ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් වළක්වා නොගැනීමට වරදකරු කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් 1500.00 ක රජයේ ගාස්තු ගෙවන ලෙස ඔහුට නියෝග කළේය.
බීමත්ව රිය පැදවූ බවට ඉදිරිපත් කළ තෙවැනි චෝදනාව බැලූ බැල්මට ඔප්පු කළ නොහැකි බව කී මහේස්ත්‍රාත් ඔහු එම චෝදනාවෙන් නිදහස් කළේය.
මන්ත්‍රී වරයා පරීක්ෂණයට ලක් කළ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.කේ. ජූසාර් ඔහුගේ වාර්තාවේ සඳහන් කර ඇත්තේ ඔහුගේ කටින් මත්පැන් ගඳ වහනය වන බවයි. එහෙත් ඔහු මත් පැන් බී සිටියේ දැයි ඔහුගේ වාර්තාවේ සඳහන් නොවේ. සුමනරත්නට එරෙහිව බොරැල්ල ඕ.අයි.සී නඩු තීන්දුව අනූව සැකකරු ගේ කටින් මත්පැන් ගඳ වහනය වීම නිසාම ඔහු මත් පැන් බී සිටියේ යැයි චෝදනාවක් නැගීමට ප්‍රමාණවත් සාක්කි නැතැයි මහේස්ත්‍රාත් කීවේය.
හානියට පත් දුරකථන කණුව වෙනුවෙන් රුපියල් 17423.00 ක අලාභයක් ගෙවීමට ඔහු එකඟ විය.
ඡායාරූප - ඉෂාන් සංජීව
වීඩියෝ - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සතුටුයිද දැන්......? (නි)
වෙන කෙනෙකුට වුණා නම් බලන්න තිබුණා මෙයාලා කියන දේවල් (නි)
කටින් මත්පැන් ගඳ වහනය වන බව කිව්ව එක හරි ඇති. විජිත මහත්තයා කෑම කාලා කට හොදන්නේ මත්පැන් වලින්ද දන්නෙ නැහැනේ (නි)
පුෂ්ප, හරියටම හරි. දේශපාලකයින්ටත් රටේ මහජනතාවටත් තියෙන්නේ නීති දෙකක් බව පේනවනේ. අදිසි හස්තයකින් බැලුම් පිම්බීම අමතක කරවලා. අපේ රටේ කවදද දේශපාලකයකු වැරදිකරුවකු වුණේ? (නි)
කවුරුත් වැරදි විදියට හිතන්න එපා. ජනතාවගේ බදු මුදලින් යැපෙන මන්ත්‍රී සහෝදරයා මහජනතාව වෙනුවන් මහා රෑ එකට සේවය කරලා තනියම එන ගමන් අහම්බෙන් වෙච්ච සිද්ධියක්. මහන්සියට ෆොටෝ වල මුහුණ බීලා වගේ පෙනුනට පොලිස් නිලධාරියාට මත් ගඳ දැනුනට, එහෙම බැලූ බැල්මට ඔප්පු කරන්න බැහැනේ! (නි)
ඇයි දෙවියනේ පොලිසිය පුරුදු වෙන්න රස්සාව කරනවද? ඔප්පු කරන්න බැරි චෝදනා දාන්න ගිහිල්ලා නිකන් පල්වෙනවා (නි)
කසිප්පු බිව්වොත් කටින් ගඳ එන්නේ නැත. එසේම අරක්කු බොන්නට තරම් සල්ලි මේ අහිංසක දුප්පත් සමාජවාදී අය ළඟ තිබේද? (නි)
මේ වගේ අවස්ථාවල පාවිච්චි කරන්න පොලිසියට බැලුම් දීලා තියනවා නේද? (නි)
තාමත් මේ රටේ මිනිහෙක් බීලද නැද්ද කියල වෛද්‍යයවරයෙක්ට හරියට වාර්තාවක්වත් දීගන්න බැහැනේ. (හේ)
අවශ්‍යතාවය විජිත හේරත් බීලා හිටියා කියන අදහස සමාජගත කිරීම බව පැහැදිලියි. බිව්වා නොබිව්වා කියන කාරණය වෙනම කතාවක්. (හේ)
අපේ රටේ නිලධාරී ක්‍රියාකරන හැටි තමයි මේ. බීලා කියන්නේ කට ඉඹලා බලලද? (හේ)
