(හර්ෂණ තුෂාර සිල්වා)
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දැරීමට සුදුසු නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ඉකුත් මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කරුණු හදවතේ නැති අයකුට අධිකරණ අමාත්‍යධුරය දැරීමට නොහැකි බවද ඒ මහතා කියයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (17) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා එම කරුණු කීවේය.
“මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුවිය යුතුයි. මහාධිකරණයේ නඩුවක් විභාග කරන්න අවුරුදු 10කුත් මාස 2ක් ගත වන බව නීතිපති දෙපාර්තමේන්තුව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වුණා. එය නොවිය යුත්තක්. ඒ ක්‍රමය හොඳයි කියන අමාත්‍යවරයකුට අධිකරණ අමාත්‍යධුරය දරන්න බැහැ. එය සදාචාරාත්මක නැහැ. “
“අද මුළු පක්ෂය ඒකමතික තීරණයක ඉන්නවා. ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ මන්ත්‍රීවරුන් සියලු දෙනාම එක මතයක ඉන්නවා. සඳුඳා වෙද්දි හොඳ තොරතුරක් ඒවි. අපි අපේ සටන නවත්වන්නේ නැහැ. මෙය පුද්ගලයකුට එරෙහිව කරන සටනක් නෙවෙයි. දේශපාලන ප්‍රශ්නයකුත් නෙවෙයි.“
“මෙය මේ රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් තිබෙන අභියෝගයක් සහ ප්‍රශ්නයක්. සුදුසු පුද්ගලයන්, යුක්තිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය නියමිත පරිදි සිදුවිය යුතු බවට කැක්කුමක් තිබෙන පුද්ගලයන් තනතුරුවලට පත් කිරීමේ සටන අපි ජයග්‍රහණය කළ යුතුයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මේ උන්නැහේ කියන කතාව හරියට හරි මෙයා තමා හොඳම සහ ඉතා සුදුසුම හාදයා. නමුත් පොඩිම පොඩි ගැටළුවකුත් තියෙනවා. අර බැඳුම්කර හොර නඩේගේ හොරකම ගැන වාර්තාවේ මේ උන්නැහේ නේද සටහන් ලියල තිබුණේ සුදුහුණු පාරක් ගාලා? මට ගීතයක වචන ටිකක් මතකයට එනවා. දෙතොල නොකීදේ දෙනෙතේ ලියවෙනවා... වසන් කරනවිට මුනේ ලියවෙනවා... ලක්මව පාමුල අවංකයයි කියලා.. නැවතත් ලක්මව රවටනවා....
ඔබ ප්‍රමාද වැඩියි ...
ඔව් ඒකට සුදුසු ෆුට් නෝට් කල්ලියේ කෙනෙක් වත්ද?
මාර පොරක් තමයි කියන්නේ අධිකරණ ඇමති හොඳ නැහැ කියලා. මගේ තනි ඇහැට ඇඬෙනවා මේවා දැකලා.
තව ටිකක් සද්දෙට කිව්වේ නැතිනම් අර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හදවතේ දරාගෙන මහබැංකුවේ සල්ලි වලට විදපු ලොක්ක ඔහෙලට මීළඟ ඡන්දෙට ටිකට් එක දෙන එකක් නැහැ.
මෙයාව දාමු. ෆුට් නෝට් එකක් දාලම අධිකරණයට ලියුම් යවන්න පුළුවන්නේ.
විජේදාස මහතා දේශපාලනයට එන්නත් කලින් ඉතාම දක්ෂ නීතිවෙදියෙක් විදියට නමක් දිනා සිටි කෙනෙක්. ඒ වගේම ඒ ක්ෂේත්රය පිළිබඳ හොඳම උගතෙක්. ඒ වගේම හොරවැඩ, ජරාවැඩ කරලා නම කතාකරගෙනත් නැහැ. කියන්න තියෙනදේ කෙලින් කියනවා. මෙච්චර සුදුසුම කෙනා කොහොමද නුසුදුසු වෙන්නේ. මොනව හරි හැඟුණු කාරණයක් තියෙනවා. මට හිතෙන්නේ මේ රජයේ හොරු බයයි. තමුන්ටත් ආර්.කේ. ගේ ඉරණම ලැබේවි කියලා...
මෙයා තමයි සුදුසුම කෙනා.. මහා බැංකුවේ කිසිම වංචාවක් වුනේ නැහැ කියලා... මෙයයි අර කඩුවෙල සුජී දෙන්නම එකතුවෙලා සපථ කළා නේද ..? නිකන් මිනිස්සුන්ව අන්දන්න එපා.. ජනාධිපතිට, අගමැතිට පුළුවන්නේ අධිකරණ ඇමැති වැරදිනම් අයින් කරන්න මේ විකාර නොකර ....
ෆුට්නෝට් මයා වෙත, මේ හාදයට ෆුට් නොට් ඕතර් කියලා කියමු එතකොට පොඩි රෙස්පට් එකකකුත් තියනවා නොවැ. ඔස්තාර්ලා කියන්නේ එසේමෙසේ අය නොවේ.
