මහජනයා නොමග යන ආකාරයෙන් අසත්‍ය අනාවැකි පළ කළැයි සැකපිට ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
රජීව් ගාන්ධි මහතාට තුවක්කු බඳෙන් ගැසීයැයි එකළ අත්අඩංගුවට පත් වූයේ ද විජිත රෝහණ මහතාය.
වත්මන් ජනාධිපතිවරයාගේ අයුකාලය ගැන අනාවැකියක් පසුගියදා ඔහු ප්‍රකාශ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය විවාදයට තුඩුදෙන කරුණක්.නීතිය අනුව ඔහු වරදක් කර තිබෙනවා නම් පමණයි ඔහු වරදකරුවෙකු වන්නේ.මට හිතෙන විධියට ඔහු සිය අනාවැකියක් පළකර තිබෙනවා. ඒ විෂය පිලිබන්ධව ඔහුට විශේෂ දැනුමක් ඇති නම් ඔහුට කිසිවෙකුට සිය මතය පල කිරිමට හැකියි.කෙසේ නමුත් ඔහු අපරාධ නීතිය අනුව වරදක් කලානම් පොලිසියට නඩු පැවරිය හැකියි. ඔහු වීරයෙක් ලෙස අප බොහෝ දෙනෙක් පිළිගන්නවා එකල ඉන්දියාව අපට මැදිහත්වූ කල ඔහු කටයුතුකළ කර ඇති හැටි බලන කොට.(හේ)
බැරි දේ නොකියා ඉන්න ඕනෑ. ජනප්‍රිය වෙන්න බොරු කියලා බැහැ. (නි)
හොඳ වැඩේ. ඔහොම තමා වෙන්න ඕනෑ (නි)
අනාවැකියක් එක්කෝ හරියනවා. නැත්නම් වරදිනවා. එ්කට අත්අඩංගුවට අරගන්නේ ඇයි? (නි)
ඉතින් මීටකලිනුත් ඕනෑතරම් අය කියපු අනාවැකි වැරදිලා තියෙන්නේ. අනික මහජනයා නොමඟ ගියේ යහපාලන බොරු වලට මිසක් අනාවැකි වලට නෙමෙයි. (නි)
එකපාරක් අතීතයට බලපාන නීති දාලා හිරේට ගත්තා. මතක නැතුව මෙයත් මේ ආණ්ඩුව තියෙද්දීම මේකට පැටලුනානේ? කියන කරන එකක් මේ යහපාලනේට කලින් තිබුණු යහපලානේ කාලේදී කරන්න තිබුනනේ? (නි)
මේ වගේ කාට කාටත් හොඳ පාඩම් (නි)
ඔහොම යමුකෝ! (නි)
මේ අය එදා ඉඳලම ජනතාව නොමඟ යවමින්, අහිංසක ජනතාව රවටා මුදල් ඉපැයූවා. (නි)
අවුරුදු දෙකකට කලින් විසිරෙව්වොත් ආයෙත් ජනාධිපති වෙනවාමයි කියාපු කෙනාවත් මහජනයා නොමඟ යැව්වා කියලා මේ නීතිය යටතේ හිරේ දාන්න බැරිද අම්මපා? (නි)
දමයන්ති, බොරු අනාවැකි වෙනුවට බොරු පොරොන්දු දුන් අයට කට නිසා මාළුවා රජ වේ කියලද කියන්නේ..? (නි)
බලනකොට මෙයා අපේ කාලයේ වීරයෙක්නේ! (නි)
බොරු අනාවැකි කියන හැමෝම අත්අඩංගුවට ගන්න ඕනෑ. කාගේද අනාවැකි හරිගියේ? (නි)
රාජ්‍ය රහසක් හෙලිකරලවද්ද? (අ)
දැන් කඩේ ගිය අයට කියන්න බේරගන්න කියලා (බ)
මතක හිටින දඬුවමක් දෙන්න ඕනේ අනිත් කේන්දර කාරයන්ටත් උන ගැනෙන්න. මිනිහෙක් මැරෙනවා වුණත් ඔහොම පොල්ලෙන් ගැහුවා වගේ කියනවද. (ර)
ලංකාව පලවෙනි වතාවට අනාවැකියක් නිසා ජ්යෝතීර්වේදීයෙක් අත්අඩංගුවේ. එතකොට සුමනදාස අංකල්ව අත්අඩංගුවට ගන්නේ කවද්ද? (ම)
අනේ රෝහණ නොදුටු මොක් පුර (ම)
මතක හිටින දඬුවමක් දෙන්න ඕනේ අනිත් කේන්දර කාරයන්ටත් උන ගැනෙන්න. මිනිහෙක් මැරෙනවා වුණත් ඔහොම පොල්ලෙන් ගැහුවා වගේ කියනවද. (ම)
අනුන් ගේ වෙලාව ගැන කියා කියා ඉන්න පෙර තමන්ගේ වෙලාව බලා ගන්න තිබ්බනේ ඒවා ඇත්ත නම් අද අත් අත්ඩංගුවට පත් වෙන බව දැන් ගෙන වැඩ කරන්න තිබ්බනේ (ම)
කිසිමදාක බොරුවක් නොකියපු කෙනෙක් ඇත්නම් මොහුට දඬුවම් කරන්න (බ)
මහජනයා නොමග යන අනාවැකි කියන ජ්යෝතීර්වේදීකුට ලංකාවේ ඉන්නේ විජිත රෝහණ විජේමුණි විතරද ? (ම)
කට නිසා මාළුවා නසී කියන්නේ ඕකට තමයි.(හේ)