නේ. (ස)
දමිත් \ Friday, 26 September 2014 03:30 PM
කවුරුන් හෝ වංචාවක් කළහොත් අපායේ යනවා සිකුරුයි (දී)
ඉනෝකා Friday, 26 September 2014 03:40 PM
හැම තැනම වංචාව වැහි වැහැලා (දී)
ලකිශාන් Friday, 26 September 2014 03:38 PM
වංචාවෙන් හැමතැනම වසාගෙන ඇත (දී)
මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Saturday, 27 September 2014 05:48 AM
සබීර් එතකොට ඔය සල්ලි හොයන්නේ කොහෙන්ද ?දන්නේ නැති නිසා ඇහුවේ.වියදම් කරන සල්ලි ඇමැතිවරුම හොයාගන්න මග පාදලා දෙන්නේ නැත්ද? (අ)
සෝනියා Saturday, 27 September 2014 06:07 AM
වංචා කල මිනිස්සු හිරේ දානවානම් ලංකාවේ ඔක්කොම හිරේ ඉන්න ඕනේ (දී)
මිහාන් Saturday, 27 September 2014 06:47 AM
ලංකාව අගාදයට යන්නේ හැමතැනම වංචාව නිසා (දී)
පද්මිණි Saturday, 27 September 2014 06:45 AM
රටට ගිය කල? (දී)
උපාලි Friday, 26 September 2014 06:56 PM
නම් ලැයිස්තුව දැක්කාම බයත් හිතෙනවා (නි)
මහි Saturday, 27 September 2014 09:21 AM
රේගුවේ ප්‍රශ්න හින්ද තමා රටට අදායම අඩු වෙන්නේ. අවංක නිලධාරීන් සහ අවංක අැමැතිවරයෙක් පත්කරන්න පුලුවන්නම් , රටේ අදායම දෙගුණ වෙවි. (අ)
පුෂ්පසිරි අල්විස් Saturday, 27 September 2014 08:06 PM
මේ අය රටින් පිටවන්නටත් ඔය සල්ලිම අත දිගහැර පාවිච්චි කරන්න ඇති. නැත්නම් ඔක්කොම රටින් පැන්නේ කොහොමද ? (නි)
සඳුන් පෙරේරා Friday, 26 September 2014 08:57 PM
ඔක්කොම පැනලා නේද? දැන් ඉතින් අල්ලන්න වෙනවානේ (නි)
පැතුම් Friday, 26 September 2014 09:12 PM
බලන්නකෝ නම් ලැයිස්තුව... (නි)
ඩිල්ෂාන් Friday, 26 September 2014 09:28 PM
පුදුම හොරුනේ!
වීරා Saturday, 27 September 2014 10:39 AM
ජයතිලක ඇත්තටම හිරේ ඉන්නේ අවුරුදු තුනලු? මෙයාල ඊටත් කලින් එලියට එයි නේද ? සිටුවරු වගේ පිටරටවල ප්‍රසිද්ධියේම තියන් ඉන්න සල්ලි වලින් දඩ ගෙවයි ලේසියෙන්ම.. (දී)
සනුකි Friday, 26 September 2014 11:13 PM
මේගොල්ලෝ කළ දේ වැරදියි තමයි. ඒත් මෙච්චර ලොකු දඩුවමක්?? (නි)
බන්දුල පෙරේරා Friday, 26 September 2014 11:19 PM
අපරාදේ! මේ මුදල් නිසි ලෙස අයකර ගත්තා නම් අපිට තව නියෝජ්‍ය ඇමති කෙනෙකුයි ඇමති කෙනෙකුයි පාන්පිටි සම්බන්ධව පත්කරන්න තිබුනා. (නි)
චමින්ද Saturday, 27 September 2014 12:53 PM
ඉතා ඉක්මණින් මොවුන් අල්ලාගන්න හැකිවේවා! (නි)
හරිත් Saturday, 27 September 2014 02:44 AM
දඩුවම නම් හොඳයි. ඒත් සැකකරුවන් නිදැල්ලෙනේ! (නි)
උනම්බුව Saturday, 27 September 2014 01:01 PM
අස්වයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහලා. (දී)
හරිශ් Saturday, 27 September 2014 02:47 AM
බලන්නකෝ මේ මිනිස්සුත් කරන වැඩ? (නි)
වින්සන්ට් Friday, 26 September 2014 01:25 PM
ඉඳහිටවත් මේ වගේ දේවල් අහන්න ලැබෙන එක සතුටට කරුණක්. (නි)