පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පැදවූ රිය රාජගිරියේදී පාරෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව වැලිකඩ පොලිස් ආරංචි කියයි.
අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා කියා සිටියේ පාර හරහා පැනීමට ගිය පුද්ගලයෙකු බේරාගැනීම සඳහා වාහනය වම් පසට ගත් අවස්ථාවේ එය දුරකථන කුළුණක වැදුණු බවත්, ඒ අවස්ථාවේ තමන් බීමතින් සිටි බවට පළවන වාර්තාවන්හි කිසිඳු සත්‍යතාවයක් නැති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දමිත් , ඔය පෙන්නන්නේ තමාගේ අවබෝධයේ ප්‍රමාණයයි.පේනවද අපේ පොලිසිය කෙතරම් කාර්යයශීලීද කියල.හැබැයි ඉතින් අර කවුද වගේ කාගේවත් පිට පටවල පැනලා නොගිය එක හොදයි. (බ)
ඇප ලැබුනේ සිරිකොතේ වාහනයක් නිසා හොදේ (බ)
රාජගිරියේ ජාති දෙකේ දේශපාලකයෝ දෙන්නෙකුට දෙවිදිහක සැලකිලි (බ)
වාහන හැප්පෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒත් ජනාධිපති කාර්යාලයේ වාහන, රජයේ ආයතනවල වාහන පාවිච්චි කරමින් ඒකට කුලී දෙකක් ගන්න එක.. වාහන ගෙදර අරගෙන යන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. සමහරු හිතන්නේ ජවිපෙ සාමාජිකයෙක්ගෙන් වාහනයක් හැප්පුනාම ඒක ලෝක විනාශේ කියලා. රටට වෙච්චි ලොකුම හානිය කියලා. මෙහෙම මිනිස්සු ඉන්න රටක්නේ මේක. (බ)
වාර්තාවන අන්දමට අලුයම 1ට විතරලු නේද අනතුර සිදු වී තිබෙන්නේ? ඒ වෙලාවට පාර පැන්නේ හොල්මනක්ද දන්නේ නැහැ. (නි)
ශානක, රටේ ජනතාව හරි පාරේ යනවා කියලා හිතනවද? අවුරුදු 68 කින් පස්සේ රට තිබෙන තැන අනුව හිතන්න පුළුවන් ජනතාව ගිහින් තියෙන පාරේ නිවැරදිකම. (නි)
කොහොමත් අපේ රටේ රියදුරන්ට සංවරව විනීතව හා මාර්ග නීතිරීති වලට අනුව රිය පදවන්න නිසි පුහුණුවක් නැහැ. මෙතනදී තරාතිරම අදාළ නැහැ. බහුතරයක් එහෙම තමයි. ඉතින් වරද පටන් ගන්නේ කොතනින්ද කියලා හිතා ගන්න පුළුවන්නේ?(කෞ)
පාටලී මිනිස්සු හප්පලත් අත්අඩංගුවට ගත්තේ නැත......මොකද වෙනස ...(කෞ)
රෝහිත, ඔබගේ අදහසට මම ගරු කරනවා. අපේ මිනිස්සුම තමයි අපේ පන්තියට ගරහන්නේ. මොකද තමන් දන්නේ නැහැ තමන් ඉන්නේ මොන පන්තියේද කියලා (නි)
ඔවැනිම අනතුරු ඉස්සරත් සිද්ධවුණා. ජීවිත නැතිවුණා. එ්ත් නීතිය ක්‍රියාත්මක වුණාද? (නි)
රිය අනතුරකදී හෝ වෙන ඕනෑම අවස්ථාවකදී බීමත්ව රිය පදවා තියෙන බව ජංගම දුරකථනයකින් ලබාගන්නා ඡායාරූපයකින් ඔප්පු කරන්න පුලුවන්තරම් දක්ෂ, උගත්, බුද්ධිමත් අය ජීවත්වන රටේ, ලක්ෂ ගණන් සල්ලි පිටරටට දීලා පරීක්ෂණ බැලුම් ගෙන්වන එක නවත්තන්න ඕනෑ. (නි)
රණවකට නැති නිතිය ජ වී පෙ ට. (අ)
සහෝදරවරුන්ට මේ දවස් වල අපල කාලයක් උද වෙලා තියෙන්නේ .(අ)
විජිත හේරත් කියන්නෙත් අපි වගේ මනුසයෙක්. ඉතින් අයගේ වාහන හැප්පෙන එක සාමාන්‍ය දෙයක්නේ. මෙතනදී පොලිස්ය නිතිය ක්‍රියාත්මක කරලා තියෙන්වයි. එවගේම විජිත හේරත් මහත්මය නීතියට ගරු කරලා තියෙනව. අපි එකට දෙගොලොන්න්ටම ගරු කන්න ඕන. අනික පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලත් මෙයාම මෙයාගේ වහනය පැදගෙන ගිය එක ලොකුද්දෙයක් නේ. (අ)