ඔහු බිලා හිටියේ නෑ තමයි.(හේ)
අනේ ජවිපෙ කට්ටිය රහසින්වත් පවු කරන අය නොවෙයි (නි)
බීපු නොබිපු බව අදාළ නැහැ අපිට නම්... (නි)
ලංකාවේ පළමු වතාවට දේශපාලකයකු නිහතමානිව තමන්ගේ වරද පිළිගත් අවස්ථාවක්. ඔවුන්ගේ දේශපාලන භාවිතාවේ යම් යම් ගැටළු තිබුනත් මේ රටේ යම්කිසි විනයක් සහිත දේශපාලන පක්ෂයක් ඇත්නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණයි (නි)
ඇයි බැලුම් පිම්බුවේ නැත්තේ? (නි)
මේකට අදහස් දමද්දී මමත් බලාගෙන හිටියේ කට්ටිය හොඳට බනී කියලයි. එ්ත් කිසි වැඩක් නැහැ (නි)
අපේ රටේ ඊනියා උගතුන් දන්නේ නැහැ ශ්‍රී ලංකාවද ඇතුළුව බොහොමයක් රටවල තියෙනවා ( මද්‍යසාරය රහිත බීර වගේ බීම වර්ග. ඒවායේ ගඳ, මද්‍යසාරය සහිත බීර වලින් එන ගදටම සමානයි. එනිසා තමයි ගඳ ආ පමණින් මද්‍යසාරය පාවිචිචි කළ බවට තීරණය නොකරන්නේ. (බ)
සමහර වෙලාවලට මේ රටේ පොලීසිය හැසිරෙන්නේ නිකන් මන්ද බුද්ධික ස්වභාවයෙන්. පොඩි පරීක්ෂණයක්වත් කරගන්න බැහැ වගේ. පහුගිය දවස් වල මළ මිනී කීයක් ගොඩ ගත්තද ආයේ ආයේ පරික්ෂා කරන්න. (බ)
එ් කිව්වේ මෙතුමා කට හෝදලා තියෙන්නේ මත්පැන් වලින් වෙන්න ඇති (නි)
මෙන්න ආදර්ශමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. වරදක් සිදුවුණා. එ්ක නිහතමානිව පිළිගත්තා. වෙන අය නම් ඔහොම කරයිද. (නි)
දැන් රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය මේක තමයි. බීලද? නැද්ද? (නි)
මේ සිද්ධිය සාමාන්‍ය පුරවෙසියකු අතින් වුණා නම්, ලොකු දඩ මුදලක් ගහලා, බිලා කියාලත් කොහොමහරි ඔප්පු කරලා. මේ අය කඩේ යන්නෙත් ඉතින් මේ පවතින රජයටනේ (නි)
එතකොට බීලා හිටියේ කවුද? නිකන් කාලය නාස්ති කළා විතරයි. (නි)
පුදුම පොලිසියක්නේ! අපි ගියා නම් බැලුම් පුම්බනවා (නි)
විහිළු කතාවක්නේ. කට ඉඹලා මත්පැන් බිලා කියලා වාර්තා දෙනවද? මිදි කාලා හිටියා නම් කටින් එන්නේ වයින් සුවඳනේ. (නි)
එතකොට මන්ත්‍රීවරයා පරීක්ෂණයට ලක්කළ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.කේ. ජූසාර් ඔහුගේ වාර්තාවේ ඔහුගේ කටින් මත්පැන් ගඳ වහනය වන බව සඳහන් කර ඇත්තේ ඇයි? (නි)
ඔහු යහපත් පුරවැසියෙක්. (නි)
බීලා හිටියත් නැතත් ඒ මහත්තයා අතින් මිනිසෙකුට හානියක් වුණේ නැහැනේ (නි)
මට හිතාගන්න බැරි මොකද මේ අනතුර ගැන ඔයතරම් කෑ ගහන්නේ කියලා. හරියට අවුරුදු ගණනාවකින් ලංකාවේ සිදුවුණ එකම අනතුර මේක වගේ. (නි)
යහපාලනයක අරුමය ඔන්න ඕකයි (නි)
ජවිපෙ සාමාජිකයන්ට සුරාපානය තහනම්. බීලා අහුවුණා නම් තත්ත්වය බරපතළ වෙන්න තිබුණා (නි)
