ප්‍රතිජීවක හා වාජීකරණ ඖෂධ වෛද්‍ය නිර්දේශය නොමැතිව නිකුත් කරන ෆාමසි වැටලීමේ මෙහෙයුමක් විලවුන් උපකරණ ඖෂධ නියාමන අධිකාරිය පෙරේදා (05) ඇරැඹීය.
මේ අනුව කැකිරාව දඹුල්ලේ ෆාමසි දෙකකින් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කළ බව කියන දෙදෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.
ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හේතුවෙන් ඇතැම් රෝග සඳහා රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගැටළුවක් බවට රෝහල් වාර්තා පෙන්වා දෙයි.
ඊට අමතරව ලිංගික උත්තේජන ඖෂධ හිතුමතේ ගැනීමෙන් ද විවිධ අවදානම් තත්ත්ව මතු වී ඇත.
ඇතැම් ප්‍රබල ඖෂධ යොදා මත් වන දියර සකස් කැර දරුවන් හා තරුණ පිරිස් අතරට යැවීමේ ජාවාරමක් පවතින බවද අධිකාරිය අනාවරණය කැරගෙන ඇත.
අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ උපදෙස් මත ඖෂධ හා ආහාර පරීක්ෂකවරුන් වන සී එෆ් ගුරුසිංහ ,මහින්ද සිසිර කුමාර මහත්වරු මෙම වැටලීම් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ෆාමසි දෙකේ නම් කිව්ව නම් අපිටත් ඔය බෙහෙත් පස්සේ දවසක ගන්න පුළුවන් නේ. (ස)
පාමසි වලට ගිහින් මොකට කරදර වෙනවද. හන්දියේ මාළු කඩේට ත්‍රීවීල් පාක් එකට, ලොතරැයි කුඩුවට ගියාම ගංජා අබින් හෙරොයින් ඕන එකක් පට් ගාල ගන්න පුළුවන්. (නදී)
මේක නම් මහා ඉරිසියා කාරයෙකුගේ වැඩක්.රජ කාළෙත් ඔය වාජීකරණ බෙහෙත් තිබිලා තියෙනවා.දැන් තමයි මේගොල්ලන්ට ඕවා පාලනය කරන්න හිතෙන්නේ....එතකොට පෙරහැර ගිහින් ඉවරයි.(අ)
අනේ මන්දා! දැන් රට පුරාම වංචාව ක්‍රියාත්මක වෙලා (නි)
මම නම් කියන්නේ ෆාමසි අල්ලලා වැඩක් නැහැ කියලයි. මොකද ෆාමසි වල අය ගෙවල් වලට ගිහින් බෙහෙත් විකුණන්නේ නැහැනේ. මිනිසුන් ඉල්ලුවහම එයාලට දෙන්න වෙනවා (නි)