(සුජිත් හේවාජුලිගේ)
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ගැන නීතිපති මතය හැකි ඉක්මනින් දෙන්නැයි කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාට ලිපියක් යවමින් අද (24) යළි සිහි කැඳවීමක් කර ඇත.
මේ පිළිබඳ නීතිමය මතය දෙන්නැයි කතානායකවරයා නීතිපතිවරයාට මුලින්ම දැනුම් දුන්නේ මීට සති කිහිපයකට ඉහතදීය.
මේ පිළිබඳ අප කළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු නිලධාරියකු පැවසුවේ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය ගැන මීළඟ පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කිරීමට කතානායකවරයා බලාපොරොත්තුවෙන් සිටින හෙයින් මෙම සිහි කැඳවීම කළ බවයි.
මේ අතර විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මෙම ප්‍රකාශය ගැන නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන්ද ඉකුත් දා වාර්තාක් කැඳවා තිබිණි.
විජයකලා මහත්මියගේ ප්‍රකාශය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා කතානායක වරයාටද පසුගියදා ලිපියකින් දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විපක්ෂේ කෙනෙක් කලානම් පැය 24ක් යන්න කලින් ඔය ඔක්කොම මත, වාර්තා කඩිමුඩියේම දෙයි.
මහත්තයෝ මේක බාලගිරි දෝෂයට අහුවෙලා. අද නැහැ හෙට. අනේ මෙහමත් වටිනා කාලය හා මුදල් කන කාලකන්ණියෝ. අපි මොන පවක් කලාටද අපිට මෙහෙම කලේ.
මෙතන ඉතා පැහිදිලි විජයකලා ත්රස්තවාදයට අනුබල දුන්නා බව. පැහිදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ඇයි මෙච්චර ප්‍රමාදයි? සාමාන්‍ය මිනිහට නං, මෙහම නීතිපති උපදෙස් ගන්නවද? අද හිරේ ඉන්න කොටි තස්ත්රවාදීන්ව නිදහස් කරන්නයි කියමින් කරන ඉල්ලීම සාධාරණයි. මොකද්ද ඔවුන්ට අණ දීපු කේපී, කරුණා, විජයකලාලා අද නිදහසේ ඉන්නකොට....