ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන 2021 උළෙල (National Cleaner Production Awards 2021) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.

එහිදී මුද්‍රණ සහ ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ මධ්‍යම පරිමාණ නිෂ්පාදන අංශයේ ප්ලැටිනම් සම්මානය විජය පුවත්පත් සමාගමේ හෝකන්දර සංකීර්ණයට.

එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, සාමාන්‍යාධිකාරී ජනක රත්නකුමාර මහතා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්වරුන් අතින් සම්මානය ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.

විජය පුවත්පත් සමාගයේ ජ්‍යෙෂ්ඨ මුද්‍රණ කළමනාකරු නිහාල් ගුණරත්න, මෙහෙයුම් කළමනාකරු (REACH Courier) කෝලිය ජයසිංහ, පරිපාලන සුපරීක්‍ෂක කමල් පුෂ්පකුමාර යන මහත්වරු සහ ක්‍රියාවලි සංවර්ධන විධායක උදාරි මොරවක මෙනෙවිය ද මෙහි වෙති.


ඡායාරූප - ගයාන් අමරසේකර