‘ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටියා නම් අද අගමැති වෙන්නත් තිබුණා‘ යනාදී වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී විජයකලා මහේෂ්වරන්  සිදු කළ ජාතිවාදී ප‍්‍රකාශය එක්සත් ජාතික පක්ෂය ඇතුළු රජය පිළිගන්නවාදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා අද(29) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරියේ පෙනී සිටීමෙන් පසු මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

 ‘‘මගෙන් ඇසීමට තිබූ ප‍්‍රශ්න මාලාව අද(29) දහවල් වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අහලා ඉවරයි  කියලයි මම හිතන්නේ. නැවත පැමිණීම සඳහා දැනුම් දුන්නේ නැහැ. අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ රාවයක් තිබුණා. ඒ සියල්ලටම මුහුණ දීමට බලාගෙන තමයි අද ආවේ‘ යැයි ද විරවංශ මහතා කීය.