එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට කොළඹ විශ්ව විද්‍යාලය ආචාර්ය උපාධියක් පිරිනැමීය.
එහි කුලපති ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරද ගුරු තුමන් අතින් ඔහු අචාර්ය උපාධිය ලබා ගත්තේය.
මීට පෙර ඔහු කැලණි විශ්ව විද්‍යාලයයෙන් ද ආචාර්ය උපාධියක් හිමි කැර ගත්තේය.
‘1978 දෙවැනි ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනපති ක්‍රමය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තහවුරු කිරීමට යොදා ඇති තුලනාත්මක සුරක්ෂිතතාවන්හි සළුලතාව‘ ඔහුගේ නිබන්ධනය විය.
කැලණි විශ්ව විද්‍යාලයයෙන් හිමි වු උපාධියේ නිබන්ධනය වුයේ ‘බෞද්ධ ධාර්මිකත්ව සංකල්පය හා නූතන යුක්ති විනිශ්චය ක්‍රමෝපායන් පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයයි.‘
මීට පෙර අචාර්ය උපාධි දෙකක් හිමි කැර ගත් පාර්ලිමේනතු මන්ත්‍රීවරයා වුයේ ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය එන් එම් පෙරේරා පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාට කන්නාඩි වලින් බලල බුද්දීමතුන්ට අවනම්බු කරන්න තරම් අපේ මිනිස්සු අනුවන වීම ගැන කනගාටුයි .(දී)
මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද (දී)
මේ තරම් මිනිස්සු ඊර්ෂ්‍යා මොකද (දී)
මගේ.සුභ පැතුම් (නදී)
දේසපාලන කුහක කමෙන් ඊර්ෂ්‍යාවෙන් මෙම සිදුවීම් දෙස බලන්න එපා. අද රටේ ප්‍රසිද්ද බොහෝ දෙනා පිටරටවලට ගිහින් විවිධ උපාධි ආචාර්ය පට්ටම් සල්ලිවලට අරගෙන එනවා. මෙවන් උගතුන්ට අපි ගරු කරන්නට තරම් සුන්දර සිතිවිලි වලින් පොහොසත් මිනිස් කැලක් වෙමු. (දී)
මගේ සුබ.පැතුම් (නදී)
ආචාර්ය උපාදී දෙන ක්‍රම 3ක් වේ. එකක් නම් පරික්ෂන නිභන්ධනයක් හා ඒ සම්බන්ද සම්මුක පරීක්ෂණයක් සමත්වීම මගින්, අනෙක විෂයානුබද්ද ලිකිත විභාග මගින් සහ මේ දෙවර්ගයම මිශ්‍ර ක්‍රමය මගින්. ඩීඑස්සි සහ පිඑච්ඩී ලෙස ආචාර්ය උපාධියද වර්ග දෙකකි. පිළිගත් විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාදී සඳහා ලියාපදිංචි වීමටනම් සිසුවා පශ්චාත් උපාදී සමතෙක් වී සිටිය යුතුය. මෙයයි ඇත්ත... (දී)
දර්ශන පති උපාධිය සමත් සිසුවකු ඉන් අනතුරුව, තම අධ්‍යාපන ආයතනය තුල වසර කිහිපයක් ආචාර්යවරුන් යටතේ ඔවුන්ගේ මග පෙන්වීම යටතේ කරනු ලබන පර්යේෂණාත්මක නිබන්දනයකට කොමිසමක් ඉදිරියේ තම නිබන්දනය කෙසේ කළාදැයි කියා කොමිසමේ සිටින ආචාර්ය වරුන්ට කරුණු ද්ක්වීමෙන් අනතුරුව ඒවා සැලකිල්ලට ගෙන ඔවුන් තම ශිෂ්‍යයාට ආචාර්ය උපාධිය පිරිනමනු ලැබේ. කිසියම් අධ්‍යාපන ආයතනයක් නැතිනම් විශ්වවිද්‍යාලයක් විසින් පිරිනමනු ලබන ආචාර්ය උපාධි ඒවා පිරිනමනු ලැබූ ගෞරව උපාධි ලෙස ගනු ලැබේ. උදාහරණයක් ලෙස, අප සුනිල් ආරියරත්නයන් ගෙන දැක් වියහැකියි. ඒ මක් නිසාද ඔහු විසින් සිංහල සහ ද්‍රවිඩ සාහිත්‍යට සහ රටට ඉදිරිපත් කල සහ කල සේවය නිසා ඔහු එවැන්නක් ලැබීමට සුදුස්සෙකු විය. නැතිනම් කුලපතිවරයකු කාලීනව බලපා ඇති මාතෘකා නිසා හෝ ඉදිරියේදී කිසියම් වෙනසක් ඇතිවේ යයි කියා සිතා පිරිනමනවා. විජේදාස රාජපක්‍ෂ මහතා පසු ගිය දිනවලදී ජනාධිපතිවරයාගේ ඇති බලතල ගැන විවිධ මත ඉදිරිපත් කලබව කව්රුත් දනී. (නදී)
