IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


‘‘වංචාවට, දූෂණයට නාස්තියට තිත තබනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

වංචාවට, දූෂණයට නාස්තියට තිත තබා බංකොලොත් රට ගොඩගත හැකි දුප්පත්කම තුරන් කරන ජනතාවාදි ප්‍රතිපත්ති ප්‍රකාශය සමගි ජනසන්ධානය එළිදැක්වූ බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පූගොඩදී පැවසීය.

ජීවමාන බුදුන්වහන්සේ ලෙස සැලකිය හැකි දළදා වහන්සේගෙන් මෙන්ම මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආශිර්වාදය ගෙන සැවොම ජයග්‍රහණය කරවන රට ගොඩ නගන ප්‍රජා කේන්ද්‍රීය වැඩපිළිවෙළ එළි දැක්වූ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

බිම්මට්ටමේ අදහස් යෝජනා අනුව විශේෂඥයන්, වෘත්තිය වේදීන් උගතුන් බුද්ධිමතුත් ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් බවත් එය සකස් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ විසිපස් වැනි විජයග්‍රාහී ජන රැළිය පුගොඩ දී අමතමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

මෙරට ඉහල සිට පහලට ක්‍රියාත්මක දුෂනය වංචාව හොරකම අල්ලස ඉවත් කර ජනතාව රැකගන්න ජනතාව ජීවත් කරවන පොදුජන යුගයක් එළඹෙන සැප්තැම්බර් 21 නිර්මාණය කරන බව දළදා වහන්සේ ඉදිරිපිට ප්‍රතිඥා දුන් බවත් විපක්ෂනායකවරයා පැවසීය.

රට ගොඩනගන “සැමට ජයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය තමා සතුව සිටින දක්ෂ කණ්ඩායම සමග ක්‍රියාවට නංවන බවත් ඔහු සඳහන් කළේය.

ගොවියා,ධීවරයා, කාන්තාව, තරුණයන් බාල මහලු ආදී ජන සමාජයේ සියලු දෙනා වෙනුවෙන් ශක්තිය ලබා දෙන වැදගත් ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඇති බවත් ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු මෙය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

සක්වල හා හුස්ම වැනි වැඩසටහන් හරහා රු. බිලියනයක සේවාවක් ඉටු කිරීමට හැකිවූ බවත් ඒ අනුව යමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරන බවත් ඔහු සඳහන් කලේය. වත්මන් ආණ්ඩුව සියල්ල අනාගනිමින් යන බවත් පාස්පෝට් ටිකවත් හරියට දී ගන්න බැරි තත්වයට ආණ්ඩුව පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගරුසරු රටක පදනම ගොඩනගන සැමට ජයක් සමගි රටක් ප්‍රතිපත්ති මාලාව තුළ මැද මාවත හරහා රැකී රක්ෂා ඇති කර දුගී දුප්පත්කම තුරන් කර සාඩම්බර රටක් ගොඩනගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.



අදහස් (11)

‘‘වංචාවට, දූෂණයට නාස්තියට තිත තබනවා‘‘

Perera Friday, 30 August 2024 01:30 PM

ඔහෙගෙ වටේ එහෙම අය ඉන්න එකනේ ප්‍රශ්නේ..!

:       1       33

සෙනෙවිරත්න Friday, 30 August 2024 01:33 PM

සුජීව සේනසිංහට ඇසේවි, හයියෙන් කියන්න එපා... මේ වෙලාවේ එයා ඉන්නම ඕනෑ...!

:       0       34

Nilantha Friday, 30 August 2024 02:18 PM

එහෙම කරන්නේ කොහොමද ?අපේ උත්තරීතර නායක අනුරයියා කියන්නේ සියලුම ගුරුවරු ඇතුළු සියලු රාජ්‍ය සේවයේ පිරිසත් පොලිසිය ඇතුළු සියලුම ආරක්ෂක අංශවල අයත් සියලු විශ්‍රාමික පොලිස් හා හමුදා නිලධාරි සියලු දෙනාම දැන් මාලිමාව වෙනුවෙන් ඇපවෙලා, කැපවෙලා ඉන්නවා. එනිසා අනුරයියාට හැර කිසිවෙකුට මොනවත් කරන්න බැහැ කියලා නේද? එහෙම තියෙද්දී ආණ්ඩුව අරගෙන ඔහේ මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ කියලාත් පැහැදිලි කරන්න...

:       2       12

GAMA VARESE Friday, 30 August 2024 02:20 PM

අක්කත් එක්ක එකතු වෙලා වෙන්න ඇති නේද? කිසිම වංචාවක් නැති අය නේද?

:       1       24

charith Friday, 30 August 2024 02:45 PM

බලය නැති වෙලා විපක්ෂයේ වුණාම තමයි දූෂණය, වංචාව, නාස්තිය, දිළිඳු බව, පොඩිමිනිහගේ බඩගින්න, අමාරුකම් මතක් වෙන්නේ. බලේ ඉද්දි නෝ කතා නෝ සිනා... මොකෝ මෙයත් ආණ්ඩුවල හිටියේම නෑද්ද...? ඔක්කොම මේ ටිකේ පොඩි බබාල වෙලා ඉන්නේ...!

:       0       15

ගමේ එකාලා Friday, 30 August 2024 04:16 PM

ගෙම්බෝ වගේ පනින දූෂිත දේශපාලුවෝ හැම කෙනෙක්ම බාර ගන්න තමුන්, අපිව රවට්ටන්ඩ හිතුවා මදි. තමුන්ගේ කෙරුවාවල් ගැන අපි හොඳට දන්නවා...

:       0       18

Nihal Friday, 30 August 2024 06:12 PM

මහ බැංකු හොරකමේ ලක්ෂ 30 කොටසක් ලැබුණු චූතියෙක් ඔඩොක්කුවේ තියාගෙන මේවා කියන්නේ කටින්ද?

:       1       11

Nihal Friday, 30 August 2024 06:15 PM

බැංකු මංකොල්ලෙන් ලක්ෂ මුදලක් ලැබුණු කෙනෙක් ළඟට ගත්තා... අපි මේ ඔක්කෝම සංදර්ශන බලාගෙන ඉන්නේ...!

:       1       10

Chandra Saturday, 31 August 2024 07:02 AM

හොර සල්ලි අච්චු ගහන එක, නිධන් හාරන එක වංචා හා දූෂණ වලින් අයින් කරනවාද?

:       0       2

Thunmulle Ridme Saturday, 31 August 2024 11:03 AM

කොහෙන් හිනාවෙයිද දන්නේ නෑ...? මිනිස්සු දැන් බුද්ධිමත්, ඔයාගේ ගොන් කතාවලට අහුවෙන්න...

:       0       2

Rata Perata Saturday, 31 August 2024 01:03 PM

අර දුලංජලීගේ හොරසල්ලි කේස් එකට මොකද කරන්නේ කියලා කියන්න ඉස්සරවෙලාම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 333 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16507 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 622 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site