මහජනයා නොමග යවන අයුරින් අසත්‍ය ප්‍රකාශ කළේයැයි සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යොතිර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණිසංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
රුපියල් 1,000,000 බැගින් ශරීර ඇප දෙකක් හා රුපියල් 10,000 මුදල් ඇපයක් සැකකරුට නියම විය.
රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් රෝහණ මහතා ඊයේ (31) රාත්‍රී මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළ අතර එහිදී ඇප නියම වුවත් ඇප කොන්දේසි සපිරීමට අවස්ථාවක් නොවූයෙන් ඔහු බන්ධනාගාර ගත කැරිණි.
සැකකරු අද ඇප තැන්පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර ගිහාම තමන්ගේ කේන්ද්‍රයත් බලා ගත්තොත් නරකද? (බ)
වොක්ස් වැගන් කම්හලක් දානව කියල අණ්ඩරයක් දුන් අගමැතිවත් මේ විදියට හිරේ දායිද මන්දා (බ)
ඇයි..? සෙනවි, කටේ දත් ගානට බොරු කියන කෙනෙක් ඉන්නේ.එහෙමනම් එයා කී වතාවක් හිරේ දාන්න ඕනද? (බ)
ජනතාව නොමග යවන මෙවැනි විකාරකාරයන්ට නිසි දඬුවම් දීම අවශ්‍යයි. මාධ්‍ය නිදහස අයතා ලෙස පාවිච්චි කිරීම රටේ විනය අඩුවීමට හේතුවක්. (බ)
මං මේ තවමත් කල්පනා කරන්නේ මේ හාදයව අත් අඩංගුවට ගත්තේ අනාවැකිය වැරදුන හින්දා කියල?(ම)
කැබිනට් මණ්ඩලය ඇතුළු මුළු රජයම ජනතාව නොමග යවනකොට.මේ මනුස්සය කියන එක ඇයි මේ ලොකුවට ගන්නනේ අනික විජිත.රෝහණ කියන්නේ අපේරට ආක්‍රමණය කරන්න අපු සුපිරි බලවතෙකුට.පාඩමක් උගන්නපු පුද්ගලයෙක් (අ)
වල් බුරු නිදහස පාලනය කරන්න. සඳුදා ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ සේවය නොකළ අයට දඩුවම් කරන්න. (අ)
බොරු වපුරවා ජනතාව නොමග අරින , අනිසි කලබල ඇති වන කටයුතු කරන හොර ජෝතිෂ්‍ය කරුවන්ට සදා කල් සිර ගෙට දැමීමට කටයුතු කරනවා (ම)
බොරු කියන එකක්, අනාවැකි කියන එක තව එකක්. ඔය විදිහට නවකතාවක් ලියන්නත් බැරිවෙයි නේද? මහා බරපතල වැරද්දක් කළා වගේනේ ඇප මුදල. ඇයි ඔය අනාවැකි ගැන ඔච්චර පසුපස යන්නේ. (නි)
මෙයා වගේ අර අනිත් කෙනාවත් අත්අඩංගුවට ගනීවිද? (ර)
සුමිත්‍ර ඔය කියන හාදයාගේ දන්ත්ර සූත්‍රය අමුතු එකක් 32 නෙමි මිලියන 32 ක් විතර ඇති කියපු සහ කියන බොරු. (ර)