ඔහු දක්ෂයෙක් (දී)
නිබන්දනයක් ලියූ පමණින් ලබා දෙන ආචාර්ය උපාධිය නිර්වචනය විය යුතුයි. (දී)
විශිෂ්ට බුද්ධිමතෙකුට ලැබුන, ලැබිය යුතු, නිසි ගෞරවයක් මේක. එතුමාට සුබ පතමි. (අ)
ආචාර්ය උපාධියට ගිය කල (දී)
ජී එල් පීරිස් මැතිතුමාගේ වැඩ දැක්කම මම හිතුවේ එතුමාට ආචාර්ය උපාධි තුනක් වත් ඇති කියල. (දී)
මොකක් සම්භාන්ධාවද මේ නිබන්දනය (දී)
"ආචාර්ය උපාධියට ගිය කලක්," අයි එහෙම කියන්නේ ඔබට ඔය පොටෝඑකේ ඉන්න අය සමග වාඩිවෙන්න තරම් සුදුසු කමක් තිබෙනවද? දේසපාලනය බල්ලට දාන්න, ඒමහතත් බුද්දිමතුන් සමග ඉන්න බුද්දීමතෙක්. (දී)
නිකන් ලොකු තනතුරු දරන අයට දේශපාලකයන්ට සක්විතිලා වාගේ අයට අර අපේ අමතිලට දෙන උපාධි ඔක්කොම එකයි , මහන්සියෙන් ඉගෙන ලාබාගන උපාධිය තරම් වටින්නේ නැහැ (දී)
ඔබ අප රටට අතිශයින් ආදරය කරන ගුණවත් නැණවත් බහුසුතයෙකි . ඔබගේ ග්‍රන්ථ නීතිය කලාව ආගම සාහිත්‍ය පෝසනයට මහත් දායාදයකි . පක්ෂ ගැන නොසිතා යහපත් මිනිසුනට ආශීර්වාද කිරීම යහපත් මිනිසුන් ගේ යුතු කම යි. ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු (දී)
මේ ආණ්ඩුවට කඩේ යන සම්පත්ලා වගේ අයගේ දැනුම සහ අවබෝදය මේකෙන්ම පේනවා. ... (දී)
බුද්ධියට නිසි තැන! (නි)
ආචාර්ය උපාධියට ගිය කලක්,, (දී)
ඇයි, අරයට නැද්ද? (නදී)
සම්පත් මහත්තයෝ, මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධියට සමාන කරලද ඔහොම කතාකරන්නේ? විජේදාස රාජපක්ෂ මන්ත්‍රී තුමා ගැඹුරු විදියට අධ්‍යනය කරලා නිබන්ධන ලියල එහෙම නේ ආචාර්ය උපාධි දෙකම අරන් තියන්නේ. මොලේ උඩ වාඩිවෙලා කතාකරන එක දැන්වත් නවත්තන්නකො.(දී)
ඔබතුමා ඉගෙන ගත්තු මිනිහෙක්නේ (දී)
ඔබතුමාට මගේ සුබ පැතුම් (දී)
ගමරාල කියන කෙනා හරි. සම්පත් කියන කෙනා හරියට බන්දුල වගේ (දී)
ඇති යාන්තන් පාර්ලිමේන්තුවට සුදුසු පුද්ගලයෙක් ආව. (දී)
නිබන්දනයක් ලියලා එ්කෙන් ලැබෙන උපාධිය පී.එච්.ඩී එක. පී.එච්.ඩී එකක් ගන්න ඉස්සෙල්ලම සාමාන්‍ය උපාධිය ශාස්ත්‍ර වේදී පාස් වෙලා ඊට පස්සේ ශාස්ත්‍රපති පාස් වෙන්න ඕනා. ඊට පස්සේ දර්ශනපති පාස් වෙන්න ඕනා. අවසාන උපාධිය තමයි ආචාර්ය උපාධිය. මේ හැම උපාධියකටම පොතක් ලියන්න ඕනා. නිබන්දනයක් ලෙස අර නිකන් දෙන්නේ ගෞරව උපාධි. ඒවා නමට මුලින් සිංහලෙන් දාන්න පුළුවන් එ්ත් ඩොක්ටර් කියල කියන්න වෙන්නේ නැහැ (නදී)
ආචාර්ය උපාධිය පිළිබඳව මහ ජනතාවගේ ආකල්පය මොන තරම් සාපරාධී අයුරින් විකෘති කරලාද කියා හිතා ගන්න හොඳම ප්‍රකාශය කර ඇත්තේ සම්පත්. (නදී)
මගේ සුභපැතුම්! (නදී)
මෙතුමා ඉගෙන ගත්තු කෙනෙක් කාටවත් මෙතුමාගේ උපාදිය හෑල්ලු කරන්න බැහැ (දී)