කටින් මත්පැන් ගඳ වහනයවුණා, නමුත් බීලා නැහැ. කවුරුහරි තරහට කටට මත්පැන් ඉස්සද කවුද දන්නේ? (නි)
අනතුර වෙලා තියෙන්නේ පාරේ ගිය මනුස්සයෙක් බේරගන්න ගිහින්. සමහරු බලාගෙන හිටියා මේක අල්ලාගෙන ජවිපෙට මඩ ගහන්න. (ර)
මේ වගේ දේවල් අපි වහනයක් පදවද්දී හැමෝටම වෙන්න පුළුවන් අනතුරක්. මේක සාමාන්‍ය දෙයක් මොකද හිතල කිසිම කෙනෙක් හප්පන්නේ නැනේ. (ර)
ජවිපෙ පූර්ණකාලීනව මතට තිත තබා ඇති බව ජනතාව දන්නවා. බොරු ප්‍රචාර යවා ජනතාව නොමඟ යවන්න අනෙක් දේශපාලකයෝ කටයුතු කරනවා. (නි)
පොඩ්ඩක් ගහලා ඉන්න එක ඒ හැටි වරදක් නෙමෙයි මට හිතෙන විදියට. මෙතෙනදි කාටවත් ඕනෑවුණේ නැහැ මේක වැඩිදුර ගෙනියන්න. (නි)
මෙහෙමත් කතා? මත්පැන් බීලද කියලා බලන්න ඕනෑතරම් පරීක්ෂණ තියෙන්නේ. මොකද ඒ පරීක්ෂණ කරන්න තිබුන අමාරුව. (නි)
හොඳ ආදර්ශයක්. (ම)
මමත් බීලා මගේ වාහනේ යනකොට රාජකාරි කරන නිලධාරීන් 4ක් මාව ඇල්ලුවා. අල්ලලා පොලිසියට එක්ක ගිහින් බැලුම පුම්බන්න දීලා නඩු දැම්මා. මෙයාට බැලුමක් දුන්න නැත්තේ ඇයි? ඒ පිළිබඳව දන්නා අයෙක් ඉන්නවා නම් කියන්න මොකද්ද හරි කියලා (නි)
අනේ අපි මේවට මොනවා කියන්නද? (නි)
මා අසා ඇති ආකාරයට නම් විජිත හේරත් මත්පැන් පානය කරන්නේ නැහැ. එ්ත් අපි දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා. (නි)
ඔය කියන දේවල් දිහා බැලුවහම බීලා කියලයි මට නම් හිතෙන්නේ (නි)
අපි නොදනී, දෙවියෝ දනී. (නි)
බීමත්ව රිය පැදවූ බවට ඉදිරිපත් කළ තෙවැනි චෝදනාව බැලූ බැල්මට ඔප්පු කළ නොහැක්කේ පොලිසිය ඔහුව රුධිර පරීක්ෂණයකට භාජනය නොකළ නිසාද? (නි)
බීලද නැද්ද කියලා බැලු බැල්මට කියන්න පුලුවන්ද? අපිට ඔහොම දෙයක් වුණා නම් බීලද නැද්ද තීරණය කරන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව පදනම් කරගෙනයි. (නි)
බීමත්ව රිය පැදෙව්වා කියලා නිකම් චෝදනා කරන්න බැහැනේ. ඒවා බැලූ බැල්මට ඔප්පු කරන්නවත්, නොකරන්නවත් බැහැ. සමහරවිට මිනිස්සු වෙරි වෙලා වගේ පෙනෙන ලෙඩ රෝග තියනවා. (නි)
මෙතරම් හදිස්සියට නඩුත් අහලා දඩත් ගහලා ඉවරයි (නි)
බීම නොබීම පක්ෂයක ප්‍රතිපත්තියක් නොවී තමාගේ පෞද්ගලික තීරණයක් විය යුතුය. පක්ෂයක් ආගමක් තත්වයට වැටුනොත් එයම එහි ගමනක අවසානය වේ. බීමට අමතරව අනික් බොහෝ සරධර්මද එසේමය. (ර)
දැන් ලංකාවේ මනුස්සයන්ට තියෙන එකම ප්‍රශ්නය විජිත හේරත් බීලද නැද්ද කියන එකද?.. වාහනවලට දුරකථන ගාස්තු වලට බදු වැඩි වුණා ඒවා ගැන කතාවක්වත් නෑ. (ම)
සාමාන්‍ය අනතුරක්, සරල සිදුවීමක්, සමහරුන්ට ලේ වෑහෙන මස් වැදැල්ලක් (නි)
