යාන් ඔය නිම්නයේ කොක්ඇබේ පෞරාණික මෙගලිතික පාෂාණ සුසානයේ සිදුකළ කැනීම්වලින් ශ්‍රී ලාංකික මානව ශිෂ්ඨාචාරයේ විකාශය පිළිබදව වටිනා සාධක රැසක් අනාවරණය කරගැනීමට හැකි වූ බව ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා හා උරුම අධ්‍යන කළමනාකරන අංශය කියයි. වෙනස් සුසාන සංස්කෘතියක් දක්නට ඇති කහටගස්දිගිලිය පඩරැල්ලාව ගම්මානයට නුදුරු මහවනමැද පිහිටි කොක්ඇබේ පුරාණ සුසානයේ මෙම කැනිම් මීට දින දහයකට පෙර ආරම්භ විය. විශාල ගල් පතුරකින් ආවරණය කර ශිලා මංජුසා ආකෘතියට ඉදිකර තිබු සුසානයක් අඩි හතර හමාරක් පමණ ගැඹුරට සිදුකළ කැනීම් වලදී බලාපොරොත්තු නොවු පොකුරු සුසානයක සාධක මතුකර ගැනීමට හැකිවිය. කාල වර්ණ හා රක්තවර්න මැටිබදුන් රැසක් එකම ස්ථානයක තිබී හමුවූ අතර අවට සුදුපැහැයෙන් දිරාගිය මිනිස් අස්ථී කොටස් කිහිපයක්ද හමුවිය.ශිලා මංජුසා සුසානයට පිටින්ද පොකුරු සුසානයක කොටස් මෙහිදී දක්නට ලැබුණු අතර කැනීම් කටයුතු සිදුකරන රජරට විශ්විද්‍යාල සිසුහු එම මැටිබදුන් එකින්එක ඉතා සියුම්ව මතුකර ගැනීමට සමත් වූහ.
විජයාගමනයටත් පෙර යාන්ඔය නිම්නයේ ජනාවාස තිබූ බවට මෙමගින් අනාවරනය වන බවත් අනුරාධපු රාජධානිය ඇතුළු මෙතෙක් සැඟවී තිබූ විශාල ඉතිහාසයක් මෙම කැනීම වලින් අනාවරණය කරගැනිමට හැකිවනු ඇතැයි ව්‍යාපෘතිය භාර ආචාර්ය තුසිත මෙන්ඩිස් කියයි. මෙම පුරාවිද්‍යා මැටිබඳුන්හි ඇතැයි විශ්වාස කෙරෙන ද්‍රව්‍ය කාල නිර්ණය කිරීම සදහා ඇමරිකාවේ බීටා ආයතනය වෙත යොමුකරන බවත් යාන්ඔය නිම්නයේ ජීවත්වූ පැරැන්නන් අනුරාධපුර රාජධානිය ගොඩනැගීමට දැක්වූ දායකත්වය පිළිබදව වැදගත් තොරතුරු රැසක් හමගින් සොයා ගත හැකි බවත් ඔහු පවසයි.
කොක්ඇඹේ පාෂාණ සුසානයේ ඉතිහාසය සොයා හැත්තෑව දශකයේදී එවකට හිටපු පුරාවිද්‍ය කොමසාරිස් වූ ආචාර්ය රාජාද සිල්වා මෙහි ප්‍රථමයෙන්ම කැනීමක් සිදුකර ඇති අතර ඉන් පසුව ආචාර්ය සුදර්ශන ද සිල්වා මෙම ස්ථානය පිළිබදව වාර්ථාවක් සකසා ඇත.පෙර වාර්ථාවලට අනුව යාන්ඔය නිමිනයෙන් හමුවූ තඹ මිශ්‍ර ලෝහමය ද්‍රව්‍ය සමග සේරුවිල තඹ නිධිය හා සම්බන්ධතාවයක් ඇතැයි පෙන්වාදෙන ආචාර්ය මෙන්ඩිස් යාන්ඔය නිමිනයේ ක්‍රි.පූ.හාරසීය පමණ යුගයේදී යාන්ඔය නිම්නයේ ජීවත්වූ පිරිස නිසැකයෙන්ම කාර්මික හා දියුණු තාක්ෂණයක් සහිත පිරිසක් වියහැකි ලක්ෂණ මෙම මෙගතිලික සුසාන වලින් පෙනීයනබව සදහන් කර සිටියේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වැදගත් ලිපියක්
ඔය විජයගෙන් අපි පැවත එනවා කියල අපේ ඔලු වලට දැම්මා සිංහලයව පාගා දමන්න.එ්ක මේ වගේ දේවල් වලින්වත් සිංහලය තේරුම් ගත්තොත් ලොකු දෙයක්! (බ)