සුදුසු කෙනෙක් කිව්වනම් තව කමක් නැහැ කියන්න පුලුවන්.
නීතිපති දෙපාර්තමෙන්තුව සහා අධිකරණ සේවා කොමිසම ස්වාධීන ආයතන බව නීතිඥයකු වන මෙම ඇමතිවරයා දැන ගත යුතුය. එම ආයතන වල කටයුතු සඳහා අධිකරණ ඇමතිවරයාට බලපෑම් කිරීමට හැකිනමි ස්වාධීන අධිකරණයක් ඇතිබව පවසන්නේ කෙලෙසද?
ලංකාවේ එක මහේස්ත්‍රාත් අධිකරණයක ඉන්නේ එක මහේස්ත්‍රාත්වරයෙක් පෙරකදෝරුවෝ පනහක් විතර ඉන්නවා , දිනකට මිනිස්සු 200-500 විතර එනවා නඩු හබ වලට උසාවියට , දිනකට නඩු 100-200 විතර තිබෙනවා අහන්න , මේ නඩු වලින් 70% 80 % විතර කල් දමනවා , එතකොට නඩු ගොඩ ගැසෙනවා මිසක් විසදෙන්නේ නැහැ , දියුණු රටවල එක උසාවියක නඩුකාරයෝ 10-15 විතර ඉන්නවා ,කුඩා නඩු ශාලා 10-15 විතර තිබෙනවා මේ වගේ මිනිස්සු 500 විතර උදේ ඉඳන් සවස් වෙනකන් උසාවියේ රස්තියාදු වෙන්නේ නැහැ , නඩුවට දිනයක් සහ වෙලාවක් දෙනවා එතකොට විත්තිකාරයා පැමිණිලිකාරයා දෙපැත්තේ පෙරකදෝරු මහත්වරු සමග නියමිත නඩු ශාලාවට යන්න ඕනේ එක නඩුවකට කාලය පැයක් විතර වෙන්කරලා තිබෙනවා , එතකොට නඩු ඉක්මනට විසදෙනවා , මිනිස්සු උදේ ඉඳන් හවස් වෙනකම් රස්තියාදු වෙන්නේ නැති නිසා ශ්‍රමය ඉතුරු වෙනවා , මේ ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක නොකරන්නේ මොකද ?
නඩු ඉක්මන් කරන්න ඕන කියන එක එදා ඉඳලම තිබුණු කාරණයක් . එකපාරටම ඒක විජයදාස රාජපක්ෂට එරෙහිවීමට හේතුවක් කර ගත්තේ කොහොමද.
ඇමතිවරු මොනවා කීවත් අද රටේ නඩුවක් විභාග කරන්න අවුරුදු 10 ක් ගතවීම මහජනයාට නම් මහා ප්‍රශ්නයක්. මා සිතන හැටියට මීට ප්‍රධාන හේතුව නම් පෙරකදොරුවන් අද නඩු වවාගෙන කෑමයි.
මේ මනුස්සයට තියෙන්නේ හීනමානය.මෙය හිතාගෙන ඇති මමයි අධිකරණ ඇමැතිකමට සුදුස්ස කියල.පක්ෂයවත්,පක්ෂයේ මතයවත් නෙමේ හදවතේ තියෙන්න ඕනේ.රට සහ රටේ ජනතාවයි හදවතේ තියෙන්න ඕනේ.මොහු වගේ බාලාංශ වැඩකරන අයට ජනතාව පිළිතුරු දිය යුතුයි.රටේ සම්පත් විකුනනකොට මොවුන් ඇත දෙකම උස්සනවා.ඒවාට විරුද්ද අදහස් දක්වන අයට පන්න පන්න ගහනවා.මේ තත්වය රටේ අබග්යයි.
මෙයා මොන ඉලව්වකටවත් සුදුසු නැත්තෙක් බව මුළු රටම දන්නවා .
පෙරේරා ගිරවකු හා ඔලුව උදුම්ම ගත්තක සේ මහ උජාරුවට කයිවාරු ගසන්නෙක් බව පෙනීයයි. කරපු දේකුත් නෑ... බොරුවට කයිය.... අප්පිරියයි
ඔව්. මෙය බයවෙලා ඉන්නේ බැදුම්කර කොමිසමේදී ඊළගට මෙයාගේ වැඩ ටික එළිවෙයි කියල එකයි අදිකරණ ඇමති අයින් කරන්න හදන්නේ ඊට කලින්.... මොකද මෙය බදිම්කර අලෙවියෙන් රජයට හෝ මහා බන්කිවට කිසිදු පාඩුවක් උනෙත් නැහැ, අක්‍රමිකතාවක් වෙලත් නැහැ කියල TV වලයි පර්ලිමෙන්තුවෙයි ක ගැහුවේ මොනවා අරන්ද දන්නේ නැහැනේ.
ටොමි පෙරේරා ඇහැ ගහගෙන ඉන්න පාට පෙන්න තියනවා විජේදාස මහතාගේ තනතුරට
කෙලින් කතා කරන්න පුළුවන් මනුස්සයෙක්. ඔබ තුමාට ජයවේවා
රවී දන්නේ නෑ.. නියමයි..