විජිත හේරත් බිලා නැහැ. ලයිට් කණුව බිලා. මේක කුමන්ත්‍රණයක්. වහාම පරීක්ෂණ කරන්න (නි)
බොහෝ දෙනා කිවුවා බීමතින් හිටියා කියලා. කොයිතරම් වැරදිද? නිවැරදි තීරණය ලැබෙනකොට අපහාසය කරලා ඉවරයි. මේ සඳහා යම් නීතියක් තිබිය යුතුයි. (නි)
අපේ දේශපාලන මතය කුමක් වුවත් මේ විදිහට කාගේ හෝ අතපසුවීමකට එහෙම කරන එක හොඳ නැහැ නේද? ඊයේ ඔහුට වුණ වැරදීම හෙට ඔබට හෝ මට සිදුවිය හැකියි (නි)
බිලා නැද්ද? නැත්නම් බීලා කියලා ඔප්පු කරන්න අවශ්‍ය සාක්කි ඉදිරිපත් වෙලා නැද්ද? (නි)
මේක මේ වගේ කට්ටියට වුණ නිසා 1500න් බේරුනා. අපිට වුණා නම් කොහොමට තියෙයිද? (නි)
ඉතින් විජිත හේරත්ට බොන්න හොඳ නැති හේතුවකුත් නැහැනේ (නි)
අනේ අපි දන්නෙ නැහැ මේවා (නි)
බැලු බැල්මට ඔප්පු කරන්න බැරි නිසා බීමතින් සිටි එකට දඬුවම් නැහැ. සිද්ධිය වුණ තැන හිටපු අය දැකලා තියෙන්නේ කොහොමද? (නි)
නැහැ නැහැ බිලා සිටියේ නැහැ. පොඩ්ඩක් ගහලා ඉන්න ඇති මද පමණට. ඉතින් කවුද කිව්වේ බිලා කියලා (නි)
එ්ත් කවුරු කවුරුත් දේශපාලකයෝ දැනගන්න ඕනෑ රියදුරු මහතෙක් රිය පැදවීමට යොදන්න. මොකද අනතුරකදී සිර දඬුවම් විඳීමට පවා සිද්ධවෙන්න පුළුවන්. (නි)
වැඩි කතා ඕනේ නැහැ..බලය අනුව නීතිය ක්‍රියාත්මක වන බව පෙන්වන තවත් උදාහරණයක් විතරයි... (ම)
ඔයිට වඩා දේවල් ඔප්පු වුණේ නෑනේ උසාවියේදී (ම)
ඒ ගැන ගොඩක් සතුටුයි.(හේ)
අපි දන්නවා ඔහු නිවැරැදියි කියලා.(හේ)
කිසිම සාක්කියක් නැතුව නිකම්ම කටින් මත්පැන් ගඳ වහනය වේ කියලා චෝදනාවක් ඉදිරිපත් කරන්න පොලිසියකට හැකියාවක් තියෙනවද? අපි දන්නා නීතියේ හැටියට නම් බැලුන් පිම්බීමක් හෝ ලේ මුත්‍රා පරීක්ෂාවක් නැතුව පොලිස් නිලධාරියෙක්ට හිතෙන යම් සිතුවිල්ලක් මත මෙහෙම චෝදනාවක් අධිකරණයකට ඉදිරිපත් කරන්න බැහැ. (බ)
අනේ මන්ද, වෙන රට වල "බැලූ බැල්මට" බීලද කියලා ඔප්පු කරන්නේ නැහැ. අනතුරක් වුන වහාම බැලුම් බැල්ම බලනවා. මේ මහතා බිලා නොසිටියා වෙන්න පුළුවන්. නමුත් අනතුරකින් පසු වහාම නිසි ක්‍රමවේදයකට අනුව රියදුරා මත් ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්ද යන්න බැලිය යුතුයි. (හේ)
දැන් දැක්කා නේද මොහු වැරැදි නෑ කියලා.(හේ)
බීල හිටියා නම් ජේවීපී එක ඉවරෙටම ඉවරයි නේද? මෙලහකටත් පතුරු ගහලා (නි)
දැන් බලනකොට බීලා ඉඳලා තියෙන්නේ ලයිට් කණුව. (නි)
ඔප්පු කරන්න බැරිනම් කරන්න දෙයක් නැහැනේ... (ර)
කොහොම උනත් ඔහු හොඳ මහත්තයෙක් වගේ වරද පිළිගත්තා. දඩත් ගෙව්වා. මේ වගේ නිහතමානී දේශපාලඥයෝ රටට අවශ්‍යයි. (ර)