සුදුස්සාට සුදුසු තැන ලැබුුණු අාචාර්ය උපාධියක්. නියම උගත් බුද්ධිමත් තැනැත්තෙක් කියන්න වචන නැහැ ඒතුමාට තවත් බොහෝ කලක් වැඩ කරන්නට යෝධ ශක්තිය ලැබේවා (නදී)
සම්පත් මහත්මයා හිතාගෙන ඉන්නේ අර ඇමති තුමාගේ ආචාර්ය පට්ටම වගේ කියලා මේකත් (නදී)
සම්පත්, "ආචාර්ය උපාධියට ගිය කලක්" යන ඔබේ අදහස ගැන පුදුම නොවෙමි. සිරස්තලේ දැක්ක ගමන් මටත් හිතුනේ එහෙම තමයි. නමුත් මෙම ආචාර්ය උපාධිය පිරිනමා තියෙන්නේ ඔහු විසින් රචිත නිබන්ධනයකටයි. (නදී)
ගමරාල, රෝහණ මහත්තයෝ ඔයාල දන්නේ නැද්ද සම්පත් සහ බන්දුල පෙරේරා කියන දෙන්න ආණ්ඩුවට කඩේ යන දෙන්නෙක් කියලා. විජේදාස රාජපක්ෂ කියන්නේ විරුද්ධ පක්ෂයේ ඉන්න උගත් මන්ත්‍රී කෙනෙක් කියල දන්නේ නැතුව ඇති. මෝඩකමට අපි සමාව දෙමු. (නදී)
ඔබ තුමාට සුභපැතුම් (දී)
මෙතුමා දැනුම් සම්භාරයක් ඒක අපි පිලි ගන්න ඕනේ (දී)
මහාචාර්ය ජී එල් පිරිස් මහතාට ආචාර්ය උපාධි දෙකක් තියනවා (දී)
මිනිහෙක් අධ්‍යාපනයෙන් ඉදිරියට යනකොට අපි සතුටු වෙන්න ඕනේ (දී)
විවුර්ත ආර්ථික ක්‍රමය තුල ව්‍යාකුල උන මිනිසුන්ගේ තර්කානුකුල සිතීමේ කමය දැන් අබාවයට ගිහින්. මේ සමන් ...බන්දුල ...කියන පුද්ගලයන්ගේ සිතීමේ ක්‍රමවේදයත් අබාවයට ගිහින්.(දී)
ඒ මනුස්සයා ඒ උපාදිය ගත්තේ පන්දම් අල්ලලා නොවෙයි (දී)
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා යනු , නීතිය, රට, දැය ,සමය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙකි. හෙතෙම ද්විත්ව ආචාර්ය ලෙසින් ද හදුන්වයි . ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද නිදහසෙ පියා ඩි . ඇස් නාට්‍ය පුරවැසි අධ්‍යාපනය විශයේ නියැළෙන සිසුන්ට ඉතා වැදගත්ය . ස්තුතියි ජනාධිපති නීතීඥ තුමනි ...
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා යනු නිතිය පිළිබඳ හසළ දැනුමක් ඇත්තෙකි . විටෙක ඔහු ජන දුක හදුනන සත් පුරුෂයෙකි . හෙතෙම ද්විත්ව ආචාර්ය ලෙසින් ද හදුන්වයි . එතුමා විසින් අධ්‍යක්ෂණය කරන ලද නිදහසේ පියා නාට්‍ය පුරවැසි අධ්‍යාපන විෂය හදාර ළමුන්ට ද වැදගත් වේ .
ආචාර්ය විජෙදාස රාජපක්ෂ මහතා නිතිය , කලාව , බුද්ධ ධර්මය , මාධ්‍ය අධ්‍යනය යන ක්ෂේත්‍ර පිළිබඳ හසළ දැනුමක් ලැබුවෙකි . ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන රුවන් වැකිය පැරණි පඩිවරයකු විසින් කියන ලද රුවන් වැකියකි . ලොකයේ පවත්නා ක්ෂේත්‍ර බොහොමයක් අතික්‍රමණය කළ ඔබවැන්නවුන් සොයා ගැනිම ඉතා විරලය .
බොහොමයක් මිනිසුන් දුරාචාර වලට පෙළබෙන්නේ ඉක්මන් හදිසි කෝපය ,එක් අයෙක් අනිකාට වඩා දක්ෂ නම් දක්ෂ පුද්ගලයාට ඉරිසියා කිරිමට පටන් ගනි . මෙය සමාජයේ කුමන ආයතනයක උවද අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වේ . කලාවට , ආගමට දහමට ලැදි පුද්ගලයකු සමාජයට පහළ විමෙන් ලංකාවේ සමාජ ක්‍රමයේ පවත්නා දුරාචාර අඩු කර ගත හැක . ඔබතුමා ද එවැන්නෙකි ....