රෝහිතගේ අදහස අගයමි. වැරදීම් නොවන්නේ කා හටද..? මහජන නියෝජිතයකුට යම් සිදුවීමක් වුණාම එය හොඳ ඉල්ලමක්. විජිත අනතුර වූ පසු පළාගියේ නැහැ. බලපෑම් නොකර නීතියට, පොලිසියට ඉඩදී, රජයේ ගාස්තුත්, මාර්ග අලාභානියට අදාළ ආයතනයන්ට අලාභයත් ගෙවීම පසසමි. මෙය ආදර්ශයක් අනෙකුත් දේශපාලනයට සබැඳි සියලු දෙනාටම. (නි)
රාජගිරියේ පැත්තේම සිද්ද වුණා අනිත් අනතුර ගැන කතාවක්වත් නැහැ දැන්. (අ)
බීලා ඉදල නැහැ. කුණු වෙන්න ගහල විතරයි ඉන්නේ පොටෝ තියනවා ඉන්ටෙර්නෙට් එකේ හැප්පුන වෙලාවේ රියදුරු අසුනේ ඉදගෙනම නැගිටින්න බැරුව ඉන්නවා. සම හරක්ට තේරෙන්නේ නැති වුණාට තේරෙන එකට තේරෙනවා. (අ)
වාහන හැප්පෙනවා තමයි..එක සාමන්‍යලු.බීල වාහන හැප්පෙන එක අසාමාන්‍යද එතකොට? අපි බීල වාහනයක් හැප්පුවොත්,(අ)
2004/5 දීවගේ මේක උනානම් ජයාලා, සමන්ලා කියන අය මොනවගේ දෙයක් කියයි ද දන්නේ නැහැනේ. ඔය මහත්තුරු කඩේ යන්න එක ප්‍රශ්නයක් නෙමෙයි ඒත් රෙද්දක් ඇඟට තිබුනානම් තමයි හොඳ. (අ)
නීතිය සැමට සාධාරණයි විදුලි කනුවට අසාධ්‍යයි (අ)
මනුස්සයෙක්ගේ ජිවිතේ බේරන්ඩ ගිහින් ලයිට් කණුවක හැප්පිච්ච එක ලොකු සිද්දියක් කරලා දානවා හොදට ඉන්න මිනිස්සුන්ව හප්පලා දාල තවමත් යහතින් ඉන්න දෙසපලකයන් ඉන්න රටක් මේක (අ)
ඔය ටිකවත් කලින් කෙනාටත් කළා නම් යහපාලානේ ටිකක්වත් තියනවා කියල හිතන්න තිබුන.(අ)
ඔබතුමන්ලාගේ අතිනුත් වැරදි වෙනවා කියලා දැන්වත් හිතන්න. ඔබතුමන්ලා කතා කරන්නේ වැරදි වෙන්නේ නැහැ වගේනෙ (නි)
කලින් කෙනාගේ එක මීටවැඩිය බරපතලයි. එතන කෙනෙකුට අනතුරක් වුණා. මෙතන ලයිට් කණුවට විතරයි. ඒ වුණත් බීලා ගියා නම් ඉතින් වැරදියි. වැරදි දේ වැරදි විදියට දකින්න පුරුදුවුණා නම් තමා හොඳ (නි)
රාජගිරිය දේශපාලඥයන්ට අපලයි (ම)
ජේවීපි එක අන්තිමට තනියම ඔහේ කියව කියවා ඉන්න, තමන්ගේ පවුලේ කට්ටියවත් ඡන්දෙ දෙන්නේ නැති පක්ෂයක් වෙනවා (නි)
ඔය නිතිය හැමෝටම එක වගේ නැති එක තමයි ප්‍රශ්නය (ම)
නීතිය කාටත් පොදුබව මෙයින්ම පේනවා නේද? (නි)
පේනවනේ ලැබෙන සහයෝගය ඒ නිසා රජයට උදව් කරන්න (ම)
මේ අය කවදත් ඉතින් හරි පාරේ නෙමෙයිනේ ගියේ (නි)
ප්‍රතිචාර බලනකොට සතුටක් දැනෙනවා. මොකද දැන් ජනතාව තරමක් හිතන්න පුරුදුවෙලා වගෙයි. කීපදෙනෙක් පාට කණ්ණාඩි තාමත් දානවා. එ්ක එහෙම තමයි. කොහොමත් මෝඩ මිනිස්සු 100%ක්ම නැති කරන්න බැහැ. (නි)
වාහන අනතුරු වෙනවා, විජිත හේරත් මහතා කියලා විශේෂයක් නැහැ. ඊයේ උදේ මීපෙදී මගේ වාහනයේ පිටුපස වාහනයක් හැපුණා. එහි පිටුපස තව වාහනයක් හැපුණා. මැද වාහනයට විශාල හානියක් වුණා (නි)
කාගේහරි අතින් දුරකථන කණුවක් කැඩුනොත් අත්අඩංගුවට. නමුත් ඒවායේ වයර් පාරමැද තිබිලා වාහන කැඩුනොත් මොකුත්ම නැහැ (නි)
හරියටම හරි ජයා (බ)