වෘත්තීය පුරාවිද්‍යාඥයන් මෙි අකාරයට ප්‍රකාශ නිකුත් කිරිම එතරම් සුදුසු නැත. මේ දින වකවානු නිවැරදීව දින නිර්ණය නොකර මෙවැනි ප්‍රකාශ කිරීම තුලින් පුරාවිද්‍යාව පිළිබඳ මහජනයාගේ විශ්වාසය බිඳි හා හැක. මෙය දැන් ලංකාවේ බොහෝ පුරාවිද්‍යාඥයන් පුරුද්දක් කර ගෙන ඇත. සියලූම දත්ත ලැබි එ් පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කිරීමට තරම් වෘත්තීමය හික්මිමක් වෘත්තීය පුරාවිද්‍යාඥයන්ට තිබිය යුතුය. (ර)
විජය එනකොට රජ පරම්පරවකින් පැවත ආපු කුවේණි හිටියනම් වෙන මොනවද ඇයි මේ විජය කෙනෙක්... (ර)
බලාගෙන හිටිය වගේ ඉතිහාසය රූපවාහිනී සාකච්ඡා වල දිග හරින අපේ අයට දැන් මොකද වෙන්නෙ. (ර)
අතුල ඔබ හරියටම හරි. කාලිංග දේශයෙන් ආපු හාමුදුරුවරු ලියු පොත්වල තමයි අපි ඉන්දියාවෙන් ආවකියන මිත්‍යා මතය රිංගවල තියෙන්නේ. රාවණ යුගයේ හිටියේ නොදියුණු යක්ෂයින්ය කියල, බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා මහියංගනේදී යක්ෂයින් එලෙව්වය වගේ අදහස්වලින් අපේ මුතුන්මිත්තන් නොදියුණු යක්කු හැටියට පෙන්වන්න හදල තියෙනවා. දඬු මොනරය හදපු තාක්ෂනය, රාවණ රජු විසින් සීතාට නිසි ගෞරවයෙන් සැලකීම වැනි දේ අපේ අතීත හැදියාව පෙන්වන සාක්ෂි. (ර)
තපස්සු බල්ලුක ලංකාවේ සිරි හඩු සැය හැදුවේ බුදුන් ගේ කාලයේ . (ර)
ලංකාවේ මුල් ජනාවාස පිහිටුවේ විජයගේ සෙනග නොවේ, උර් දේශයෙන් (බැබිලෝනියාවේ) ඊසාන දිගට ගමන්කළ සෙනගක් විජයට බොහෝ කාලයකට පෙර ඇෆ්ගනිස්තානය හරහා පැමිණ අරාබි මුහුද තරණය කර ලංකාවට පැමිණ ජනාවාස ඇතිකරා. කුවේණි ඔවුන්ගෙන් පැවතෙන්නෙක්, ඔවුන් නමස්කාර කලේ ගින්දරට. (ර)
කාබන් කාලනිර්ණයෙන් පසු බොහෝ තොරතුරු ඉදිරියේදී හෙළිවේවි (නි)
ඒ කලේ අපිට කොච්චර තාක්ෂණයක් තිබුනද..? මොකද දන්නේ නෑ එහෙනම් තාමත් අපි වනසේ කබල් ගන්නේ නේද? (ර)
අනුර සිල්වා, වෘත්තීය පුරාවිද්‍යාඥයන් හට අත්දැකීම් හා පූර්ව පර්යේෂණ මත සාපේක්ෂ කාලනිර්ණ කළ හැකිය. එහි වරදක් නොමැත. (නි)
නැතුව ඉතින් කුවේණිය ඉන්න විදියක් නැනේ. (ර)
බුදුරජානන් වහන්සේ බුදුවෙලා යන අතර තමා තපස්සු බල්ලුක හමුවෙලා කේශධාතු මිටක් දුන්නෙ. ඔවුන් වෙලදාමෙ ලන්කාවට ආවා. ඒ කේශධාතු තාමා තිරියායෙ තාම තියෙන්නෙ. ඉන්දියාවෙන් වෙලදාමෙ මිනිස්සු ආවා, ඒ කියන්නෙ බුදුරජානන් වහන්සේ පිරිනිවෙන්ටත් පෙර. එනම් විජය එන්ටත් පෙර...? (ර)
මෙවැනි සොයාගැනීමක් ගැන බ්රෝහියෙර් තම ලංකාව සොයාගැනීම නම් පොතේ සදහන් කර ඇත . (ර)
ඒ කියන්නේ අපේ ඉතිහාසය වෙනස් වෙනවා.? (ර)
විජය එන්නට පෙර ලංකාවේ මිනිස්සු ඉන්න ඇතියි මමත් විස්වාස කරනවා. (ර)