ප්‍රතිජීවක හා වාජීකරණ ඖෂධ වෛද්‍ය නිර්දේශය නොමැතිව නිකුත් කරන ෆාමසි වැටලීමේ මෙහෙයුමක් විලවුන් උපකරණ ඖෂධ නියාමන අධිකාරිය පෙරේදා (05) ඇරැඹීය.
මේ අනුව කැකිරාව දඹුල්ලේ ෆාමසි දෙකකින් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කළ බව කියන දෙදෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.
ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හේතුවෙන් ඇතැම් රෝග සඳහා රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගැටළුවක් බවට රෝහල් වාර්තා පෙන්වා දෙයි.
ඊට අමතරව ලිංගික උත්තේජන ඖෂධ හිතුමතේ ගැනීමෙන් ද විවිධ අවදානම් තත්ත්ව මතු වී ඇත.
ඇතැම් ප්‍රබල ඖෂධ යොදා මත් වන දියර සකස් කැර දරුවන් හා තරුණ පිරිස් අතරට යැවීමේ ජාවාරමක් පවතින බවද අධිකාරිය අනාවරණය කැරගෙන ඇත.
අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ උපදෙස් මත ඖෂධ හා ආහාර පරීක්ෂකවරුන් වන සී එෆ් ගුරුසිංහ ,මහින්ද සිසිර කුමාර මහත්වරු මෙම වැටලීම් කරති.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාජීකරණ බේතටත් වැටක්
කුමාරිහාමි Friday, 06 June 2014 03:12 PM
ඔය ෆාමසි දෙකේ නම් කිව්ව නම් අපිටත් ඔය බෙහෙත් පස්සේ දවසක ගන්න පුළුවන් නේ. (ස)
රම්සි Saturday, 07 June 2014 08:35 AM
පාමසි වලට ගිහින් මොකට කරදර වෙනවද. හන්දියේ මාළු කඩේට ත්‍රීවීල් පාක් එකට, ලොතරැයි කුඩුවට ගියාම ගංජා අබින් හෙරොයින් ඕන එකක් පට් ගාල ගන්න පුළුවන්. (නදී)
අහිංසා Friday, 06 June 2014 05:00 PM
මේක නම් මහා ඉරිසියා කාරයෙකුගේ වැඩක්.රජ කාළෙත් ඔය වාජීකරණ බෙහෙත් තිබිලා තියෙනවා.දැන් තමයි මේගොල්ලන්ට ඕවා පාලනය කරන්න හිතෙන්නේ....එතකොට පෙරහැර ගිහින් ඉවරයි.(අ)
මංජුල Friday, 06 June 2014 06:14 PM
අනේ මන්දා! දැන් රට පුරාම වංචාව ක්‍රියාත්මක වෙලා (නි)
කුමාර Friday, 06 June 2014 07:03 PM
මම නම් කියන්නේ ෆාමසි අල්ලලා වැඩක් නැහැ කියලයි. මොකද ෆාමසි වල අය ගෙවල් වලට ගිහින් බෙහෙත් විකුණන්නේ නැහැනේ. මිනිසුන් ඉල්ලුවහම එයාලට දෙන්න වෙනවා (නි)