(අංජුල මහික වීරරත්න)

මාලිමා ආණ්ඩුව දැන් රටට කළ යුතු ලොකුම උදව්ව බොරු කීම නතර කිරීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මධ්‍ය හමුවකදී අද(10) පැවසීය.

 රට වෙනුවෙන් ඒ උදව්ව කරන ලෙස තමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද එජාප සභාපතිවරයා කීය.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලනයේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

විවිධ අවස්ථාවල බොරු කීම නිසා ශ්‍රී ලංකාව බලවත් ලෙස කඩා වැටී තිබෙනවා

ආණ්ඩුවක් රට පාලනය කරන විට, ආණ්ඩුවක් මහජනතාවට කරුණු කියන විට, තමන් ඒ රට පාලනය කිරීම සඳහා බලය ලබා ගැනීම සඳහා බොරු නොකියා සිටීම ඉතාම වැදගත්.

 අද මේ රටට සිදුවී ඇත්තේ දේශපාලන පක්ෂ තමාට මන්ත්‍රීවරයෙකු වීමට, තමාගේ පක්ෂයට බලය ලබා ගැනීම සඳහා, තමාට අගමැතිවරයෙක් වීම සඳහා, තමාට ජනාධිපතිවරයෙක් වීම සඳහා විවිධ අවස්ථාවල බොරු කීම නිසා ශ්‍රී ලංකාව බලවත් ලෙස කඩා වැටීමයි.

වර්තමාන පාලන යන්ත්‍රයත් ලංකා ඉතිහාසයේ වැඩිම බොරු ප්‍රකාශ කරපු රජයක් බවට පත්වෙලා තිබෙනවා. මෙම රජයේ ඒ බොරු කීමේ ප්‍රතිඵලයක් හැටියට මුළු මහත් රට අද කඩා වැටෙමින් තිබෙන්නේ. මුළු මහත් රට විනාශ වෙමින් තිබෙන්නේ. අවුරුදු 78ක් මේ රට පාලනය කරපු දේශපාලන පක්ෂ මේ රට ගොඩ නැගීමට ක්‍රියා කර තිබුණත්, තම තමන්ට ඇමතිවරයෙක්, අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් වීමේ සිහිනය නිසා ශ්‍රී ලංකාවේ මහජනතාව මුළා කරමින් මහජනතාවත් මුළා වෙමින් විවිධ රජයන් පිහිටුවලා මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා බිඳ දමා ඇති බවත් මතක තබාගත යුතුයි යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.